UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
2429598, 2429429

ෆැක්ස්:
2429329, 2449069

ඊමේල්:
[email protected]

නවම් පුර අටවක - 2011.02.11

සීතා මෙත් සිතන කල

ාල්මිකී විසින් ක්‍රි.පූ 4 වන සියවසේ දී රචනා කරන ලද රාමායණය නමැති භාරතීය වීර කාව්‍යයට පාදක වී ඇත්තේ ලංකාවේ රාවණ රජු හා අයෝධ්‍යාවේ රාම රජු අතර ඇති වූ යුද්ධය පිළිබඳ පුරාවෘත්තය යි. සිය නැගණිය සුපර්ණිකා හට, රාම රජු ගේ සොහොයුරු ලක්ෂ්මණ ගෙන් සිදු වූ අවමානයට පළිගැනීම පිණිස සීතා පැහැර ගෙන ඒම සඳහා වයස්ගත තාපසයකු මෙන් වෙස් ගත් රාවණ රජු සීතා (රාම ගේ බිරිඳ) සිටි පංචාවතී අසපුව වෙත ගියේ ය. එම තාපසයාට පූජා කිරීමට පලතුරු පැසක් රැගෙන එන සීතා, ඔහු කොයි දේශයේ සිට පැමිණියේ දැයි ඇසූ කල්හි, මම රාවණ පුරයේ සිට එන්නෙමියි තාපසයා පිළිතුරු දෙයි.

‘’රාවණ පුරය? එය රකුසන්ගේ් රට නොවැ. ඔබ වැනි සාධුවරයකු එ වැනි රටක සිට...’’ යැයි සීිතා අසන්නී ය.

‘’ඇයි මේ ඔවුන් ගැන වැරැදි වැටහීමක්’’ යැයි විමසන රාවණ මෙ සේ කිය යි. ‘’ඔවුහු කරුණාවන්තයෝ ය. නැණ නුවණින් ද පිරිපුන් ය’’.

එහෙත්, ලංකාව පිළිබඳ ව සීතා එදා දැරූ මතය ඇතැම් භාරතීයන් තුළ තවමත් ඇති සෙයකි. ඉන්දු ලංකා සබඳතාවලට අදාළ මෑත කාලීන බොහෝ දේශපාලන සිදුවීම් දෙස බැලූ කල එ බඳු මතයක් දැරීම ඉතා සාධාරණ ය. ඒ බව චෙන්නායි නුවර මහාබෝධි විහාරයට පසුගිය ජනවාරි 24 වන දා එල්ල වූ ප්‍රහාරයෙන් ද සනාථ කැරේ. මහාබෝධි විහාරයට රුපියල් ලක්ෂ හතළිහක පමණ හානියක් සිදුකළ එම ප්‍රහාරයෙන් මහාචාර්ය කඹුරුගමුවේ වජිර හිමි, නේපාල ජාතික මෛත්‍රී හිමි, තිස්සමහාරාමයේ ජිනරතන හිමි හා සමිත හිමි තුවාල ලැබූ හ. එම ප්‍රහාරය පිළිබඳ ව මහාචාර්ය කඹුරුගමුවේ වජිර හිමියන් රිවිර පුවත්පතට මෙසේ ප්‍රකාශ කැර තිබිණ.

‘‘මේ ප්‍රහාරය සිද්ධ කළේ කඹුරුගමුවේ වජිර කියන මේ මට නොවෙයි. ශ්‍රී ලංකාවට යි. ලංකාවේ බෞද්ධ භික්ෂුවකට පහර දුන්නේ් මුළු ලංකාවටම රිදෙන්න යි. අපේ රටේ අපි උදාකරගත් උදාර නිදහස සහ ජාතික සමඟිය ගැන ඊර්ෂ්‍යාවෙන් කටයුතු කරන පිරිස් ලංකාවෙත්, ලෝකය පුරාත් ඉන්නවා. බෞද්ධ භික්ෂුවකට පහරදීම තුළින් ශ්‍රී ලංකාව තුළ යළි සිංහල - දෙමළ අරගලයක් ඇති කිරීමට ඒ අයට අවශ්‍ය වෙලා තිබෙනවා. ඒක අතිශය දුෂ්ට චේතනාවක්. මේ නිසා අපි ඒ දුෂ්ට චේතනාවට රැවටිය යුතු නැහැ. මට පහර දුන්නත් මම කිසිවකුට වෛර කරන්නේ නැහැ. ඒ නිසා මම ඉතා ම ගෞරවයෙන් මේ රටේ මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ සිදුවීම ජාතිවාදය ඇවිස්සීමට හේතුවක් කර ගන්න එපා කියල යි.”

‘‘මසුන් මරන්නට ලංකාවේ දේශසීමාවට පැමිණි ඉන්දියානු ධීවරයන් දෙදෙනකු ලංකාවේ හමුදාවෙන් ඝාතනය කළ නිසා අපට ගැහුවා කියලා කට කතාවක් පැතිර යනවා. නමුත් ශ්‍රී ලංකා හමුදාව එ වැනි නින්දිත වැඩක් නො කළ බව ආරංචි මාර්ග ඔස්සේ අපි තහවුරුැ කර ගත්තා’’.

