UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

29 වන දා අභිනව විහාර මන්දිරය විවෘත කැරෙන

බණ්ඩාරගම වික්‍රමශිලා මහ පිරිවෙන

බණ්ඩාරගම වික්‍රමශිලා මහ පිරිවනේ අහිනව විහාර මන්දිරය මෙම මස 29 වනදා අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කැරේ.


දෙමහල් මන්දිරයක් ලෙස සැලසුම් කර, වැඩ අවසන් කර ඇති විහාර මන්දිරයේ පහළ මහලය

බණ්ඩාරගම උඳුගොඩ වර්තමානයේ ස්ථාපිත වී ඇති වික්‍රමශිලා මහ පිරිවෙන එදා හඳුන්වා ඇත්තේ බෝධිරුක්ඛාරාමය යනුවෙනි. ඊට පාදක වී ඇත්තේ වසර සිය ගණනකට නෑකම් කියන මහා බෝධි වෘක්ෂයක් මුල්වී ඇති බැවිනි. එම බෝධින් වහන්සේ නිසාම මීට වසර 50 කට පමණ පෙර එහි කුඩා ආරාමයක් ඉදිවී ඇත. ඒ සඳහා ඉවහල්වී ඇත්තේ බණ්ඩාරගම උඳුගොඩ පදිංචිව සිටි ආටිගල නම් සම්භාවනීය පෙළපතක සැදැවත් මාතාවක් විසින් තමන් සතු බෝධිය හා සම්බන්ධ පර්චස් 7 ක විශාල භූමි භාගයක් ශාසනයට පූජා කිරීම හේතුවෙනි. බෝපිටියේ පඤ්ඤාාලංකාර නාහිමියන් එම ආරාමයේ ආදී කර්තෘවරයාන් වෙති.


පැරැණි බෝධින් වහන්සේ

කටුමැටි ගැසූ සංඝාවාසයේ වැඩ සිටිමින් විහාරස්ථානයකට අවශ්‍ය කරන සෙසු ගොඩනැගිලි ඉදිකිරීම උන්වහන්සේගෙන් ආරම්භවූ අතර, සිව් වසරක් යන තුරු උන්වහන්සේ ආධිපත්‍යයේ වැඩ සිට ඇත. අනතුරුව 1988 දී තමන් සතු අයිතිය රොටුඹ පේමරතන හිමියන්ට පැවරීය.

ඒ වනවිට කැලේ පන්සල යන නමින්ද එම ආරාමය හැඳින්වීමට හේතුවී ඇත්තේ රබර් වතු යායක් හා කැලෑ බද ප්‍රදේශයක් මැද ඉතාමත් නොදියුණු මට්ටමකින් පැවැති බැවිනි. ඒ වන විට මෙහි පැවැති කුඩා ධර්මශාලාව දිරාපත් වෙමින් තිබී ඇත. දාන ශාලාවක්ද එකල නොතිබිණි. ඒ නිසාම සියලු ගොඩනැගිලි යළි ප්‍රතිසංස්කරණය කිරීමේ මහඟු අභියෝගයට වත්මන් විහාරාධිපතීන් වහන්සේට මුහුණ දීමට සිදුවිය.

අද එම තත්ත්වය හාත්පසින්ම වෙනස් වී තිබේ. නෙත් පුබුදුවන සිත් සනසන ශාන්ත සුන්දර පරිසරයක් තුළට එදා කැළේ පන්සල නැතහොත් බෝධිරුක්ඛාරාමය වික්‍රමශිලා පිරිවන නමින් පරිවර්තනය කිරීමට හැකිවී ඇත්තේ රොටුඹ ප්‍රේ‍මරතන හිමියන්ගේ දැඩි කැපවීම නිසාය.


පැවිදි සිසුන්ගේ නේවාසිකාගාරය

1999 දී ගුරුභවතුන් පස් දෙනෙකුගෙන් හා පැවිදි සිසුන් 15 නමකගේ සහභාගිත්වයෙන් ඇරැඹි එම පිරිවෙන අද පැවිදි සිසුන් හා ශිෂ්‍ය ශිෂ්‍යාවන් දෙපාර්ශ්යේම සහභාගිත්වයෙන් 350 ක් ඉක්මවා ඇති අතර, ගුරු මණ්ඩලය 21 දෙනකුගෙන් සමන්විතය. ප්‍රේ‍මරතන හිමියන් එහි පරිවෙනාධිපති වශයෙන්ද කළුතර දිස්ත්‍රික් පරිවෙනාධිපති කෘත්‍යාධිකාරි සංගමයේ ලේකම් ධූරයද දරති.


