UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 
බුදුසරණ අන්තර්ජාල කලාපය

ජීවිත යථාර්ථය දකිමු

පේ‍්‍රමය නිසා දුකත් බියත් ඇතිවන බවත් පේ‍්‍රමය නැතිකල විට දුකත් බියත් ඇති නොවන බවත් සම්බුදු දහමේ දැක්වේ. පේ‍්‍රමය හටගන්නේ ලොව පවතින අවිඥානක වූද සවිඥානක වූද පි‍්‍රය වස්තූ®න් කෙරෙහිය.එනම් සංස්කාර කෙරෙහිය . සංස්කාර වෙනස්වීම ස්වභාව කොටගෙන පවතී. පේ‍්‍රමය අසුන්දර ඇත්දැකීමක් කරගන්නා පුද්ගලයින්ද සමාජය තුළ වෙයි. එමගින් සමාජයටම සිදුවන්නේ අවැඩකි. ඒ හේතුවෙන් අද පේ‍්‍රමවෘතාන්ත භයානකය. එය පුද්ගලයා තලා පෙළා දමන මුලාවක් බවට පත්ව තිබීම කණගාටුදායකය.

පේ‍්‍රමය නිසා ඇතැම් පුද්ගල සිත් තුළ හටගන්නේ වෛරී සිතිවිලිය. එම නිසා පේ‍්‍රමය පුද්ගල ජීවිතයට සුන්දර අත්දැකීමක් එක් නොකරයි. පළිගැනීමේ චේතනා මුදුන් පත්වීම පමණක් සිදුවෙයි. මේ හේතුවෙන් මනුෂ්‍යඝාතන, දරුණු අපරාධ පවා ඇතැම් විට සමාජය තුළ බිහිවන්නේ නම් එය කණගාටුදායකය.

ස්වකීය පෙම්වතා, පෙම්වතිය තමා හැර ගිය විට ඇය ඝාතනය කිරීමට පෙළඹීම, තම තමන් සිතන පතන පරිද්දෙන් ආදරයෙන් එක්වීමට නොහැකිවූ විට පෙම්වතුන් ජීවිත විනාශ කර ගැනීමට ක්‍රියා කිරීම, පෙම්වතාගෙන් පළිගැනීමට පෙම්වතිය කූට උපක්‍රමයෙන් ඔහු නැසීමට පියවර ගැනීමාදිය තුළ පවතින්නේ පේ‍්‍රමය වෛරයට පෙරළුන විට සිදුකැරෙන විනාශයන් නොවෙද? මෙහිදී මතුවන අනෙක් ගැටලුව නම් අවංක පේ‍්‍රමවන්තයෙකුට, අවංක පේ‍්‍රමවන්තියකට ස්වකීය සගයා මරා දැමිය හැකිද? යන්නයි.

සියලු සත්වයිනට වෙන්වීම පොදුය. වේදනාව පසුතැවීම් සංසාරික පුද්ගලයා ස්වභාව කොටගෙන පවතියි. පුද්ගලයා පි‍්‍රය වස්තූන් දැඩි සිතින් අල්ලාගැනීම සිදුකරන්නේ එහි වෙනස්වීමේ යථා ස්වරූපය මෙනෙහි කරමින් නොවේ. පි‍්‍රය විප්පයෝගෝ දුක්ඛා යනුවෙන් සම්බුද්ධ දර්ශනය තුළ පි‍්‍රයයන්ගෙන් වෙන්වීම දුක උපදන බව පවසයි. එලෙසම අපි‍්‍රයයන් හා එක්වීමද පුද්ගලයාට දුක ඇති කරයි. සමස්ත ලෝකයම දුකමත පවතින බව බුදුරදුන් දේශනා කර ඇත. දුක මත ජීවත් වන සත්වයා රාගයෙන්, දැවෙමින් සිදුකරගන්නා විනාශයන් බහුතරයකට හේතුව වන්නේ පේ‍්‍රමය බව පෙනේ. තම තමන් කැමැත්තෙන් ලබාගත් දේ ක්‍ෂය වනවාට , විනාශ වනවාට පුද්ගලයා අකමැතිය. නමුත් යථාර්තය , සත්‍ය ධර්මතාවය වන්නේ ලොව ඇතිවන පවතින සියල්ල යම් දිනෙක විනාශයට පත්වන බවයි. සම්බුදු දහමේ පෙන්වා දෙන්නේ නොදැනීම නිසා,ජීවිතාවබෝධය කර නොගත් පුද්ගලයා භවය තුළට අවතීර්ණය වෙමින් දුකට පත්වන ආකාරයයි. අන්ධකාර ලෝකයට ආලෝකයක් සැපයූ බුදුරදුන් දේශනා කළේ.

