UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

කොළඹ දී ඇසළ මහා සිසු පෙරහර පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් දොළොස් දහසකගේ පමණ සහභාගිත්වයෙන් ඉකුත් දා (14) පැවැත්විණි. කොළඹ හැව්ලොක් පාරේ පිහිටි ශ්‍රී‍්‍ර සම්බුද්ධත්ව ජයන්ති මන්දිරය දක්වා එම පෙරහර ගමන් ගත් අයුරු.

එම ඇසළ මහා සිසු පෙරහර පිළිගැනීමට පැමිණි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ සිට පෙරහර නැරඹූ අවස්ථාව. දෙහිවල නැදිමාලේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ කිරම විමලජෝති නාහිමි, අගමැති දි.මු. ජයරත්න, අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, දිනේෂ් ගුණවර්ධන, පාඨලී චම්පික රණවක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ආර්.පී. සූරියප්පෙරුම යන මැති ඇමැතිවරුන්ද මෙහි වෙති.
ඡායාරූප දුෂ්මන්ත මායාදුන්න

රාජගිරිය කලපළුවාව ශ්‍රී ධර්ම විහාරස්ථානයේ පිත්තලෙන් නිමවන ලද “සෞභාග්‍යයේ මහ සෑය” ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් ඉකුත් දා ( 11 ) විවෘත කැරිණි. අනතුරුව එහිදී පිරිස ප්‍රථම මල් පූජාවට සහභාගිවූ අවස්ථාව. විහාරාධිපති ආචාර්ය දෙල්දූවේ ඤාණසුමන හිමි, ජ්‍යෙෂ්ඨ ඇමැති ඒ. එච්. එම්. ෆවුසි, ඉංජිනේරු සේවා, ඉදිකිරීම් නිවාස හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශ, ජල සම්පාදන හා ජල පවාහන ඇමැති දිනේෂ් ගුණවර්ධන, ඛනිජ තෙල් සංවර්ධන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත, සමුපකාර හා වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු, බස්නාහිර පළාත් ඇමැති උපාලි කොඩිකාර හා කඩුවෙල ප්‍රාදේශීය සභාවේ සභාපති ඊ. එම්. බුද්ධදාස මහත්වරු ද එම අවස්ථාවට එක් වූහ.
ඡායාරූප නලින් හේවාපතිරණ

පොළොන්නරුව ඓතිහාසික ශ්‍රී දළදා පෙරහර පසුගියදා වීදි සංචාරය කළේය. පොළොන්නරුව ඓතිහාසික වටදාගේ බුදු මැදුරේ තැන්පත් කර ඇති සධාතුක කරඬුව පෙරහරේ ගමන් කරන මංගල හස්ති රාජයා මත තැන්පත් කිරීම සඳහා පොළොන්නරුව සොළොස්මස්ථාන රජමහා විහාරාධිපති වේඬරුවේ ශ්‍රී උපාලි නා හිමියෝ සධාතුක කරඬුව පිටතට වැඩම කරවූ අයුරු. සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන නියෝජ්‍ය ඇමති සිරිපාල ගම්ලත් යන මහත්වරු ද ඡායාරූපයේ වෙති.
අසේල කුරුළුවංශ

වසර 2600 සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් ඇම්. ඩී. ගුණසේන සමාගම සැකසූ මහ පිරිත පළමු සංයුක්ත තැටි කට්ටලය ඇම්. ඩී. ගුණසේන සමාගමේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්‍ෂ රජීව් ගුණසේන මහතා විසින් අස්ගිරි පාර්ශ්වයේ මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහානාහිමිපාණන් වහන්සේට පිළිගැන්වූ අයුරු. ඡායාරූපය : ගාමිණී රාමනායක

සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ උතුරු හා උතුරු මධ්‍යම දෙපළාතේ ප්‍රධාන සංඝනායක ධුරයට පත් අනුරාධපුර ශ්‍රී බුද්ධ ජයන්ති විහාරාධිපති නුගේතැන්නේ පඤ්ඤානන්ද නා හිමියන් පිළිගැනීමේ උත්සවයේ දී අභිනව නා හිමියන් බුද්ධ වන්දනාවට වැඩම කරවන අයුරු හා උත්සව සභාව අමතා අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා කතා කළ අවස්ථාව.
ඡායාරූප - වෝල්ටර් දයාරත්න, අනුරාධපුර දිසා විශේෂ

කොළඹ කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරය මගින්, අගනුවර බෞද්ධ සංවිධාන එකමුතුවේ මෙහෙයවීමෙන් භික්ෂූන් වහන්සේලා සියක් නමක් පෙරටු කරගත් පිණ්ඩපාත දානමය පින්කම ඉකුත් දා (13) පැවැත්විණි. ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ මහෝපාධ්‍යාය මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසර එම පිණ්ඩපාත පින්කමේදී කොටුව පිහිටි රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැසක් සඳහා මහසඟරුවන පිණ්ඩපාතයේ වැඩම කළ අතර ලේක්හවුස් මන්දිරය වෙත මහ සඟරුවන වැඩම කළ අවස්ථාව ඡායාරූපයේ වෙති. එහිදී ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා ප්‍රධාන කාර්ය මණ්ඩලය පිණ්ඩපාත දානය පූජා කරන ලදී.
ඡායාරූපය රංජිත් අසංක නිශ්ශංක විජේරත්න

රත්මලාන බෝධිරුක්ඛාරාමස්ථ සිරිමාබෝ දහම් පාසලේ ශිෂ්‍ය නායක නායිකාවන්ට පදක්කම් පැලැඳවීම ප්‍රධාණාචාර්ය කළුතර ඤාාණාවාස නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකෙරිණ. පදක්කම් පැලැඳවීමට පැමිණි අඟුලාන පොලිසියේ නිලධාරින්, ආචාර්ය මණ්ඩලය සහ පදක්කම්ලාභී ශිෂ්‍ය නායක නායිකාවන් ඡායාරූපයකට පෙනීසිටි අයුරු.

 


 

 

ඇසළ අව අටවක පෝය

ඇසළ අව අටවක පෝය ජූලි 22 සිකුරාදා අපර භාග 09.22 ට ලබයි.
23 වන දා සෙනසුරාදා අපර භාග 11.39 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි මස 23 වන දා සෙනසුරාදාය.

මීළඟ පෝය
ජූලි 30 වන සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 23

New Moonඅමාවක

ජූලි 30

First Quarterපුර අටවක

අගෝස්තු 06

Full Moonපසෙලාස්වක

අගෝස්තු 13


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]