UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

 වෙහෙර විහාර නංවන්න අත හිත දෙන ධර්ම ශ්‍රාම සංසද නාලන්දා ව්‍යාපෘති මණ්ඩලය

ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් ගතවූ වසර තිහක පමණ කාලයකදී උතුරු නැගෙනහිර පළාත්හි සහ සෙසු ප්‍රදේශයන්හි පිහිටි බෞද්ධ වෙහෙර විහාර රැසක් විනාශයට පත්වූ අතර මේ වන විට ඒවා යළි ප්‍රතිෂ්ඨාපනය කිරීම ආරම්භ කර තිබේ. මේ වෙහෙර විහාර යළිප්‍රතිසංස්කරණය කිරීම රජයකටම කළ නොහැක්කක් වන අතර ඒ සදහා ආගමික හා සිවිල් සංවිධානවලද සහාය ලැබිය යුතු වේ.

අභාවයට ගිය වෙහෙර විහාර රැක ගැනීමට කිසියම් හෝ සංවිධානයක් ඉදිරිපත්ව සිටි නම් ඊට සහය දැක්වීම ශ්‍රී ලාංකිකයන්ගේ යුතුකමකි.


ධර්මග්‍රාම සංසඳ නාලන්දා ව්‍යාපෘති මණ්ඩලය එහි වෙබ් අඩවිය නොබෝදා නාලන්දා විදුහල්පති රන්ජිත් ජයසුන්දර මහතා විසින් විවෘත කළ අවස්ථාව. පරාක්‍රම ජයසිංහ මහතා වෙබ් අඩවිය සඳහා සැලසුම් කළ අන්දම සුනිල් වික්‍රමතුංග, සරත් ජයවීර, වජිර කරුණාතිලක මහත්වරුද මෙහි වෙති.

උතුරු නැඟෙනහිර බෞද්ධ විහාරද රජයේ පාසල් ආදියද පුනරුත්ථාපනය කිරීමේ අරමුණෙන් කොළඹ නාලන්දා විද්‍යාලයීය ආදි සිසුන්ගේ සංවිධායකත්වයෙන් “ධර්ම ග්‍රාම සංසද නාලන්දා ව්‍යාපෘති මණ්ඩලය බීහි වී තිබේ.


ධර්මශ්‍රම සංසද නාලන්දා ව්‍යාපෘති මණ්ඩලය මඟින් ධර්මග්‍රාම වැඩ පිළිවෙල යටතේ ආර්ථික, අධ්‍යාපනික, ආගමික අංශ අනුව සිදුකරන දස දහසක් වෙහෙර වැඩ පිළිවෙල යටතේ පදවිය මහසෙන්පුර දලුග්ගල පුරාණ රජ මහා විහාරයේ නාලන්දා සෑය නමින් ඉදිකිරීම ආරම්භ කරන ලදී. විහාරාධිපති ගුණරතන හිමියන් සහ සංසදයේ ලේකම් සුනිල් වික්‍රමතුංග, සාමාජිකවරුන් වන නීතිඥ කේ. සේනාධීර, කේ.ඩී. රූපසේන සෑය ඉදිකිරීමේ කටයුතු භාර පාලිත තිලකරත්න යන මහත්වරු ද මෙහි වෙති.

23000ක් වන ගම්වල පිහිටා ඇති 10422 ක් පමණ වන බෞද්ධ වෙහෙර විහාරත් එම ගම්වල ආගමික – ආර්ථික අධ්‍යාපනික සෞඛ්‍යමය සදාචාර හා සෞන්දර්යාත්මක වශයෙන් සංවර්ධනයක් ඇති කිරීමටත් විහාරාධිපතිහිමිවරුන් හා දායක දායිකාවන්ට මඟ පෙන්වීම හා සහායවීමත් මෙම මණ්ඩලයේ අරමුණ වේ.

