UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සප්ත –ආය¸ ධනයෙන් ධනවත් වූ රාහුල තෙරණුවෝ

රාහුල කුමරුන් පැවිදි කළ බැව් ඇසූ සුද්ධෝදන රජතුමා සම්බුදුරදුන් වෙත එළඹ “ස්වාමීනි ඔබ වහන්සේ එදා අනෝමා නදී තීරයෙහිදී පැවිදි වූ බැව් අසා මට මහත් දුකක් ඇතිවිය. ඔබ වහන්සේ කිඹුල්වතට වැඩමකිරීමෙන් තුන්වෙනිදා නන්ද කුමරුන් පැවිදි කළ කල්හිද එබදුම දුකක් ඇතිවිය. මේ රාහුල කුඩා කුමරුන් මහණ කිරීමෙන් මට ඉතා බලවත් වූ දුකක් විය. භාග්‍යවතුන් වහන්ස දරු සෙනෙහස වූ කලි මවුපියන්ගේ සිවිය සිදුරුකොට සම සිදුරු කරයි.

සම සිදුරුකොට මාංශය සිදුරු කරයි. මස සිදුරු කොට නහර සිදුරු කරයි. නහර සිදුරුකොට ඇට සිදුරු කරයි.ඇට සිදුරුකොට ගොස් ඇට මිදුලෙහි හැපී සිටින්නේය. එසේ හෙයින් ස්වාමීනි, මම ඔබ වහන්සේගෙන් එක් ඉල්ලීමක් කරමි. එනම් “ මවුපියන් විසින් නොඅනුදත් (අවසර නුදුන්) කුලදරුවන් පැවිදි නොකරන්නේ නම් ඉතා මැනවැ” යන්නයි.

භාග්‍යවතුන් වහන්සේ ඔහුට දහම් දෙසා භික්‍ෂු සංඝයා රැස්කොට “ න භික්ඛවේ මාතාපිතූ®හී අනුඤ්ඤාතො පබ්බාජෙතබ්බෝ” මහණෙනි, (මින් පසු) මවුපියන් විසින් නොඅනුදත් කුල පුතුන් පැවිදි නොකළ යුතුයැයි නියම කළ සේක.

මෙසේ පැවිදි කරවනු ලැබූ රාහුල සාමණේරයන් වහන්සේට තථාගතයන් වහන්සේ අවවාද වශයෙන් රාහුලෝවාද සූත්‍රය වරින්වර දේශනා කළ සේක. ඉන්පසු ශික්‍ෂාකාමී ගුණයෙන් (කීකරුවෙමින්) වැඩෙන්නට වී (දිනක් රාත්‍රී නිදාගැනීමට තැනක් නොවූයෙන් සම්බුදුරදුන් පරිභෝග කරන වැසිකිළියට ගොස් සයනය කෙළේද අධික “ කීකරු කම” නිසයි. අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රයද උන්වහන්සේට වදාළ දේශනාවකි.

ඉන්පසු රාහුල සාමණේරයන් වහන්සේගේ අටළොස් වියෙහි දී විදර්ශනාඥානය මුහුකරවීම සඳහා මහාරාහුලෝවාද සූත්‍රය දේශනා කළ සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ රාහුල සාමණේරයන් වහන්සේගේ නුවණ මේරූ බැව් දැන එක්තරා දිනයක අන්ධවනයෙහිදී චූලරාහුලෝවාද සූත්‍රය දේශනා කළසේක. එම දේශනාවසාන යෙහිදී රාහුල සාමණේරයන් වහන්සේ කෙළ දහසක් දෙවියෝද රහත් වූහ. සෝවාන් ආදී සෙසු මාර්ග ඵල ලත් දෙවියන්ගේ ගණන අප්‍රමාණ විය. සාමණේර ජීවිතයේදීම රාහුල තෙරුන් වහන්සේ සප්ත ආර්ය ධනයෙහි හිමි බව ලැබූ සේක. ආර්යභාවය ලබාදෙන්නාවූ ආර්යයන් සතුවූද, ශ්‍රද්ධා, ශීල ආදී ධර්මය සප්තකය “ සප්ත ආය¸ධන “ නමැති දතයුත්තේය.

ශ්‍රද්ධාධනය, ශීලධනය, හිරිධනය,ඔත්තප්පධනය , ශ්‍රැතධනය, ත්‍යාගධනය, ප්‍රඥාධනය යන මේ ආය¸ ධන සත සම්බුදුරජාණන් වහන්සේගේ තත් ශ්‍රාවක පුත්‍ර සමූහයාට උරුම විය යුතු දයාද යැයි පීතෘසන්තක ධනයයි. පියා සන්තකව පැවැති සතර මහානිදාන ධනය හා ඒ සම්බන්ධ සියලුම දායාදයන් ඉල්ලා සිටි රාහුල පුතුට සම්බුදුරජාණන් වහන්සේ ලෝකෝත්තර ආය¸ ධනයෙහි හිමිකම ලබා දුන්නේ ඒ නිසයි.

නවම් පුර අටවක පෝය

නවම් පුර අටවක පෝය පෙබරවාරි 10 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 12.00 ට ලබයි.
12 වන දා සෙනසුරාදා පූර්ව භාග 01.24 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 11 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය
පෙබරවාරි 17 වන දා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 11

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 17

Second Quarterඅව අටවක

පෙබරවාරි 24

New Moonඅමාවක

මාර්තු 04

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]