UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 
බුදුසරණ අන්තර්ජාල කලාපය

පැවිදි නම :-
කපුගොල්ලෑවේ සරණංකර නාහිමි

ගිහි නම :-
රත්නායක මුදියන්සේලාගේ පියසේන

වැඩවසන පන්සල –
වාගොල්ලාකඩ ශ්‍රී බෝධිරුක්ඛාරාම පුරාණ රජ මහා විහාරය – වාගොල්ලාකඩ කපුගොල්ලෑව

උපන් දිනය :-
1934 ජුනි මස 14

පියා :-
රත්නායක මුදියන්සේලාගේ පිංහාමි

මව -
පී.රන්මැණිකා

මූලික අධ්‍යාපනය :-
කපුගොල්ලෑව ප්‍රාථමික විදුහල

උසස් අධ්‍යාපනය :-
මැදගම්පොළ සේලාන්තර පිරිවෙන

පැවිදි වූ දිනය :–
1949 අගෝස්තු 4

ආචාර්යයන් වහන්සේ :-
කිවුලේකඩ සීලවංශ නා හිමිපාණන් වහන්සේ

උපාධ්‍යායන් වහන්සේ -
මැදවත්තේ ශ්‍රී රතනජෝති නා හිමිපාණන්

උපසම්පදා වූ දිනය :-
1955 ජුනි මස 27 දින මහනුවර මල්වතු පාර්ශ්වයේ උපෝසථාගාරයේදී

පැවිදි දිවියේ වැදගත් අවස්ථා :–
වයස අවු. 28 දී වාගොල්ලාකඩ ශ්‍රී බෝධිරුක්ඛාරාම පුරාණ රජමහා විහාරයේ විහාරාධිපතිත්වයට පත්වීම

විහාරගණයේ විහාරස්ථාන :–
වාගොල්ලකඩ දුටුවැව රජ මහා විහාරය – මරදන්මඩුව ශ්‍රී‍්‍ර ධම්මසිද්ධ්‍යාර විහාරය
තඹරවැව විහාරස්ථානය

දරන තනතුරු :-
මධ්‍යම හුරුළු පළාතේ උප ප්‍රධාන සංඝනායක
ගොමරන්කඩවල රතනජෝති පිරිවෙනේ කෘත්‍යාධිකාරී සීලවංශ මරණාධාර සංගමයේ පැවිදි අනුශාසක
වාගොල්ලාකඩ ශ්‍රී ජිනරතන දහම් පාසලේ ප්‍රධානාචාර්ය

දැරූ තනතුරු :-
හොරොව්පතාන එක්සත් විහාරාධිපති භික්‍ෂූ බල මණ්ඩලයේ හිටපු සභාපති

සමාජ සේවාවන්ගෙන් බිඳක් :–
ගොදුරු ගම්හි වාසය කළ 16 ක් පමණ වූ පවුල් සංඛ්‍යාව පවුල් 250 ක් පමණ දක්වා වර්ධනය කර ගැනීමට විහාරස්ථානය මූලික කර ගනිමින් කටයුතු කිරීම .හොරොව්පතාන කපුගොල්ලෑව ප්‍රධාන මාර්ගය වාගොල්ලාකඩ දක්වා දීර්ඝ කර ගැනීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කිරීම

හොරොව්පතාන සිට වාගොල්ලාකඩ දක්වා දිවෙන බසය ලබා ගැනීමට කටයුතු කිරීම

විහාරස්ථානයේ මූලිකත්වයේ ගමට විදුලිය ලබාගැනීම උදෙසා මහත්සේ කැපවීමෙන් කටයුතු කිරීම

විශාල ශිෂ්‍යානු ශිෂ්‍ය පරපුරක් ඇති කිරීම වාගොල්ලාකඩ ශ්‍රී ජිනරතන දහම් පාසල ආරම්භ කිරීම .

බක් අමාවක පෝය

බක් අමාවක පෝය මැයි මස 2 වනදා සඳුදා පූර්ව භාග 10. 24 ට ලබයි.
3 වන දා අඟහරුවාදා අපරභාග 12. 20 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි මස 2 වන දා සඳුදාය.

මීළඟ පෝය
මැයි මස 10 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මැයි 02

First Quarterපුර අටවක

මැයි 10

Full Moonපසෙලාස්වක

මැයි 17

Second Quarterඅව අටවක

මැයි 24

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]