2006 වසරේ සිට අහ්තහදාබැලීමේ ව්‍යාපෘතියක් ලෙසින් පවත්වාගෙන යන “ධර්මග්‍රාම සංසද නාලන්දා ව්‍යාපෘති මණ්ඩලය” විසින් මෙම කර්තව්‍ය අනුරාධපුර, ත්‍රිකුණාමලය, මුලතිව් යන දිස්ත්‍රික්කවලට අයත් පදවිය, පදවි ශ්‍රීපුර, වැලිඔය, කැබිතිගොල්ලෑව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ ක්‍රියාත්මක කරගෙන යයි.

මේ අනුව එහි බෞද්ධ වෙහෙර විහාරස්ථාන 36ක්ද, මෙහෙණින් වහන්සේලා සඳහා උපාසිකාරාමයක් ද ඉදි කෙරේ. එම ප්‍රදේශවල රජයේ පාසල් 21 ක සංවර්ධන කාර්යයන්ට දායක වේ.

ධර්මග්‍රාම සංසද නාලන්දා ව්‍යාපෘති මණ්ඩලය විසින් මේ වන විට නටබුන් බවට පත්ව තිබෙන මහසෙන් රජතුමා විසින් ඉදිකළ පදවිය මහසෙන්පුර (දලුග්ගල නමින් වත්මනෙහි හඳුන්වයි) ඉපැරැණි විහාරස්ථානයේ පැවති චෛත්‍යරාජයාණන්වහන්සේ යළි ගොඩනැඟීමේ මහඟු පුණ්‍ය කටයුත්ත ආරම්භ කොට තිබේ.

පැරණි චෛත්‍ය වෙනුවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනුමත කරන ලද ස්ථානයක අඩි 20 ක් උසට අඩි 16 ක විශ්කම්භයකින් යුත් අඩි 14 ක වාහල්කඩකින් යුතුව සෑයක් ඉදිකිරීමටත් එම සෑය “නාලන්දා සෑය” නමින් නම් කොට බුදුසසුනට පූජා කිරීමටත් අදහස් කෙරේ.

එම සෑය ඉදිකිරීම සඳහා රුපියල් ලක්‍ෂ 15 ක මුදලක් වැයවන අතර මේ වන විට රුපියල් ලක්‍ෂ තුනක මුදලක් වැයකර මූලික ඉදිකිරීම් ආරම්භ කොට ඇත.

ඉතිරි ලක්‍ෂ 12ක මුදල ආදි නාලන්දියයන්ගෙන් සහ පින් කැමති සැදැහැවතුන්ගෙන් ලබා ගැනීමට අපේක්‍ෂා කෙරේ. ඉදිරියේ දී අරමුදල් රැස්කර ගැනීමෙන් අනතුරුව 2010 වසරේ සියලු ඉදිකිරීම් අවසන් කර 2011 වසරේ 2600 වැනි වෙසක් පුන් පොහෝදා එම සෑය බුදුසසුනට පූජා කිරීමට නියමිතය.

මෙම නාලන්දා සෑය (චෛත්‍යය) ඉදිකිරීම සඳහා මුදලින් දායකවීමට කැමති පින්වතුන්ට දායක විය හැකි ය. ඒ සම්බන්ධයෙන් වැඩි විස්තර www.dharmagramanalandawebs.com යන වෙබ් අඩවියේ ඇතුළත් වේ.

ධර්මග්‍රාම සංසද නාලන්දා ව්‍යාපෘති මණ්ඩලයේ ලේකම් සුනිල් වික්‍රමතුංග.

 

 

ඉල් අව අටවක පෝය

ඉල් අව අටවක පෝය නොවැම්බර් 28 වනදා ඉරිදා අපරභාග 03.08 ට ලබයි.
29 වනදා සඳුදා අපරභාග 01.03 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 28 වන දා ඉරිදාය.
මීළඟ පෝය
දෙසැම්බර් 05 වනදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 28

New Moonඅමාවක

දෙසැම්බර් 05

First Quarterපුර අටවක

දෙසැම්බර් 13

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 20

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]