UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 
බුදුසරණ අන්තර්ජාල කලාපය

අවුරුදු මංගල්‍ය පෙරහර 14 වන දා

රුහුණු කතරගම මහාදේවාලයේ වාර්ෂික අවුරුදු මංගල්‍ය පෙරහර අප්‍රේල් මස 14 දින රාත්‍රි පැවැත්වේ. පෞරාණික චාරිත්‍ර පුද සිරිත්වලට මුල් තැනක් දෙමින් උඩරට පහතරට මෙන්ම රුහුණු ප්‍රදේශයට ආවේණික බෙන්තර සිංහ හනුමන්තා භක්ති කාවාඩි නැටුම් හා අලි ඇතුන්ගෙන් යුතුව ඉතාමත් අලංකාර ලෙස පෙරහර පැවැත්වීමට රුහුණු කතරගම මහාදේවාලයේ බස්නායක නිලමේ ඌව පළාත් සභා ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා කටයුතු සංවිධානය කර ඇත. මෙදින චාරිත්‍රානුකූලව සුබ නැකැත් අනුව කතරගම මහාදේවාලයේ ඇරඹෙන දේව පෙරහර ගණදේවාලය කිරි විහාරය ඉදිරිපිටින් අෂ්ඨඵල බෝධීන් වහන්සේ පුදක්‍ෂිණා කර මහා වාසල් දොරටුවෙන් මහාවීදියට පිවිසේ.

එම වීදියේ ශ්‍රී අභිනවාරාම විහාරස්ථානය ඉදිරිපිටින් ගමන්කර පෙරහර වල්ලි අම්මා දේවාලයට පැමිණේ. එම දේවාලයේ දී පෞරාණික චාරිත්‍ර පුද සිරිත් ඉටු කිරීමෙන් පසුව පෙරහර යළිත් එම වීදියේම ගමන් කර මහාදේවාලයට ගෙවදිනු ඇත.

කතරගම ප්‍රාදේශීය සභාව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, නාගරික සංවර්ධන අධිකාරිය, භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කතරගම පොලීසිය, පෙරහර සමයේ කතරගම පුදබිමට පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට කටයුතු සංවිධානය කර ඇත.

බක් මස පුර අටවක පෝය

බක් මස පුර අටවක පෝය අප්‍රේල් මස 11 වන දා සඳුදා පූර්ව භාග 05.53 ට ලබයි.
12 වන දා අඟහරුවාදා පූර්ව භාග 05.08 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 11 වන දා සඳුදා ය.

මීළඟ පෝය
අප්‍රේල් 17 වන දා
ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 11

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 17

Second Quarterඅව අටවක

අප්‍රේල් 25

New Moonඅමාවක

මැයි 02

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]