UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

වීරකැටිය කසාගල රජමහා විහාරයේ චෛත්‍ය රාජයාණන් වහන්සේ 
 හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටි කසාගල රජ මහා විහාරය වෙත රන්න වීරකැටිය මාර්ගයේ කි.මි. 09 ක් ගමන් කිරීමෙන් ළඟා විය හැකි ය. ක්‍රි.පූර්ව යුගයේ ආරම්භ වූ මේ සිද්ධස්ථානයේ චෛත්‍ය දෙකක් ඇති අතර එක් චෛත්‍යයක් ඉදිකර ඇත්තේ
සද්ධාතිස්ස මහරජතුමා විසිනි. අද පසු පිටුවේ දිස්වෙන චෛත්‍ය දේවානම්පියතිස්ස රාජ්‍ය කාලයේ ඉදිවූවක් බව කියැවෙයි. දෙතිස්ඵලරුහ බෝධියක් ද මෙහි රෝපණය කර ඇත. ඡායාරූපය - ජනක වෙත්තසිංහ

රණවිරුවකු අණුස්මරණය කිරීමට ඉදි කළ මිරිස්වත්ත ශ්‍රී අර්ජුනාරාම විහාරස්ථානය

මිනුවන්ගොඩ කොළඹ පාරේ මිරිස්වත්ත මං සන්ධියෙන් වම් පසට ග්‍රාමාභ්‍යන්තරයට මඳ දුරක් ගමන් කරන ඔබට ශ්‍රී අර්ජුනාරාම විහාරස්ථානය මුණ ගැසේ. තිස් වසරක් පුරාම පැවති ත්‍රස්ත උවදුර මැඬලීමේ කාර්යයේදී යාපනේ කොන්ඩවනාර්හිදී 1985 – 4 – 28 දින රට දැය වෙනුවෙන් දිවි පිදූ රණවිරු ලුතිනන් දුෂාන් අර්ජුන පෙරේරා පුතණුවන් සිහි කර කොළඹ දෙමටගොඩ අංක 51 හි කපිතාන් සනත් පෙරේරා සහ මාලිනී පෙරේරා යන මව්පියන් දෙපලගේත් ප්‍රියාන්, ශිරාන් නිරෝෂා යන සහෝදර සහෝදරියන්ගේත් මූල්‍ය දායකත්වයෙන් ආරම්භ කළ මෙම පුදබිම රණවිරු අනුස්මරණ විහාරස්ථානයක් ලෙසින් විහාර නාමාවලියේ සුවිශේෂ ලෙසින් සටහන් වී ඇත.

ඉතිරිය»

ඇසළ අව අටවක පෝය

ඇසළ අව අටවක පෝය ජූලි 22 සිකුරාදා අපර භාග 09.22 ට ලබයි.
23 වන දා සෙනසුරාදා අපර භාග 11.39 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි මස 23 වන දා සෙනසුරාදාය.

මීළඟ පෝය
ජූලි 30 වන සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 23

New Moonඅමාවක

ජූලි 30

First Quarterපුර අටවක

අගෝස්තු 06

Full Moonපසෙලාස්වක

අගෝස්තු 13


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]