පරිවෙනාධිපති
ශ්‍රී සද්ධර්ම වාගීශ්වර
ශාස්ත්‍රපති විශාරද
සාහිත්‍යශූ®රී දර්ශනපති රොටුඹ පේමරතන හිමි

ශ්‍රී සද්ධර්ම වාගීශ්වර ශාස්ත්‍ර විශාරද සාහිත්‍යශූරී දර්ශණපති රොටුඹ පේමරතන හිමියන් එම විහාර භූ®මියේ ආධිපත්‍යයට පත්වීමෙන් අනතුරුව ඉතා කෙටි කාලයක් තුළ සංවර්ධිත කටයුතු රැසක් නිම කිරීමට සමත් විය. සුළු දායක පිරිසක් සමග පොදු ජන සුවසෙත සලසන විට මුන්වහන්සේට විවිධ සම්බාධක ඇති නොවුනාම නොවේ. ඒ අභියෝග උන්වහන්සේ විසින්ම තම උත්සාහය මගින් ජයගත්හ. එහි ප්‍රතිඵලය වූයේ, විහාරස්ථානයකට අවශ්‍ය විහාරාංග ඇතුළු අධ්‍යාපනය හදාරන භික්‍ෂූන් වහන්සේ වෙනුවෙන් ද සිය ගණනකට ඉඩ කඩ ඇති භික්‍ෂු නේවාසිකාගාරයක් ද ඉදිකිරීමය.

විනයානුකූ®ලව මනා පරිපාලනයකින් යුක්තව දිනපතා පෙරවරු 5.00 සිට රාත්‍රි 10 වන තෙක් විධිමත් පරිපාලන කටයුතු සිදුවීම නිසා සිසුන් ධර්ම ඤාණයෙන් මෙන්ම ගුණ දහමින්ද පෝෂණයවී ඇත. ධර්ම දේශනා, බෝධි පූජා, පිරිත් දේශනා, ජාතක ධර්ම දේශනා සඳහා ද විශේෂ පුහුණවක් දෙන නිසාම පැවිදි සිසුන් වසරින් වසර වැඩිවී ඇත. දිස්ත්‍රික් තරගවලින් වාර්ෂිකව ජයග්‍රහණ රාශියක්ම මේ වන විට හිමිවි තිබීම කාගෙත් අමන්දානන්දයට හේතුවේ. එසේම ශ්‍රී පඤ්ඤාලංකාර දහම් පාසල සීඝ්‍ර වර්ධනයක් කරා ගොස් උසස්තම ප්‍රතිඵල දක්වා තිබීම ද අගය කළ යුතුවේ.

විහාරස්ථානයට හා පිරිවෙනට අඩුපාඩුවක්ව පැවති විහාර මන්දිරය, දර්ශනීය දෙමහල් මන්දිර සැලැස්මක් මත පහත මාලයේ ඉදිකිරීම් අවසන් කර එය ලබන 29 වන දින විවෘත වේ. උඩුමහල ගංඨාකාර, ඝටාකාර, ධාන්‍යකාර, පත්මාකාර ආමලාකාර සහ ස්ථම්භකාර චෛත්‍යයන් හයක් එකම ස්ථානයේ පිහිටුවා වැද නමස්කාර කිරීමේ අවස්ථාව සැලසීමේ සැලැස්මක් ඇත.

29 වන දා සිට පෙබරවාරි 06 වන දා දක්වා විහාරස්ථානයේ පින්කම මාලාවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

දුරුතු පුර පසළොස්වක පෝය

දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 19 වන දා බදාදා පූර්ව භාග 5.19 ට ලබයි.
20 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 02.51 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 19 වන දා බදාදාය

මීළඟ පෝය
ජනවාරි 26 වන දා බදාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 26

New Moonඅමාවක

පෙබරවාරි 02

First Quarterපුර අටවක

පෙබරවාරි 11

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 17

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]