UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 
බුදුසරණ අන්තර්ජාල කලාපය

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති ප්‍රකාශන ආයතනයෙන් 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් බෞද්ධ ග්‍රන්ථ 50 ක්

2011 – 2012 සම්බුද්ධත්ව ජයන්ති වර්ෂය තුළ මෙරට කීර්තිධර උගතුන්ගේ දායකත්වයෙන් විවිධ විෂයන් යටතේ බෞද්ධ ග්‍රන්ථ 50 ක් එළිදැක්වීමට මේ වනවිටත් කටයුතු යොදමින් පවතින බව 2600 සම්බුද්ධත්ව ජයන්ති ජනාධිපති මෙහෙයුම් කමිටුවේ ව්‍යාපෘති නිලධාරී බෞද්ධ ප්‍රකාශන ආයතනයේ අධ්‍යක්ෂ මහමිතව පඤ්ඤාරතන හිමියෝ පවසති.

එය අතිශය භාරදූර කාර්යයක් බවද එම ග්‍රන්ථ මුද්‍රණය කිරීම හා අනෙකුත් කාර්යයන් වෙනුවෙන් විශාල මුදලක් වැය වන බවද ඒ සඳහා පරිත්‍යාගශීලීන්ගේ දායකත්වය අපේක්ෂා කරන බවද උන්වහන්සේ පවසති. මේ වනවිටත් ග්‍රන්ථ 10 ක් පමණ මුද්‍රණය කරවා දෙන ලෙස ඉල්ලීම් ඉදිරිපත් වී ඇති අතර එමෙන්ම ග්‍රන්ථ 5 ක් මේ වනවිට එළිදක්වා ඇති අතර තවත් ග්‍රන්ථ 45 ක් 2012 වර්ෂය ඉකුත්වීමට පෙර ජනතාව අතට පත් කළයුතු බවද පවසති.

ඉහත සඳහන් කළ ග්‍රන්ථ ප්‍රකාශයට පත් කරනු ලබන්නේ 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති බෞද්ධ ප්‍රකාශන ආයතනය විසිනි.

එම ආයතනයේ උපදේශක මණ්ඩලයේ සාමාජික සංඛ්‍යාව එකොළහක් වන අතර මහාචාර්ය ඇකිරියගල නන්ද හිමි, ශාස්ත්‍රපති කොස්වත්තේ අරිය විමල හිමි, කථිකාචාර්ය දෙනිපාගොඩ විජිත නන්ද හිමි, සම්මානිත මහාචාර්ය ඔලිවර් අබේනායක, මහාචාර්ය එච්. ඩී. එන්. පී. ඕපාත යන මහත්වරු ඇතුළු ගිහි පැවිදි විද්වතුන් හා අමාත්‍යාංශ ලේකම්වරුන් තිදෙනෙකුගෙන් එම උපදේශක මණ්ඩලය සමන්විත වේ.

සම්බුද්ධත්ව ජයන්ති ප්‍රකාශන අරමුදල සඳහා මහජන බැංකුව ගංගොඩවිල ශාඛාවේ අංක 097200102329839 දරන ගිණුමට ආධාර කිරීමෙන් ඊට ඔබටත් දායක විය හැකිය.

බෞද්ධ ප්‍රකාශන ආයතනයට (Institute of Buddhist Publicationa) අනුබද්ධ MAGADHIr පාලි හා බෞද්ධ අධ්‍යයන ආයතනය මගින් ප්‍රකාශිත ග්‍රන්ථ නාමාවලිය මෙසේය.

සමය අධ්‍යයන
ත්‍රිපිටකාචාර්ය, ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය මහමිතව පඤ්ඤාරතන හිමි (2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙනි) කථිකාචාර්ය, පූජ්‍ය දෙහිපාගොඩ විජිතනන්ද හිමි,

විනය පිටකය
මහාචාර්ය ඔලිවර් අබේනායක (2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙනි)

බෞද්ධ සංස්කෘති ලේඛන
මහාචාර්ය, පූජ්‍ය ඇකිරියගල නන්ද හිමි (2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙනි)

පාලි භාෂාව හා සාහිත්‍යය අධ්‍යයන
මහාචාර්ය, පූජ්‍ය ඇකිරියගල නන්ද හිමි (2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙනි)

බෞද්ධ දර්ශනය අධ්‍යයන
මහාචාර්ය, පූජ්‍ය ඇකිරියගල නන්ද හිමි (2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙනි)

විවරණ
ශාස්ත්‍රපති, පූජ්‍ය කොස්වත්තේ අරියවිමල හිමි
බෞද්ධ අධ්‍යයන විමර්ශන මහාචාර්ය ඔලිවර් අබේනායක

පාලි අධ්‍යයන විමර්ශන
මහාචාර්ය ඔලිවර් අබේනායක

ථේරවාද පර්යේෂණ ක්‍රම විද්‍යාව
කථිකාචාර්ය, අරුණ කේ. ගමගේ (පාලි අට්ඨකථා ඇසුරෙන්)

අභිමානවත් තාරුණ්‍යය
රාජකීය පණ්ඩිත, ගෞරව ශාස්ත්‍රවේදී, පූජ්‍ය ආලංකුලමේ පේමසිරි හිමි

විශ්වය හා ජීවය පිළිබඳ බෞද්ධ සංකල්පය
රාජකීය පණ්ඩිත, ගෞරව ශාස්ත්‍රවේදී, පූජ්‍ය ආලංකුලමේ පේමසිරි හිමි

තෙරගීයේ කව් ලකුණු
කථිකාචාර්ය, පූජ්‍ය දෙහිපාගොඩ විජිතනන්ද හිමි

බෝධිසත්ත්ව ආදර්ශය සහ වෙනත් ලිපි
කථිකාචාර්ය, පූජ්‍ය දෙහිපාගොඩ විජිතනන්ද හිමි

නිදහස් චින්තනය හා විමංසනය
කථිකාචාර්ය, පූජ්‍ය පණහඩුවේ යසස්සි හිමි

බෞද්ධ ආචාර විද්‍යාව
කථිකාචාර්ය, පූජ්‍ය පනාමුරේ චන්දිම හිමි

බෞද්ධ සාහිත්‍යය
කථිකාචාර්ය, පූජ්‍ය දෙහිපාගොඩ විජිතනන්ද හිමි

සමර්චනා
කථිකාචාර්ය, පූජ්‍ය මිනුවන්ගමුවේ මහානාම හිමි

මැදින් අව අටවක පෝය

මැදින් අව අටවක පෝය මාර්තු මස 26 වන දා පූර්ව භාග 05.37 ට ලබයි.
27 වන දා ඉරිදා පූර්ව භාග 05.52 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 26 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය
අප්‍රේල් 2 වන දා සෙනසුරාදා ය
.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 26

New Moonඅමාවක

අප්‍රේල් 02

First Quarterපුර අටවක

අප්‍රේල් 11

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 17

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]