එම ප්‍රහාරය පිළිබඳව ජනවාරි 30 වන දා ඉරිදා ලංකාදීප පත්‍රයට ඇස්. පියසේන මහතා ලියූ ලිපියක කොටසක් මෙහි උපුටා දක්වමු.

‘’මා මදුරාසියේ නියෝජ්‍ය මහකොමසාරිස් පදවිය දැරූ 1983 - 1985 කාලය තුළ මහාබෝධියට මැර ප්‍රහාර කිහිපයක් එල්ල විය. එක් මැර ප්‍රහාරයක් එල්ල කරන ලද්දේ තමිල්නාඩුවේ ශිවකාසි කොට්ඨාසය නියෝජනය කරන වයි. කෝපාල්සාමි (වයිකෝ) මෙහෙයවූ පෙළපාලි කරුවන් විසිනි. මේ කාලයේ දී මහබෝධිය වසා තැබීමට අපට සිදුවිය’’.

මේ කරුණු අනුව මහාබෝධි විහාරයට එල්ල වූ ප්‍රහාරය අහඹු සිද්ධියක් හෝ හුදු අපරාධකාරී චේතනාවෙන් සිදුකළ ක්‍රියාවක් නො වන බව පැහැදිලි ය. එය සැබවින් ම සංවිධානාත්මක ව එල්ල කළ මතවාදී ප්‍රහාරයකි.

ඉංගී‍්‍රසි දාර්ශනික බර්ට්‍රන්ඩ් රසල් ලියූ, “වෙනස්වන ලෝකයක් සඳහා නව බලාපොරොත්තු’’ නමැති කෘතියෙහි පෙන්වා දී ඇති ආකාරයට මිනිසා සොබාදහමට එරෙහි ව, අනෙක් මිනිසුන්ට එරෙහි ව හා තමාට එරෙහි ව නිරන්තර අරගලවල යෙදී සිටින බව අප අමතක නො කළ යුතු ය. රසල් ගේ එම ප්‍රවාදය වෙනත් වචන වලින් පවසන්නේ නම් ඒවා මිනිසා ගේ ස්වාභාවික, සමාජයීය හා මනෝ විද්‍යාත්මක ගැටලු ලෙස හඳුනා ගැනීමට පුළුවන. මේ අනුව මහාබෝධි විහාරයට එල්ල වූ ප්‍රහාරය සමාජයීය ගැටලුවකි. ඊළඟට අවශ්‍ය වන්නේ එය විසඳා ගැනීමට ඇති මාර්ගය හඳුනා ගැනීම ය. ඇස්. පියසේන මහතා ලංකාදීපයට ලියූ ලිපියෙහි සඳහන් සිද්ධියකින් අපට ඒ සඳහා ආලෝකයක් ලැබේ. එම සිද්ධිය මෙ සේ ය.

ගයාවේ සිට මදුරාසියට දුම්රියෙන් වැඩම කළ නිල්වත්තේ සෝමානන්ද හිමියන් මහාබෝධියට ගමන් කිරීම සඳහා රික්ෂෝ අංගණය වෙත පැමිණි විට රික්ෂෝ කරුවන් උන්වහන්සේට හිරිහැර කැර තිබේ. එක් රික්ෂෝ කරුවකු සෝමානන්ද හිමියන්ට පහරදී ඇත්තේ සෙරෙප්පුවෙනි. මේ අවස්ථාවේ හැඩිදැඩි තරුණයකු එහි පැමිණ කලහකාරී පිරිසට තර්ජනය කොට ඔවුන් පලවා හැර උන්වහන්සේ කුලී රියකට නංවා අවශ්‍ය ස්ථානයට රැගෙන යන ලෙසත්, මුදල් අය නො කරන ලෙසත් නියෝගාත්මකව පවසා ඇත. කලහකාරීන් ගෙන් සෝමානන්ද හිමියන් රැකගත් ඒ තරුණයා, මෙන් ම කුලී රථයේ රියැදුරා ද අම්බෙට්කාර් තුමා ගේ අනුගාමික බෞද්ධයෝ ය.

සීතා මෙන් සිතන අය ද බුදු දහමෙන් ජයගත හැකි බව මෙයින් පෙනේ. එහෙත්, ඒ සඳහා පිළිවෙතින් සන්නද්ධ ව සිටීම අවශ්‍යය ය.

නවම් පුර අටවක පෝය

නවම් පුර අටවක පෝය පෙබරවාරි 10 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 12.00 ට ලබයි.
12 වන දා සෙනසුරාදා පූර්ව භාග 01.24 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 11 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය
පෙබරවාරි 17 වන දා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 11

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 17

Second Quarterඅව අටවක

පෙබරවාරි 24

New Moonඅමාවක

මාර්තු 04

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]