UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 
බුදුසරණ අන්තර්ජාල කලාපය

2600 සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන්  ජාතික වෙසක් මංගල්‍යය අනුරපුර පූජා නගරයේ දී

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති පින්කම් මාලාවේ වෙසක් පෝයට සමගාමීව මැයි 14 දා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර පූජා නගරයේදී ජාතික වෙසක් උත්සවය පැවැත්වීමට අදාළ සංවිධාන කටයුතු මේ දිනවල කඩිනමින් සිදු කෙරේ.

14 දා පස්වරු 4.00 ට අනුරාධපුර ශ්‍රී මහා බෝ සමිඳු පරිශ්‍රයේ සන්නිපාත ශාලාවේදී උළෙල පැවැත්වීමට නියමිතය.

ආගමික කටයුතු අමාත්‍යාංශය, අග්‍රාමාත්‍ය කාර්යාලය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, උතුරු මැද පළාත් සභාව හා එක්ව ජාතික වෙසක් උත්සවය සංවිධානය කරයි.

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය ආගමික මහෝත්සව මෙහෙයුම් කමිටුවේ සභාපති අනුරාධපුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති පූජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද නාහිමිපාණෝ උත්සව කටයුතු සම්බන්ධයෙන් කරුණු දක්වමින් සම්බුද්ධත්ව ජයන්ති මහෝත්සවයට සමගාමීව අනුරාධපුරයේදී සම්බුද්ධත්ව ජයන්ති මාවත නම් කිරීම ද සම්බුද්ධත්ව ජයන්ති ස්මාරකය නිරාවරණය කිරීම ද සම්බුද්ධත්ව ජයන්ති වටරවුම විවෘත කිරීම හා සමරු මුද්දරය නිකුත් කිරීම උළෙලේ ප්‍රධාන අංග කීපයක් බව සඳහන් කළහ. අඩි 22 ක් උසින් යුත් ස්මාරකය ශිලා ලේඛනයක් ද සහිතව ජයන්ති විහාර භූමියේ ඉදිකෙරේ.

දහම් පාසල් සිසුන් 2600 ගේ සහභාගීත්වයෙන් අනුරාධපුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරයේ සිට ශ්‍රී මහා බෝ සමිඳු වැඩවසන උඩ මළුව දක්වා ආගමික ආදර්ශ පාඨ ඇතුළත් බැනර් සහ බෞද්ධ කොඩි රැගත් පෙරහැරක් සංවිධානය කර තිබෙනවා. පන්සල් ආශ්‍රිත සසුනෙන් සෙවනට නිවාස වැඩසටහන යටතේ පන්සල් වලට ආවාස ගෙවල් තැනීමේ ව්‍යාපෘතියක් ද දිළිඳු පවුලකින් සසුනට එක්වූ ස්වාමින් වහන්සේ නමක් තෝරා ගෙන උන් වහන්සේගේ මාපියන් වෙත රුපියල් 50000 ලබාදීමද සිදු කෙරෙනවා. එමෙන්ම දැනට නොදියුණු තත්ත්වයේ පවත්නා දහම් පාසල් 2600 ක් නගා සිටුවීමේ ආගමික අධ්‍යාපන වැඩසටහනක් ද ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති උළෙලට ඇතුළත් වෙනවා. නුගේතැන්නේ පඤ්ඤානන්ද නාහිමිපාණෝ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

මෙම අතිපූජනීය බෞද්ධ ආගමික උත්සවය නිමිතිකොටගෙන ධර්මාචාර්ය විභාගය සමත් 1000 කට ගුරු පත්වීම් ලබාදීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අනුමැතිය ලැබී ඇතැයි ද උන් වහන්සේ අනාවරණය කළහ.

මේ අතර 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති උළෙලට හා ජාතික වෙසක් උත්සවයට සමගාමීව ජය ශ්‍රී මහා බෝධි සංවර්ධන අරමුදල මගින් රුපියල් මිලියන සියයකට ආසන්න මුදලක් වැය කර සංවර්ධනය කළ ජය ශ්‍රී මහා බෝධි කොටු පවුර ඇතුළත සත් සති මන්දිර 07 ප්‍රතිව්‍යුහගත කර ඇතැයි අනුරාධපුර දිසා ලේකම් එච්. එම්. කේ. හේරත් මහතා සඳහන් කළේය. මෙම සත් සති මන්දිර හත සඳහා පිළිවෙළින් දින 07 බැගින් සති හතක් පුරාවට ආගමික පුද පූජා හා වතාවත් පැවැත්වෙන අතර මහා සංඝගත දක්ෂිණාවක් පිරිනැමීමට තීරණය කර ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

අනුරාධපුර අටමස්ථානය කේන්ද්‍ර කොට ගනිමින් පැවැත්වෙන 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති සැමරුම් උළෙල නිමිත්තෙන් දිස්ත්‍රික්කයේ සෑම පොලිස් ස්ථානයක් විසින්ම ප්‍රදේශය තුළ එක් පන්සලක් බැගින් සංවර්ධනය කිරීමටත් පිරිකර දානමානාදිය සම්පාදනය කිරීමටත් කටයුතු කරන බව සහකාර පොලිස් අධිකාරී රාජා වික්‍රමනායක මහතා ප්‍රකාශ කළේය.

වෙසක් පුර අටවක පොහොය

වෙසක් පුර අටවක පොහොය මැයි මස 10 වන දා අඟහාරුවාදා අපර භාග 02.46 ට ලබයි.
11 වන දා බදාදා අපර භාග 01.06 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මැයි මස 10 වන දා අඟහරුවාදා ය.

මීළඟ පෝය
මැයි මස 17 වන දා අඟහරුවාදා ය.

 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 10

Full Moonපසෙලාස්වක

මැයි 17

Second Quarterඅව අටවක

මැයි 24

New Moonඅමාවක

ජූනි 01


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]