UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

රුහුණු කතරගම මහා දේවාලයේ පෙරහර

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ මහා පෙරහර ජූලි මස 01 දින ඇරඹෙයි.

ජූලි මස 01 දින මංගල පෙරහර මහාවීදියේ පමණක් ගමන් කෙරේ. ජූලි මස 02 දින සිට කතරගම මහා දේවාලයෙන් ඇරඹෙන පෙරහර පිටවීදියේ ගමන්කර වල්ලි අම්මා දේවාලයට ගොස් පෞරාණික චාරිත්‍ර පුද සිරිත් ඉටු කර මහාවීදියේ ගමන්කර පෙරහර මහාදේවාලයට ගෙවදිනු ඇත.

ජූලිමස 06 දින පෙරහර වීදි සංචාරය කිරීමට ප්‍රථම මහාදේවාලය ඉදිරිපිට ඇති අතුපන්දලමට අලුතින් අතු දමා සකස් කිරීම බස්නායක නිලමේතුමාගේ වලව්වේදී මහා සංඝරත්නය වෙනුවෙන් දානමය පින්කම් හා බස්නායක නිලමේතුමා පෞරාණික චාරිත්‍රානුකූලව පෙරහැරේ ගමන් ඇරඹීම සිදුවෙයි.

ජූලි මස 12 දින ගිනි පෑගීම සිදුකෙරේ. ජූලිමස 15 දින අවසාන මහා පෙරහර පැවැත්වෙන අතර ජූලි මස 16 දින මැණික් ගඟේ දියකැපීමෙන් පෙරහර කටයුතු අවසන් වෙයි.

පෞරාණික චාරිත්‍ර පුද සිරිත් වලට මුල් තැනක් දෙමින් උඩරට පහතරට සබරගමුව හා රුහුණු ප්‍රදේශයට ආවේණික නැටුම් වලින්ද අලි ඇතුන් ගෙන්ද යුතුව ඉතාමත් අලංකාර ලෙස පෙරහර පැවැත්වීමට රුහුණු කතරගම මහාදේවාලයේ බස්නායක නිලමේ ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා කටයුතු සංවිධානය කර ඇත.

 

පොසොන් අමාවක පෝය

පොසොන් අමාවක පෝය ජූනි මස 30 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 2.50 ලබයි.
ජූලි 01 වන දා සිකුරාදා අපර භාග 02.21 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි 30 වන දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
ජූලි 08 වනදා
සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජූනි 30

First Quarterපුර අටවක

ජුලි 08

Full Moonපසෙලාස්වක

ජූලි 14

Second Quarterඅව අටවක

ජූලි 23

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]