“ ඉති ඉමස්මිං සති ඉදං හෝති
ඉමස්ස උප්පාද ඉදං උප්පජ්ජති “
මෙය ඇති කල්හි මෙය වේ
මෙය උපදින විට මෙය උපදී යනුවෙනි
එනම් අවිද්‍යා පච්චයා සංඛාරා
අවිද්‍යාව නිසා සංස්කාර හට ගනී
සංඛාර පච්චයා විඤ්ඤාණං
සංස්කාර නිසා විඤ්ඤාණය නැතහොත් චුතිසිත ඇතිවේ.
විඤ්ඤාණ පච්චයා නාමරූපං
විඤ්ඤාණය / චුතිසිත නිසා පංචස්කන්ධය හටගනී.
නාම රූප පච්චයා සලායතන
පංචස්කන්ධය නිසා ආයතන හය හට ගනී
සලායතන පච්චයා ඵස්ස
ආයතන හය නිසා ස්පර්ශය හට ගනී
ඵස්ස පච්චයා වේදනා
ස්පර්ශය නිසා විඳීම හටගනී
වේදනා පච්චයා තණ්හා
විඳීම නිසා ඇලීම හට ගනී
තණ්හා පච්චයා උපාදාන
ඇලීම නිසා බැඳීම හට ගනී
උපාදාන පච්චයා භවෝ
බැඳීම නිසා භවය හටගනී
භව පච්චයා ජාතී
භවය නිසා ඉපදීම ඇතිවේ
ජාති පච්චයා ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්සං
ඉපදීම නිසා ජරාව, මරණය සෝක වැළපීම් දුක් දොම්නස් සෝ සුසුම් ඇති වන බව පටිච්චසමුප්පාද ධර්මතාවයයි.

