UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 
බුදුසරණ අන්තර්ජාල කලාපය

පන්නිපිටිය දෙපානම දෙවිරම් විහාරයේ 26 වන දා පැවැත්වෙන මහා මායා මහ පෙරහර

පන්නිපිටියේ දෙපානම දෙව්රම් විහාරය දශකයක් තරම් කෙටි කාලයක් තුළ ඉදිකැරුණු පින්බිමක් වේ. දෙව්රම් විහාරාධිපති කොළොන්නාවේ සිරි සුමංගල අනු නා හිමියන්ගේ අනුශාසනා පරිදි එදා කුඩා භූමි භාගයක ඉදි කැරුණු එම විහාරස්ථානය මේ වන විට සියලු විහාරාංගයන්ගෙන් සම්පූර්ණ වූ විහාරස්ථානයක් බවට සංවර්ධනය වී ඇත. බොහෝ බොදු දනන්ගේ නෙත් සිත් පහන් කරවීමට එම විහාරස්ථානය සමත් වී තිබේ.


බෝධීන් වහන්සේ

බෝධීන් වහන්සේලා තුන් නමක් රෝපණය කැරවීමෙන් එදා ඇරැඹුණු එම විහාරස්ථානය සීමා මාලකය, සම්බුදු මැදුර, ධාතු මන්දිරය ආදී බොහෝ විහාරාංග සැදැහැවතුන්ගේ ධන පරිත්‍යාගයෙන් ඉදි වී ඇත.

කොළොන්නාවේ සිරි සුමංගල අනු නා හිමියන්ගේ අනුශාසනා පරිදි සැදැහැවතුන්ගේ සහභාගීත්වයෙන් මාසිකව මෙන්ම වාර්ෂිකව ද සිදු කැරෙන පින්කම් රැසක් වේ. ඒ අතර සීල භාවනා පින්කම් ප්‍රධාන වේ.


සම්බුදු මැදුර

ඊට අමතරව සුද්ධෝදන මහාමායා බුදුමාපිය පූජෝපහාර මහාමායා මහ පෙරහර ද මෙවර සිව්වන වරටත් මෙම 26 වන දා පැවැත්වීමට කටයුතු යොදා ඇත.

කොළොන්නාවේ සිරිසුමංගල අනුනාහිමියන් ඒ පිළිබඳ දැක් වූ අදහස් මෙසේ ය.

බුදුසිරිතේ ඓතිහාසික සිදුවීම් මෙන්ම ශාසනික ඉතිහාසයේ ද ඓතිහාසික සිද්ධීන් ඇතුළු ආගමික සිද්ධීන් මූලික කරගනිමින් මෙරට බොහෝ ප්‍රදේශ වල විවිධ පෙරහර රැසක් පැවැත්වේ. සිදුහත් ගෞතම මහ බෝධිසත්වයන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වන අවස්ථාවේ සෙවන දුන් බෝධීන් වහන්සේට කෘතෝපහාර ලෙස කළගුණ සැළකීමේ උදාර චාරිත්‍රය අපේ බුදුරජාණන් වහන්සේ ලොවටම ආදර්ශයෙන්ම පෙන්වා වදාළ ශාස්තෘන් වහන්සේය.

අනන්ත අප්‍රමාණ කාලයක් සසර පුරා දස පෙරුම් දම් පුරා ලොව්තුරා සම්මා සම්බුදු පදවිය දැරීමට පුන්‍යවන්ත බුදුපුත් රුවනක් මෙලොවට බිහිකළ සුද්ධෝදන මහ රජතුමා සහ මහාමායා දේවිය මහත් ගෞරව පෙරටුව බෞද්ධ ඉතිහාසයේ අනුස්මරණය කැරෙන පුන්‍යවන්ත මව්පිය දෙපළක් වේ.

අපේ ශාසන ඉතිහාසය දෙස බලන විට පූජනීය වූ උත්තම උත්තමාවියන් සදා සිහිපත් කරමින් කළ ගුණ සැලකීම ජීවමාන බුදුරජාණන් වහන්සේ දවස සිට සිදු කරගෙන එනු ලබන උදාර සිරිතක් එමෙන්ම පින්කමක්.


කොළොන්නාවේ

සිරි සුමංගල අනු නා හිමි

නිවන් දුටු සුදොවුන් මහරජතුමා සහ මාතෘ දිව්‍ය රාජයා පිළිබඳ බොදුදන හදවත් තුළ ඇත්තේ මහත් ගෞරවයක්. එබැවින් එබඳු උතුමන් සිහිපත් කිරීමෙන් සත්පුරුෂ ගුණය සමාජය තුළ වර්ධනය වීමට හේතුවක් වෙනවා.

එවන් උතුම් අරමුණු රැසක් මූලික කර ගනිමින් මහාමායා පෙරහර ආරම්භ කළා.

2004 වසරේ ඇති වූ සුනාමි උවදුර මෙම මහ පෙරහර ඇරැඹීමට නිමිත්ත වුණා. මහාමායා කුමරිය උපන් දෙවිදහ නුවරින් වැඩමවන ලද ශෛලමය මහාමායා මාතෘ දිව්‍ය රාජ ප්‍රතිමාව මෙම විහාරස්ථානයේ තැන්පත් කැර තිබෙනවා. එම ප්‍රතිමා වහන්සේට දිනපතා උදේ සවස පූජාවන් පවත්වනවා.


ත්‍රිපිටක ධර්ම ශිලා ලේඛන ගත කරන ශෛලමය පුවරු

මහාමායා පෙරහර නමින් මෙම පෙරහර ව්‍යවහාර කෙරුනද සුද්දෝධන මහරජතුමා සහ මහාමායා දේවිය සිහිපත් කරමින් එම පෙරහර මගින් බුදුපුත් මාපිය උපහාර පූජාවක් සිදුවෙනවා.

බොදුනුවා පරපුරෙන් පරපුරට ආරක්‍ෂා කර ගෙන එන කළගුණ සැලකීමේ උදාර සිරිත තවත් වර්ධනය වීමට මෙම පෙරහර උපකාර වන්නේ නම් පෙරහර පැවැත්වීමේ මූලික අරමුණ සාර්ථක වූවා යැයි සතුටු වනවා.

ශ්‍රී සර්වඥධාතු කරඬුව පෙරටුව අලි ඇතුන් සහිතව විවිධ පළාත්වලට ආවේණික සංස්කෘතිකාංග සහිතව වසරෙන් වසර පෙරහර අලංකාරව පැවැත්වීමෙන් බුදුපුත් මාපිය උපහාර පූජාව ශ්‍රද්ධා භක්තිය මූලික කර ගනිමින් පවත්වන්නට හැකිවීම භාග්‍යයක් ලෙස සලකනු ලබනවා යැයි ද කොළොන්නාවේ සිරි සුමංගල අනු නා හිමියෝ පැවැසූහ.

 

මැදින් අව අටවක පෝය

මැදින් අව අටවක පෝය මාර්තු මස 26 වන දා පූර්ව භාග 05.37 ට ලබයි.
27 වන දා ඉරිදා පූර්ව භාග 05.52 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 26 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය
අප්‍රේල් 2 වන දා සෙනසුරාදා ය
.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 26

New Moonඅමාවක

අප්‍රේල් 02

First Quarterපුර අටවක

අප්‍රේල් 11

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 17

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]