UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 
බුදුසරණ අන්තර්ජාල කලාපය

පැවිදි නම – අමරපුර නිකායේ මහානායක අම්බලන්ගොඩ සුමංගල මහානායක මාහිමිපාණන් වහන්සේ,

වැඩ වසන පන්සල – ගල්කිස්ස රත්මලාන ස්වර්ණමාලි මහා විහාරය.

උපන් දිනය – 1923 නොවැම්බර් මස 24 වන දින

පියා - කරනේලිස් ද සිල්වා අභයවර්ධන පියතුමා

මව - බබුන් නෝනා දලුවත්ත මවුතුමිය.

සහෝදර සහෝදරියන් - සහෝදරයන් තුන් දෙනෙක් සහ සහෝදරියන් දෙදෙනෙක් පමණ.

ගිහි නම – මහින්දපාල සමරවීර අබේවර්ධන

මූලික අධ්‍යාපනය – අම්බලන්ගොඩ පටබැදිමුල්ල සිංහල බෞද්ධ විද්‍යාලය.

උසස් අධ්‍යාපනය – 1943 ප්‍රාචීන ප්‍රාරම්භ විභාගය සමත්වීම.
1948 ප්‍රාචීන මධ්‍යම විභාගය සමත්වීම. (ශ්‍රී ඤානවිමල නාහිමි විනය ත්‍යාගය සහිතව)
1954 ප්‍රාචීණ පණ්ඩිත විභාගය සමත් වීම,
1949 සිංහල අවසාන ගුරු විභාගයෙන් සමත් වීම,
1962 – 1964 කැලණිය විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබා ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගැනීම.

පැවිදි වීම – 1935 ජනවාරි මස 24 වන දින අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද උප සංඝරාජ අමරපුර නිකායේ මහානායක මාහිමියන්ගේ ශිෂ්‍යයකු වශයෙන් පැවිදි විය.

උපාධ්‍යයන් වහන්සේ - බේරුවල සිරි සුමංගල සිරිනිවාස නා හිමි.

ආචාර්යන් වහන්සේ - අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද උප සංඝරාජ මහානායක මා හිමියන් වහන්සේ සහ රාජකීය පණ්ඩිත අම්බලන්ගොඩ ධම්ම කුසල මහානායක මාහිමියන් වහන්සේ.

උපසම්පදා දිනය – 1945 අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද උපසංඝරාජ මහානායක මාහිමිපාණන් වහන්සේගේ සහ රාජකීය පූජ්‍ය පණ්ඩිත අම්බලන්ගොඩ ධම්ම කුසල මහානායක මාහිමියන් වහන්සේගේ ශිෂ්‍යයකු වශයෙන් අම්බලන්ගොඩ මාදම්පා මෝදර උදකුක්ඛෙප සීමා මාලකය.

පැවිදි දිවියේ වැදගත් සිදුවීම් – බුරුම රජයෙන් අග්ග මහා පණ්ඩිත උපාධිය ලැබීම, 1973 සිට මේ දක්වා ගල්කිස්ස තෙලවල ස්වර්ණමාලි විහාරයේ විහාරාධිපති ධූරය දැරීම.

පළ කළ කෘති - ජාතකට්ඨ කතා සීල කුරුංග වග්ග ශාස්ත්‍රෝදය ව්‍යාඛාව, භාවනා මාර්ගය, ආරිය අෂ්ටාංගික මාර්ගය, චුල්ලවග්ග ග්‍රන්ථ පද විවරණය, මාතා පිතූ උපට්ඨානං යන කෘති වේ.

රාජකීය ආසියාතික සංගමයේ අනුග්‍රහයෙන් සමන්ත පාසාදිකා විනය අටුවාව සිංහල පරිවර්තනයේ පළවන කාණ්ඩය, දෙවන කාණ්ඩය, තුන්වන කාණ්ඩය යන ග්‍රන්ථ තුනේම සංස්කාරක වශයෙන් කටයුතු කිරීම.

බුද්ධ ශාසන අමාත්‍යාංශයේ හා බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් හා අනුග්‍රහයෙන් පවත්වන ත්‍රිපිටක ධර්මය සරල බසින් සම්පාදනය කරන සංක්‍ෂිප්ත ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්ඩලයේ කර්තෘවරයකු වශයෙන් අවුරුදු 12 ක් පමණ කාලයක සිට මේ දක්වා කටයුතු කිරීම.

විදේශ ධර්ම ප්‍රචාරක සේවා - තායිලන්තය, හොංකොං, ඉන්දියාව

තනතුරු - 1963 දී අමරපුර නිකායේ කාරක සංඝ සභාවට පත් වීම, 1987 නිකායේ අධිකරණ නායක ධූරයට පත්වීම, 1994 නිකායේ අනුනායක ධූරයට පත්වීම, 1998 මහානායක පදවියට පත්වීම.

පාලනය කරන විහාරස්ථාන – අමරපුර නිකායට අයත් විහාරස්ථාන 300ක් පමණ පාලනය කිරීම සඳහා මූලිකව කටයුතු කිරීම.

වෙනත් සේවා - 1945 සිට අම්බලන්ගොඩ ශාස්ත්‍රෝදය පිරිවෙනේ ආචාර්යවරයකු වශයෙන් 1958 දක්වා සේවය කිරීම, 1963 සිට 1964 රත්නපුර මල්වල ශ්‍රී ඤාණෝභාස මහා පිරිවෙනේ ආචාර්යවරයකු වශයෙන් සේවය කිරීම, 1965 සිට 1975 දක්වා හොරණ ශ්‍රී පාලි මහා විද්‍යාලයේ ආචාර්යවරයකු වශයෙන් කටයුතු කිරීම.

1975 සිට 1981 දක්වා දෙහිවල මධ්‍ය මහා විද්‍යාලයේ ආචාර්යවරයකු වශයෙන් සේවය කිරීම. 1959 සිට 1961 අවසානය දක්වා හොරණ විද්‍යාරත්න විශ්වවිද්‍යාලයේ පිරිවෙනේ ආචාර්ය වරයකු වශයෙන් සේවය කිරීම.

මොරටුව ආසනයේ විහාරාධිපති සංගමයේ සභාපති වශයෙන් කටයුතු කිරීම.

දහම් පාසල් - 1945 සිට 1958 දක්වා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ දහම් පාසලක් පැවැත්වීමෙන් එහි ප්‍රධානාචාර්ය වරයා වශයෙන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් දහස් ගණනකට ආගමික අධ්‍යාපනයක් ලබාදීම.

වර්ෂ 1987 සිට මේ දක්වා ස්වර්ණමාලි විහාරස්ථ දහම් පාසලේ ප්‍රධානාචාර්යවරයා වශයෙන් කටයුතු කිරීම.

මැදින් අව අටවක පෝය

මැදින් අව අටවක පෝය මාර්තු මස 26 වන දා පූර්ව භාග 05.37 ට ලබයි.
27 වන දා ඉරිදා පූර්ව භාග 05.52 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 26 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය
අප්‍රේල් 2 වන දා සෙනසුරාදා ය
.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 26

New Moonඅමාවක

අප්‍රේල් 02

First Quarterපුර අටවක

අප්‍රේල් 11

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 17

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]