UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මා පිය අනුස්මරණ ශිෂ්‍යත්ව පදනම

2011 ශිෂ්‍යාධාර සඳහා ඉල්ලුම්පත් කැඳවයි

2010 අ.පො.ස උසස් පෙළ විභාගයෙන් සාර්ථක ප්‍රතිඵල ලබා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් ලබා ඇති අඩු ආදායම් ලාභී පවුල්වල සිසු දරුවන්ගෙන් 2011 ජනවාරි මස 31 දින දක්වා මෙවර ඉල්ලුම්පත් කැඳවනු ලැබේ. මා පිය අනුස්මරණ ශිෂ්‍යත්ව පදනම, වඩාත් පුළුල් වූ සාර්ථක වූ මෙහෙවරකට පා තබමින් මෙවර ද ප්‍රදානය කෙරෙන ශිෂ්‍යත්ව සංඛ්‍යාව විවිධ විෂය ක්‍ෂෙත්‍රයන් ඔස්සේ ව්‍යාප්ත කර ඇත. වෛද්‍ය, ඉංජිනේරු, කළමනාකරණ, නීති පීඨ සහ (විද්‍යා, ගණිත, කලා) ක්‍ෂෙත්‍රයන් ඔස්සේ ද සුදුසුකම් ලබා ඇති අඩු ආදායම්ලාභී පවුල්වල සිසුනට මෙවර වසරේ ශිෂ්‍යත්ව සඳහා ඉල්ලුම් කල හැක. මෙවර තෝරාගනු ලබන ශිෂ්‍යත්ව ලාභීන් වෙත, විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ පළමු වසර තුළ දී මසකට රුපියල් 1500 =/ බැගින් මාසිකව වාරික 12 ක් අඛණ්ඩව ශිෂ්‍යාධාර පිරිනමනු ලැබේ.

ඉල්ලුම්පත් අයදුම්කරුවන් විසින්ම තම අත් අකුරෙන්ම සකස් කරගත යුතුයි. එහි සම්පූර්ණ නම, ලිපිනය ,උපන්දිනය ජාතික හැඳුනුම් පත් අංකය , සම්බන්ධ කර ගත හැකි දුරකථන අංකයන් (නිවස,ජංගම, ඤාති, අසල්වැසි හිතවතෙකුගේ ) සහ පවුලේ සාමාජිකයින් සංඛ්‍යාව, ඔවුන් නිරත කාර්යයන් පිළිබඳව පැහැදිලි විස්තරයක් ද ඇතුළත් විය යුතු අතර, තම අත්සන යොදා පහත සඳහන් ලිපි ලේඛන සමගින් ඉදිරිපත් කළ යුතුයි.

අ.පො. ස (උ.පෙළ) 2010 විභාග ප්‍රතිඵල ලේඛනයේ , විදුහල්පති මගින් සහතික කරනු ලැබූ ඡායා පිටපත් සහ අ.පො.ස (සා.පෙළ) ප්‍රතිඵල ලේඛනයේ ඡායාපිටපතක්.

පවුලේ සාමාජික සංඛ්‍යාව, මාසික ආදායම, සහ ලබන වෙනත් දීමනා පිළිබඳව ග්‍රාම සේවක නිලධාරි මගින් සහතික කරනු ලැබූ ලිපියක්.

අයදුම්කරු ස්ථිර පදිංචිය ලබා ඇති ග්‍රාමයේ යාව ජීව දායකත්වය ලබා ඇති පූජණීය ස්ථානයේ නායක පූජ්‍ය උතුමණන්ගෙන් ලබාගත් චරිත සහතිකයක්.

මෙවර ශිෂ්‍යත්වය ඉල්ලුම්කිරීමට අව්‍යාජ හේතු, මුහුණ පා ඇති ආර්ථික ගැටලු ආදිය සඳහන් කරමින් විස්තරාත්මකව තම අත් අකුරෙන්ම ලියනු ලැබූ ලිපියක්....

(විශ්වවිද්‍යාලයක ලියා පදිංචිය ලද විගස ඒ බව තහවුරු කරමින්, විශ්වවිද්‍යාලය මගින් ලබාගත් ලිපියක් ද යථා කාලයේ දී ඉදිරිපත් කලයුතුව ඇත)

තමා විසින් සකස් කරගනු ලැබූ ඉල්ලුම්පත්‍රය , ඉහත අංක (1 –4) හි සඳහන් ලිපි ලේඛන සමගින් 2011 ජනවාරි මස 31 දිනට පෙර පහත සඳහන් ලිපිනයට යොමු කල යුතුය. වැඩි විස්තර සඳහා දුරකථන අංක 011 2877950 විවෘතව ඇත.

අධ්‍යක්‍ෂිකා සීතා ගුණතිලක මහත්මිය, “ මා පිය අනුස්මරණ ශිෂ්‍යත්ව පදනම” 392/2, පෙරේරා මාවත, කොටුවේගොඩ , රාජගිරිය .

දුරුතු මස පුර අටවක පෝය

දුරුතු මස පුර අටවක පෝය ජනවාරි 12 වන දා බදාදා පූර්වභාග 03.53 ට ලබයි.
13 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 06.05 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 12 වන දා බදාදා ය.

මීළඟ පෝය
ජනවාරි 19 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 12

Full Moonපසෙලාස්වක

ජනවාරි 19

Second Quarterඅව අටවක

ජනවාරි 26

New Moonඅමාවක

පෙබරවාරි 02

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]