පේ‍්‍රමය නිසා සිදුවන්නේ පුද්ගලයා කර්ම රැස් කරමින් විපාක විඳිමින් භව කතර තුළ අතරමං වීම නොවෙද? ලොව පවතින සියලු වස්තූ®න් වෙනස් වීම ස්වභාවකොට පවතින හෙයින් මොහොතක් මොහොතක් පාසා සියලු දෙය පත්වන්නේ අනිත්‍යතාවයටයි. ගලායන ගංගාවක එක් ස්ථානයකින් ලබා ගත් දිය දෝතක් නැවත වරක් එම ස්ථානයෙන්ම ලබාගත නොහැක්කා සේම ජීවිතය තුළ පුද්ගලයා සිදුකළ කර්මයක් නැවත සකස්කළ නොහැකිය. ජීවිතයද එක් ස්ථානයක නොරැඳී ගංගාවක් සේ ගලා යන්නකි. මොහොතක් මොහොතක් පාසා පුද්ගලයා වෙනස්කම්වලට භාජනය වෙයි. ළමාවිය ගෙවෙමින් තරුණ වියටත් තරුණවිය ගෙවෙමින් මහළු වයසටත් පුද්ගලයා පත්වන්නේ එනිසයි. අනිච්චාවත සංඛාරා උප්පාද වයධම්මිනෝ...යනුවෙන් සඳහන් වන්නේ සියලු සංස්කාර ධර්මයන්ගේ වෙනස්වීමයි. පුද්ගලයා ජරාවටත් දුක්ඛයන්ටත් මරණයටත් පත්වන්නේ අනිත්‍ය ස්වභාවය නිසයි. පුද්ගලයා අනිත්‍ය ධර්මතාව පිළිබඳව සිහිනොකිරීම අනුවණ කමකි. පේ‍්‍රමය නිසා මෝඩ වෙමින් පුද්ගලයා සිදුකරන ක්‍රියා ස්වභාව ධර්මයටත් පටහැනිය. දරුණු අමානුෂික වද හිංසනයන්ට සත්වයෙකු පත්කරලීම මහත් අකුසල කර්මයකි. භවගාමී සසරේ දුක්ඛ ස්වභාවය වටහා නොගෙන පර පණ නැසීම තමන්ටම සිදුකරගන්නා විනාශයකි. මිනිසුන් අමානුෂික ලෙස කපා කොටා මරාදැමීම කෙතරම් අනුවණ ක්‍රියාවක්ද? මෑතකාලීන පුවත්පතක පෙම්වතිය පෙම්වතාගේ දෑසට ඇසිඩ් ගැසීමේ සිද්ධියක් වාර්තා විය. එසේම පෙම්වතා පෙම්වතියට හදිසි අනතුරක් සිදුකර මරා දැමීමක්ද විය. මෙලෙසින් මනුෂ්‍යයාගේ සිත් ප්‍රකෝප වූයේ කෙලෙසින්දැයි සිතා බැලූවිට දුරදිග නොබලා කටයුතු කිරීම ප්‍රධාන බව පෙනේ. හදිසි කෝපය, ආවේගය පුද්ගලයා විනාශ කර දමයි. මෙවන් සිත තුළ පේ‍්‍රමයක් හටගෙන තිබුණේද යන්නත් සැක සහිතය. මනුෂ්‍යයාට භවගාමී සසර පුරා ආයුෂ කෙටිවීමට ප්‍රාණඝාත සිදු කිරීම බලපානු ලබයි.

මනුෂ්‍යාත්මභාවය ලැබීම දුර්ලභය. බුද්ධෝත්පාද කාලය දුර්ලභය. ක්ෂණ සම්පත්තිය දුර්ලභය. සද්ධර්මය පරම දුර්ලභය. බෞද්ධ දර්ශනයේ සඳහන් වන දුර්ලභ කරුණු හතරෙන් මුලින්ම සඳහන්ව ඇත්තේ මනුෂ්‍යාත්මභාවයක් ලැබීම දුර්ලභ බවයි. පුද්ගලයා ඒ දුර්ලභ මනුෂ්‍යාත්මභාවය සමඟ අනෙක් දුර්ලභ කරුණු වලින් සම්පූර්ණ වී සිටීම භාග්‍යයකි. ඇතැම් විට දුර්ලභ මිනිස් බවේ අගය බොහෝ දෙනාට වැටහී නැත.ඇතැම් දෙනා දුර්ලභව ලැබූ මනුෂ්‍ය ආත්ම භාවය විනාශයට පත්කරගන්නා බවක් පෙනේ.

