UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මෙත් සිත්

ලොවෙහි වෙසෙන අපා, දෙපා, සිව්පා, බහුපා සියලු සතුන් කෙරෙහි පතළ මෙත් කරුණාවෙන් තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ දෙසූ දහමත්, පැනවූ සික පදත් හැරුණුවිට එදිනෙදා ප්‍රායෝගිකව දිගහැරි ආදර්ශවත් ක්‍රියාදාමය නිසා ලොවෙහි සියලු මිනිසුන් අතර අග්‍රගණ්‍ය ස්ථානයක ලා සැළකෙන බව පළමුව සඳහන් කළ යුතු ය. “පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි” යනුවෙන් ශික්‍ෂාපදයක් පැණවීමෙන් පැහැදිලිවන්නේ බුදුරජාණන් වහන්සේ කොයිතරම් දුරට සත්ත්ව කරුණාව දැක්වූවා ද යන්නයි. ‘ප්‍රාණඝාතය’ අකුසලයක් ලෙස දක්වා ඉන් ගැලවීමට උන්වහන්සේ උගැන් වූ සේක.

ලොවෙහි වෙසෙන අපා, දෙපා, සිව්පා, බහුපා සියලු සතුන් කෙරෙහි පතළ මෙත් කරුණාවෙන් තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ දෙසූ දහමත්, පැනවූ සික පදත් හැරුණුවිට එදිනෙදා ප්‍රායෝගිකව දිගහැරි ආදර්ශවත් ක්‍රියාදාමය නිසා ලොවෙහි සියලු මිනිසුන් අතර අග්‍රගණ්‍ය ස්ථානයක ලා සැළකෙන බව පළමුව සඳහන් කළ යුතු ය. “පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි” යනුවෙන් ශික්‍ෂාපදයක් පැණවීමෙන් පැහැදිලිවන්නේ බුදුරජාණන් වහන්සේ කොයිතරම් දුරට සත්ත්ව කරුණාව දැක්වූවා ද යන්නයි. ‘ප්‍රාණඝාතය’ අකුසලයක් ලෙස දක්වා ඉන් ගැලවීමට උන්වහන්සේ උගැන් වූ සේක.

‘ප්‍රාණඝාතයෙන්’ වැළකීම පමණක් නොව, එයින් ඔබ්බට ද යාමට උන්වහන්සේ ඉගැන්වූ සේක. ‘කරණීය මෙත්ත සූත්‍රයෙන්’ සතුනට මෛත්‍රී කිරීමට ඉගැන්වූ සේක. ‘සියලු සත්ත්වයෝ සුව ඇත්තෝ වෙත්වා, නිර්භය වෙත්වා, සුවපත් සිතැත්තෝ වෙත්වා. කෙලෙස් සහිතවූද රහිත වූද යම් ප්‍රාණීහු වෙත්ද, දීර්ඝ වූ හෝ මහත් වූ හෝ මැදුම් පමණ වූ හෝ මිටි වූ හෝ සියුම් සිරුරු ඇත්තාවූ හෝ මහත් සිරුරු ඇත්තා වූ හෝ ප්‍රාණීහුද, ඇසට පෙනෙන්නාවූ හෝ නොපෙනෙන්නාවූ හෝ දුර වසන්නාවූ හෝ ළඟ වසන්නාවූ හෝ උපන්නා වූ හෝ උපදිමින් සිටින්නාවූ හෝ ඒ ප්‍රාණීහු සියලුදෙනම සුවපත් සිතැත්තෝ වෙත්වා!.

කිසිතැනක කෙනෙක් අනිකකු නොරවටන්නේය. කිසිවකුට අවමං නොකරන්නේ ය. කෝපයෙන් හෝ රෝෂයෙන් හෝ එකිනෙකාට දුකක් කරනු නොකැමැති වන්නේ ය. මවක් යම්සේ සිය දිවි හිමියෙන් තම එකම පුතු රකීද එමෙන් සියලු සතුන් කෙරෙහි අප්‍රමාණ වූ මෙත් සිත වඩන්නේ ය. උඩද යටද හරහට ද අවහිර නැතිව, වෛර නැතුව, සතුරන් නැතිව, සියලු සතුන් කෙරෙහි ප්‍රමාණ කළ නොහැකි සේ මෙත් සිත වඩන්නේ ය. සිටිමින් හෝ යමින් හෝ හිඳිමින් හෝ නිදමින් හෝ අවදියෙන් සිටිමින් හෝ මේ මෛත්‍රී සිත ඉටන්නේ ය. එම මෛත්‍රීසහගත සිතින් ජීවත්වීම ‘බ්‍රහ්මවිහාර’ නමින් හැඳින්වේ.

