UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පැවිදි නම :- ගම්පහ විද්‍යාරවින්ද පරිවෙණාධ්‍යක්‍ෂක ශ්‍රී කල්‍යාණි සාමගි‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ ප්‍රධාන ලේඛකාධිකාරී එක්සත් රාජධානියේ තේමිස් බෞද්ධ විහාරයේ විහාරාධිපති බ්‍රිතාන්‍ය ප්‍රධාන සංඝනායක සද්ධම්මජෝතික ධජ ත්‍රිපිටක විශාරද ගෞරව ශාස්ත්‍රවේදී පහළගම සෝමරතන නාහිමි.

ගිහි නම :- රාජපක්‍ෂ ආරච්චිලාගේ සෝමසිරි

වැඩ වසන පන්සල :- පහළගම විද්‍යාරවින්ද පිරිවෙන් රාජමහා විහාරය, ලන්ඩන් තේමිස් බෞද්ධ විහාරය.

උපත :- වර්ෂ 1946 මැයි මස 26 දීය

පියා :- රාජපක්‍ෂ ආරච්චිලාගේ එමෝ සිංඤ්ඤෝ

මව :- ලිලීනෝනා රාජපක්‍ෂ

සහෝදර සහෝදරියන් :- සහෝදරියෝ පස්දෙනෙක් සහ සහෝදරියෙක් සිටී.

මූලික අධ්‍යාපනය :- ගම්පහ සිද්ධාර්ත බෞද්ධ විද්‍යාලය

උසස් අධ්‍යාපනය :- ගම්පහ පහළගම විද්‍යාරවින්ද පිරිවෙන

වර්ෂ 1967 ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ඇතුළත්වී 1967 වර්ෂයේ ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය ලබාගැනීම

1974 හා 1975 වර්ෂවල පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ බෞද්ධ කටයුතු පිළිබඳව වසර දෙකක ඩිප්ලෝමාව ලබාගැනීම

පැවිදිවීම :- වර්ෂ 1959 ජුනි මස 20 වන දින

උපාධ්‍යයන් වහන්සේ හා ආචාර්යවරයන් වහන්සේලා - ශ්‍රී කල්‍යාණී සාමාගි‍්‍ර ධර්ම සභාවේ මහානායක ධූරය දැරූ හල්ගස්තොට ශ්‍රී දේවානන්ද මහනාහිමි,

ගැටිටේපොළ විමලරතන නාහිමිපාණන් වහන්සේ,

මෑඩෑමුල්ලේ පේමරතන නාහිමි

උපසම්පදා දිනය :- වර්ෂ 1967 මාර්තු මස 22 වන දින කැලණි නදී උදකුක්ඛෙප සීමා මාලකයේදී

පැවිදි දිවියේ වැදගත් සිදුවීම් :- ගම්පහ පහළගම විද්‍යාරවින්ද පිරිවෙනේ රාජමහා විහාරයේ විහාරාධිකාරි ලෙස කටයුතු කිරීම. එක්සත් රාජධානියේ තේමිස් විහාරයේ ආරම්භක විහාරාධිපති ලෙස කටයුතු කිරීම .

මුද්‍රණය කර ඇති කෘති :- 1968 වර්ෂයේ “ සදහම් මග” කෘතිය, 2007 වර්ෂයේ “ නොකියවෙන බණ” කෘතිය

සම්මාන උපාධි ආදිය :- වර්ෂ 2006 දී බුරුම රජයෙන් ලැබුණ සද්ධම්ම ජෝතික ධජ ගෞරව නාමය

2010 වර්ෂයේ කැලණිය විද්‍යාලංකාර පිරිවෙනෙන් “ සද්ධර්ම විශාරද” නාමය

විදේශ ධර්ම දූත සේවාව :- ප්‍රංශය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, කැනඩාව, ඉන්දියාව, මැලේසියාව, සිංගප්පූරුව, තායිලන්තය, බුරුමය, ඉන්දුනීසියාව, හොංකොං

(මැද පෙරදිග රටවල් හැර සියලුම රටවල්)

තනතුරු - කල්‍යාණි සාමගි‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ ලේඛකාධිකාරි

පාලනය කරන පන්සල් :- අකරවිට අශෝකාරාම විහාරය, කිරිදිවිට විවේකාරාමය, කෝට්ටේගොඩ සිරිවර්ධනාරාමය, කෙරවලපිටිය ශාන්තියාරාමය සහ උඩුගම්පොළ සුදර්මාරාම විහාරය

දහම් පාසල් :- ශ්‍රී දේවානන්ද දහම් පාසල ආරම්භ කිරීම හා ප්‍රධානාචාර්ය ලෙස කටයුතු කිරීම

වෙනත් :- ගම්පහ පහළගම විද්‍යාරවින්ද පිරිවෙනේ ගුරුවරයකු වශයෙන් වසර කිහිපයක් කටයුතු කිරීම

1978 වර්ෂයේ එක්සත් රාජධානියට වැඩම කර ලන්ඩන් බෞද්ධ විහාරයේ වසර කිහිපයක් කටයුතු කිරීම, 1981 වර්ෂයේ තේමිස් බෞද්ධ විහාරය ආරම්භ කිරීම. 2007 වර්ෂයේ හැටී සෙනවිරත්න ළමා සංවර්ධන මධ්‍යස්ථානය ආරම්භකොට පවත්වාගෙන යාම

2008 වර්ෂයේ පහළගම ශ්‍රී සෝමරතන නාහිමි කාර්මික විද්‍යාලය, ආරම්භ කිරීම, ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ ලේකම් ලෙස කටයුතු කිරීම.

‘සෝමරතන නාහිමි’ මාවත සම්පූර්ණයෙන් කාපට් කිරීම

ගම්පහ විද්‍යාරවින්ද පිරිවෙනේ වාර්ෂික පෙරහර කටයුතු සිදුකිරීම.

දුරුතු පුර පසළොස්වක පෝය

දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 19 වන දා බදාදා පූර්ව භාග 5.19 ට ලබයි.
20 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 02.51 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 19 වන දා බදාදාය

මීළඟ පෝය
ජනවාරි 26 වන දා බදාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 26

New Moonඅමාවක

පෙබරවාරි 02

First Quarterපුර අටවක

පෙබරවාරි 11

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 17

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]