යථාර්ථාවබෝධයෙන් තොර මිනිසුන්ගේ මිනිසත් බව පිරිහීමට පත්වේ. එවන් මනුෂ්‍යයන් ආශාවන්ගෙන් මුසපත්වෙමින් සමාජයටත් අනර්ථයක් සිදුකරමින් තමන්ටත් අනර්ථයක් සිදුකරගනී. පේ‍්‍රමය තුළදී ගොඩනඟා ගත යුත්තේ අනන්‍යෝන්‍ය අවබෝධය මිස රාගාදි ක්ලේෂ ධර්මයන් නොවේ. රාගයෙන් මුසපත් වූවන්ට අනෙකා තලා පෙලා දැමීමෙන් තොරව පේ‍්‍රමය දෙස බැලිය නොහැකිය. ප්‍රකෝපකාරී ලෙස හැසිරෙන තරුණ තරුණියන්ගේ මනස් විකෘති කරන සමාජ විලාසිතා කෙරෙහි විමසිලිමත්වීමත් නීති මඟින් පියවර ගැනීමට කටයුතු කිරීමත් සියලු දෙනා කළ යුත්තකි. ආගමට, දහමකට තරුණ පිරිසගේ සිත් නැඹුරුවන වැඩපිළිවෙල ගම් නගර පුරා දියත් කර හැරිය යුතු කාලයක් පැමිණ ඇත. ආවේගකර හැඟීම් නිසා තරුණ පිරිස් අකාලයේ විනාශය කරා යොමුවන්නේ නම් එය සමාජයේ අභාග්‍යයකි. පාපයෙහි ආදීනව හඳුනන්නෝ පේ‍්‍රමය හේතුවෙන් මනුෂ්‍ය ඝාතන කරා යොමු නොවෙයි. වෛරය තුරන් කළ හැක්කේ අවෛරයෙන් මිස පළිගැනීමෙන් නොවන බව නහීවේරෙන වේරානි....යන ධම්මපද ගාථාවෙන් කියවේ. ඒ අනුව පේ‍්‍රමය නිසා ඇතිවන වේදනාව පව්කාර චේතනාවන්ගෙන් පිරිමසා ගැනීමට යොමු නොවීමට පුද්ගලයා වග බලා ගත යුතුය. මිහිමතට තනිවම පැමිණෙන පුද්ගලයා භවගමන කෙළවර කරමින් මරණයට පත්වන්නේද තනිවම මිස පේ‍්‍රමයෙන් වැළඳගත් සියලු දෙය රැගෙන යාමෙන් නොවේ.

සියලු අභියෝග හමුවේ ඉවසිලිවන්ත ලෙසින් කටයුතු කරන පුද්ගලයාට සියලු ප්‍රශ්න සුබවාදී අයුරින් විසඳාගත හැකිය. තරුණ තරුණියන් වඩාත් ඉවසිලිවත් ලෙසින් පේ‍්‍රමය මනාව වටහාගනිමින් අනිත්‍ය ධර්මතාව මෙනෙහි කිරීමට යොමුවන්නේ නම් සමාජය තුළ පේ‍්‍රම සබඳකම් නිසා සිදුවන ජීවිත හානි සිදුනොවනු ඇත. මනුෂ්‍යයෝ ලෙසින් උපන් සියලු සත්වයෝ පුණ්‍යවන්තයෝය. ලෝකය තුළ ඇලීම් , බැඳීම්, ගැටීම් තුළින් ජීවිතය පවත්වාගෙන යන පුද්ගලයාට දුක සැප රිය සක මෙන් පෙරළෙන, බව අවබෝධ කරගත යුතුය . පේ‍්‍රමයේදී ලැබීම් සේම නොලැබීම්ද නොඅඩුබව පුද්ගලයා තේරුම් ගත යුතුය. කළ යුත්ත, නොකළ යුත්ත, අර්ථය , අනර්ථය, කුසල් අකුසල් හරිහැටි දැනගෙන ක්‍රියාකරන්නේ නියමාකාර මනුෂ්‍යයන්ය. හොඳ නරක දෙක තේරුම් ගෙන අවෛරයෙන් වෛරය ජයගෙන , පේ‍්‍රමයේ ආදීනව දැන කටයුතු කිරීමට සමාජයේ සියල්ලෝ ක්‍රියාකරන්නේ නම් තමන්ටත් සමාජයටත් අර්ථයක්ම සිදුකරගත හැකිය.

බක් මස පුර අටවක පෝය

බක් මස පුර අටවක පෝය අප්‍රේල් මස 11 වන දා සඳුදා පූර්ව භාග 05.53 ට ලබයි.
12 වන දා අඟහරුවාදා පූර්ව භාග 05.08 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 11 වන දා සඳුදා ය.

මීළඟ පෝය
අප්‍රේල් 17 වන දා
ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 11

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 17

Second Quarterඅව අටවක

අප්‍රේල් 25

New Moonඅමාවක

මැයි 02

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]