මේ ‘බ්‍රහ්මවිහාර’ තත්ත්වය ලබාගැනීම සඳහා මෛත්‍රී සහගත සිතින් තවදුරටත් මෛත්‍රී භාවනාවේ යෙදිය යුතු ය. නමස්කාර පාඨයෙන් පසු තෙරුවන් නමැද මෛත්‍රී භාවනාවේ යෙදිය හැක. එය පළමුව තමාගෙන්ම පටන්ගෙන, ඊළඟට තම පවුලේ සියලු සාමාජිකයන් සිතිවිලි කරගෙන, සියලු සතුන් කෙරෙහි මෛත්‍රී පැතිරවීම අර්ථවත්ය.

“මම වෛර නැත්තෙක් වෙම්මා
මම ක්‍රෝධ නැත්තෙක් වෙම්මා
මම නිදුක් වෙම්මා
මම නීරෝගී වෙම්මා
මම සුවපත් වෙම්මා
මම දුකින් මිදෙම්මා
මම නිවන් දකිම්වා”
යනුවෙන් තමාගෙන් පටන්ගෙන,
මාගේ පවුලේ සියලු දෙනා
වෛර නැත්තෝ වෙත්වා
ක්‍රෝධ නැත්තෝ වෙත්වා
නිදුක් වෙත්වා
නීරෝගි වෙත්වා
සුවපත් වෙත්වා
දුකින් මිදෙත්වා
නිවන් දකිත්වා”

යනුවෙන් තමාගේ පවුලේ සාමාජිකයන් මෙනෙහි කරමින් මෙත් සිත පතුරුවන අතර අනතුරුව “මාගේ හිතවත් වූ ද, අහිතවත් වූ ද, මැදහත් වූ ද සියලු සත්වයෝ

වෛර නැත්තෝ වෙත්වා
ක්‍රෝධ නැත්තෝ වෙත්වා
නිදුක් වෙත්වා
නීරෝගී වෙත්වා
සුවපත් වෙත්වා
දුකින් මිදෙත්වා
නිවන් දකිත්වා”

යනුවෙන් මුවින් නොව සිතින් කියමින් චිත්ත ඒකාග්‍රතාවයකට ගෙනයා හැකි ය. තුණුරුවන කෙරෙහි බැතිපෙම් උපදවා ශ්‍රද්ධාවෙන් යුතුව මේ මෛත්‍රී භාවනාවේ යෙදිය හැක. කාර්යබහුල දිවිපෙවෙතක් ගෙවන අයට මේ මෛත්‍රී භාවනාව රාත්‍රී නින්දට යාමට පෙරත් අලුයම අවදිවන විටත් කළ හැක.

අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ “මෙත්තානිසංස සූත්‍රයෙන්” මෙත් සිත්හි ආනිසංස එකොළොසත් වදාරා ඇත. “සුවසේ නිදයි, සුවසේ අවදිවෙයි, නපුරු සිහින නොදකියි.

මිනිසුන්ට පි‍්‍රය වෙයි. අමනුෂ්‍යයන්ට පි‍්‍රය වෙයි. දෙවියෝ රකිති, ගින්නෙන් හෝ ආයුධවලින් හානි සිදු නොවේ. වහා සිත සන්සුන් වෙයි. මුහුණ පැහැපත් වෙයි.

හොඳ සිහිකල්පනාවෙන් යුතුව දිවංගත වෙයි. රහත්වන්නට නොහැකිවීනම් මරණින් මතු බඹලොව උපදී.”

මෙහිදී තවත් වැදගත් දෙයක් සිහිපත් කළ යුතුව ඇත. සතුන් මැරීමෙහි යෙදී සිටින, සතුන් මැරීම වෘත්තියම කරගත්, එමෙන්ම තම කුස සුසාන භූමියක් කරගත් අය දවසේ පැය විසිහතරම තුළ මෛත්‍රී භාවනාව මැතුරුවත් එයින් නම් ඵලක් නොවේ.

එය අරුත් සුන් ක්‍රියාවකි. සියලු සත්නට මෛත්‍රී කළ හැක්කේ සතුන් නොමරන, සතුන්ගේ මස් අනුභව නොකරන මිනිසුනට පමණි.

 

දුරුතු පුර පසළොස්වක පෝය

දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 19 වන දා බදාදා පූර්ව භාග 5.19 ට ලබයි.
20 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 02.51 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 19 වන දා බදාදාය

මීළඟ පෝය
ජනවාරි 26 වන දා බදාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 26

New Moonඅමාවක

පෙබරවාරි 02

First Quarterපුර අටවක

පෙබරවාරි 11

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 17

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]