UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 
බුදුසරණ අන්තර්ජාල කලාපය

කුඹුක්කන ගංඟාරාමයේ කොත් පැළඳවීමේ පින්කම

කුඹුක්කන ශ්‍රී ගංඟාරාම මහා විහාරයෙහි ඉදිකළ 2600 සම්බුද්ධත්ව ජයන්ති අටවිසිමුනි මහ සෑරදුන්ගේ කොත් පැළඳවීම හා නිරාවරණය මෙම මස 13 වන දින උදේ 10.00 ට කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති, පෑළියගොඩ විද්‍යාලංකාර පරිවේණාධිපති, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝානයක මහෝපාධ්‍යාය ආචාර්ය වැලිමිටියාවේ ශ්‍රී කුසලධම්මාභිධාන නාහිමියන්ගේ සුරතින් සිදු කැරේ. ප්‍රථම මල් පහන් බුද්ධ පූජාව අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කැරේ. මහා සංඝරත්නය සහ මැති ඇමතිවරුද, සම්භාවනීය පිරිසක්ද ඊට සහභාගි වෙති.

11-12 දිනවලදී තුන්තිස් පැය පරිත්‍රාණ ධර්ම දේශනාවද 13 වනදා පෙරවරු 8.00 කොත පැළඳවීම , 10.00 ට කොත නිරාවරණය කිරීම, දවල් සඟ සතු දානමය පින්කමද, පස්වරු 8.00 ට පුණ්‍යෝනුමෝදනා ධර්ම දේශනය වත්තල , හුණුපිටිය ශ්‍රී චන්ද්‍රාරාමාධිපති මහාචාර්ය ඔක්කම්පිටියේ පඤ්ඤාසාර හිමියන් විසින් සිදු කැරේ.

වෙසක් පුර අටවක පොහොය

වෙසක් පුර අටවක පොහොය මැයි මස 10 වන දා අඟහාරුවාදා අපර භාග 02.46 ට ලබයි.
11 වන දා බදාදා අපර භාග 01.06 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මැයි මස 10 වන දා අඟහරුවාදා ය.

මීළඟ පෝය
මැයි මස 17 වන දා අඟහරුවාදා ය.

 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 10

Full Moonපසෙලාස්වක

මැයි 17

Second Quarterඅව අටවක

මැයි 24

New Moonඅමාවක

ජූනි 01


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]