UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 
බුදුසරණ අන්තර්ජාල කලාපය


48 වන කොටස

213 පෙමතෝ ජායතී සොකො - පෙමතෝ ජායතී භයං
පෙමතෝ විප්පමුත්තස්ස - නත්ථි සොකො කුතො භයං

ආදරය කළ දෙයින්, සෝක බිය හට ගනී.
ආදරෙන් වෙන් වුණොත් සෝක බිය නූපදී
හිතවතුනි, ආදරය දුක මැවෙන මාවතකි.
එය හැඳින ජීවිතය ගෙවන්නේ නම් මැනවි.

214 රතියා ජායතී සොකො - රතියා ජායතී භයං
රතියා විප්පමුත්තස්ස - නත්ථි සොකො කුතො භයං

ඇල්මකින් ශෝකය ද, භය ද හට ගන්නේ ය.
එයින් වෙන් වූ විට දි ශෝකයක් භයක් නැත.
හිතවතුනි, ඔබ ඔබේ, සිතේ වහලෙකු නොවී සිත
වහල් කර ගන්න. සිතූ ජය ලැබෙනු ඇත.

215 කාමතො ජායතී සොකො - කාමතො ජායතී භයං
කාමතෝ විප්පමුත්තස්ස - නත්ථි සොකො කුතො භයං

කාමයෙන් ශෝකයද, භය ද හට ගන්නේ ය.
එයින් වෙන් වූ විටෙක භයක් සෝකයක් නැත.
හිතවතුනි, ඔබ ඔබේ, සිතේ වහලකු නොවී, සිත
වහල් කර ගන්න. සිතූ ජය ලැබෙනු ඇත.

216 තණ්හාය ජායතී සොකො - තණ්හාය ජායතී භයං
තණ්හාය විප්පමුත්තස්ස - නත්ථි සොකො කුතො භයං

තණ්හාව හේතුවෙන් භය සෝක හට ගනී.
එයින් වෙන් වූ විට දී භය ශෝක නූපදී.
හිතවතුනි, ආශාව, විපත් ගෙන දෙන්නේ ය.
ආශාව අඩු වුණොත් විපත් අඩු වන්නේ ය.

මතු සම්බන්ධයි

වෙසක් පුර අටවක පොහොය

වෙසක් පුර අටවක පොහොය මැයි මස 10 වන දා අඟහාරුවාදා අපර භාග 02.46 ට ලබයි.
11 වන දා බදාදා අපර භාග 01.06 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මැයි මස 10 වන දා අඟහරුවාදා ය.

මීළඟ පෝය
මැයි මස 17 වන දා අඟහරුවාදා ය.

 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 10

Full Moonපසෙලාස්වක

මැයි 17

Second Quarterඅව අටවක

මැයි 24

New Moonඅමාවක

ජූනි 01


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]