UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 
බුදුසරණ අන්තර්ජාල කලාපය

කොළඹ තරුණ බෞද්ධ සංගමය මගින් පවත්වන ඉංගී‍්‍රසි මාධ්‍ය ධම්ම/අභිධම්ම පාඨමාලාව

කොළඹ තරුණ බෞද්ධ සංගමය මගින් නුදුරේදී ඉංගී‍්‍රසි මාධ්‍යයෙන් ධම්ම/අභිධම්ම පාඨමාලාව සඳහා පන්ති පැවැත්වීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇතැයි කියති.

එම පන්ති ධම්ම / අභිධම්ම ඉංගී‍්‍රසි විභාගයේ විෂය නිර්දේශ අනුව පැවැත්වේ. මෙය ගිහි පැවිදි සියලු දෙනාටම විවෘත වන අතර අවශ්‍ය තැන්හිදී සිංහල භාෂාවෙන් ද පැහැදිලි කිරීම් සිදු කරනු ඇත. වසර තුනක කාලසීමාව අවසානයේ සාර්ථකව පාඨමාලාව නිම කරන අයට ඩිප්ලෝමා සහතිකයක් පිරිනැමේ. පාඨමාලාව සඳහා අවශ්‍ය පොත් පත් කොළඹ තරුණ බෞද්ධ සංගමයේ පොත්හලින් ලබාගත හැක. පන්ති පැවැත්වනුයේ සෙනසුරාදා දිනවල සවස 03.00 සිට 05.00 දක්වා වන අතර මේ සඳහා සුළු මුදලක් පරිපාලන වියදම් සඳහා අයකරගනු ලැබේ. අයඳුම්පත් කොළඹ තරුණ බෞද්ධ සංගමයෙන් ලබාගත හැකි අතර, 2011 මාර්තු 31 වෙනි දිනට පෙර ඉල්ලුම්පත් පහත දක්වා ඇති ලිපිනයට එවිය හැකි බවද කියයි. කොළඹ තරුණ බෞද්ධ සංගමය, 70, ඩී. එස්. සේනානායක මාවත, බොරැල්ල, කොළඹ – 08 එම ලිපිනය වේ.

මැදින් පුර අටවක පෝය

මැදින් පුර අටවක පෝය මාර්තු 12 වන දා සෙනසුරාදා අපරභාග 04.54 ට ලබයි.
13 වන දා ඉරිදා අපරභාග 05.15 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 12 වන දා සෙනසුරාදා ය.
මීළඟ පෝය
 මාර්තු 19 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 12

Full Moonපසෙලාස්වක

මාර්තු 19

Second Quarterඅව අටවක

මාර්තු 26

New Moonඅමාවක

අප්‍රේල් 02

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]