UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 
බුදුසරණ අන්තර්ජාල කලාපය

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් විශාලතම බෞද්ධ පොත් හළ 15 වනදා විවෘත කෙරේ

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් ඉදිකරන ලොව විශාලතම බෞද්ධ ග්‍රන්ථ හා තොරතුරු මධ්‍යස්ථානය කොළඹ හැව්ලොක් පාරේ තුන්මුල්ල හන්දියේ මේ දිනවල ඉදිවෙමින් පවතී.

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරය” ලෙස නම් කරන මහල් 16 කින් යුත් මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම්වලින් සියයට 90 ක් පමණ දැනටම ඉදිකර අවසන් බවත් මේ සඳහා රුපියල් ලක්ෂ 3300 ක් වැය වන බවත් මෙම මන්දිරය ඉදිකරන දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ කිරම විමලජෝති හිමිපාණෝ පවසති.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ අනුග්‍රහයෙන් ලබා දුන් ඉඩමක මෙම මන්දිරය ඉදිකර තිබේ.

500 කට අසුන් ගත හැකි සම්මන්ත්‍රණ ශාලාවක් අති විශාල බෞද්ධ පොත් සහ තොරතුරු මධ්‍යස්ථානයකින් ද පෙර අපරදිග විවිධ භාෂාවන් ප්‍රගුණ කිරීමේ මධ්‍යස්ථානයකින් ද ශබ්දාගාර හා පරිගණක නිර්මාණ කරන පහසුකම්වලින් ද සමන්විත මේ තොරතුරු මධ්‍යස්ථානය මැයි 15 වැනිදා බොදු ජන අයිතියට පත්කිරීමට යෝජිතය.

මීට අමතරව ධර්ම පර්යේෂණ සහ ධර්ම දූත සේවාවන් ප්‍රධාන විවිධ ශාසනික කටයුතුවලින් ද සමන්විත මෙම ධර්ම මන්දිරය ඉදිකිරීමට ආධාර ලබාදීමට සැමට අවස්ථාව ලැබී ඇති බව කිරම විමලජෝති හිමියෝ පවසති.

මෙම මධ්‍යස්ථානය මඟින් ඕනැම බෞද්ධ ග්‍රන්ථයක් ලබා ගැනීමේ පහසුකම මෙන්ම විවිධ භාෂාවන් හා ආධුනිකත්ව දහම් පුහුණු වැඩ සටහන්, අන්තර් විශ්ව විද්‍යාල බෞද්ධ ශිෂ්‍ය බල මණ්ඩල ක්‍රියාකාරකම්, බෞද්ධ මනෝ චිකිත්සක මධ්‍යස්ථානයක්, බෞද්ධ ශබ්දාගාර හා පරිගණක පහසුකම් ආදිය ලබා දෙනු ලැබේ.

මෙම මන්දිරය විවෘත කිරීමත් සමඟම කොළඹ හැව්ලොක් පාර ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මාවත ලෙස නම් කිරීම ද සිදු කෙරේ.

වෙසක් පුර අටවක පොහොය

වෙසක් පුර අටවක පොහොය මැයි මස 10 වන දා අඟහාරුවාදා අපර භාග 02.46 ට ලබයි.
11 වන දා බදාදා අපර භාග 01.06 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මැයි මස 10 වන දා අඟහරුවාදා ය.

මීළඟ පෝය
මැයි මස 17 වන දා අඟහරුවාදා ය.

 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 10

Full Moonපසෙලාස්වක

මැයි 17

Second Quarterඅව අටවක

මැයි 24

New Moonඅමාවක

ජූනි 01


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]