UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 
බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

පොළොන්නරුව ගල් විහාරයේ දහම් පාසලේ වාර්ෂික ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය සඳහා පූර්ණ අනුග්‍රාහකත්වය ගාල්ල සවිය සංවර්ධන පදනම මගින් සිදු කැරුණු අතර පසුගිය ජලගැලීම් වලින් විපතට පත් වූ අඩු ආදායම්ලාභි පවුල් 100 ක් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දීමක් මෙන්ම ප්‍රදේශයේ විහාරස්ථාන ආශ්‍රිතව පවත්වාගෙන යන පුස්තකාල සඳහා වටිනා ග්‍රන්ථ ප්‍රකාශන කට්ටල් ලබාදීමක් එදින සිදු කැරිණි. පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති වේඩරුවේ උපාලි නා හිමියන් සහ පොළොන්නරුව මහා දිසාපති නිමල් අබේසිරි මහතා ද එහිදී දෙසුම් පැවැත් වූ අතර සවිය සංවර්ධන පදනමේ නිර්මාතෘ සභාපති ආචාර්ය වින්ස්ටන් ද සිල්වා මහතා ප්‍රධාන සවිය සංවර්ධන පදනමේ කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් ද ඒ සඳහා සහභාගි වූහ.

 ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ඇතුල් කෝට්ටේ සිරි පැරකුම්බා විහාරස්ථානයේ ශ්‍රී රාහුල දහම් පාසල සිය 62 වැනි සංවත්සරය පසුගියදා සමරණ ලදී. එහිදී කෝට්ටේ පැරණි නගරයේ සැලසුමක් ඉදිරිපත් කරමින් එහි ඉතිහාසය විග්‍රහ කරන අයුරු ඉහළ ඡායාරූපයෙන් දැක්වේ. විහාරාධිපති රාජකීය පණ්ඩිත මාදිවෙල චන්දවිමල හිමි ශ්‍රී ජයවර්ධනපුර ප්‍රාදේශිය ලේකම් අමල් එදිරිසුරිය ඇතුල් කෝට්ටේ පුජාමුල සමිතියේ සභාපති අසේල කරුණාවර්ධන ඇතුල් කෝට්ටේ සිවිල් ආරක්ෂක කමිටු සභාපති ඩබ්ලිවි. විතාන, විහාරස්ථ දායක සභාවේ රංජිත් හල්වඩුගේ, රංජිත් දිසානායක, සරත් පෙරේරා යන මහත්වරුන් හා බොදු සැදැහැ ගී ඉදිරිපත් කළ ශිෂ්‍යාවන් පිරිසක් ඡායාරූපයෙන් දැක්වේ.

 
බක් අව අටවක පෝය

බක් අව අටවක පෝය අප්‍රේල් 24 වන දා ඉරිදා අපර භාග 07.53 ට ලබයි.
25 වන දා සඳුදා අපරභාග 09.02 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අප්‍රේල් 25 වන දා සඳුදා ය.
මීළඟ පෝය
මැයි මස 02 වන දා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 25

New Moonඅමාවක

මැයි 02

First Quarterපුර අටවක

මැයි 10

Full Moonපසෙලාස්වක

මැයි 17

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]