UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

පිළියන්දල, දැල්තර, අංක 156 ලිපිනයේ පදිංචි, අවුරුදු 2 1/2 කවයසැති කුඩා ගැහැණූ දරුවකුගේ මවක් වන ඒ.එම්.සෝමලතා පීරිස් දරුණු වකුගඩු ආබාධයකින් පෙලෙන බැවින්, ඇයට ඉක්මණින් වකුගඩුවක් බද්ධ කළ යුතු යැයි වෛද්‍යවරු නිර්දේශ කර ඇත. ඒ සඳහා බී හෝ ඕ පොසිටිව් රුධිර කාණ්ඩයේ වකුගඩුවක් පිරිනැමිය හැකි අයෙක් ඉහත සඳහන් ලිපිනයට හෝ පහත දුරකථන අංක වලින් විමසන මෙන් ඉල්ලා සිටිනු ලැබේ.

දුරකථන අංක – 011 2645250 , 077 9329565 , 011-2618154 වේ.


අංක 18, කෝන්වැව, තඹුත්තේගම ලිපිනයේ පදිංචි එච්.ඩී.කාන්ති අයිරාංගනී (45) මහත්මිය දරුණු වකුගඩු ආබාධයකින් පෙලෙන්නීය.

ඒ හේතුවෙන් ඇයගේ වකුගඩු දෙකම අක්‍රියව පවතී. එබැවින් වෛද්‍ය නිර්දේශය මත ඇයට ‘බී’ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතුව ඇතැයි කියති.

වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති පිංවතකු සිටීනම් ඉහත ලිපිනයට හෝ 071 –7465020 , 071-5162993 යන දුරකථන අංකයන් වෙත අමතන මෙන් ඇයගේ වැඩිමහල් පුතා ඉල්ලා සිටී.


 

අංක 15 ජනජය නිවාස, ඉහළ ඉඳිබැද්ද, මොරටුව පදිංචි එම්.මනෝෂාන් පෙරේරා තරුණ මහතාගේ වකුගඩු දෙකම අක්‍රිය වී ඇති බව කොළඹ මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය නිර්දේශය වී ඇත. එබැවින් ඉතා ඉක්මනින් ඔහුට වකුගඩුවක් ලබා දීම වෛද්‍ය තුමාගේ නිර්දේශය වී ඇත.

ඒ මහතාගේ ජීවිතය බේරා ගැනීම සඳහා ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් ලබාදීමට කැමති අය මෙම 072 5253701 / 0112654318 අංක අමතන මෙන් ඉල්ලා සිටියි.

ඔහුගේ වකුගඩු බද්ධ කිරීම හා ඉන්පසු ඇති සියලු වියදම පියවා ගැනීම සඳහා පහත බැංකු ගිණුම්වලට ආධාර උපකාර කිරීමෙන් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට ඔබටද සම්මාදම් විය හැකිබවද කියයි.මොරටුව මහජන බැංකුව

ගිණුම් අංකය :- 091 – 2 – 002 – 8 –2830754 වේ


තලාතුඔය , හිප්පොල පාර, අංක 32/1ඒ දරණ ඬවසෙහි පදිංචි සුමේධ සමරවික්‍රම දහනායක (37) මහතා දරුණු හෘදයාබාධයකින් පෙළෙයි. ඔහුට හදිසි ශල්‍යකර්මයක් කිරීමට අවශ්‍ය බව විශේෂඥ වෛද්‍ය නිර්දේශකොට තිබේ.

පෞද්ගලික ආයතනයක සේවය කරන ලද ඔහුට අසනීප තත්ත්වය හේතුවෙන් රැකියාවෙන්ද සමුගැනීමට සිදුව තිබේ.

ශල්‍යකර්මයට අවශ්‍ය මුදල සොයාගැනීමට පිහිටවන ලෙස ඔහු ඉල්ලීමක් කරයි.

ගිණුම් අංකය – 158,200,157,36,7666

මහජන බැංකුව - තලාතුඔය ශාඛාව දුරකථන අංකය – 081 –7921027 , 072 – 9402080 වේ .


අනුරාධපුර, දේවානම්පියතිස්සපුර, නොම්මර 675 ලිපිනයේ පදිංචි ඩී.ජී. රම්‍යා ඉන්ද්‍රාණි මහත්මිය අසාධ්‍ය වකුගඩු රෝගයකින් පෙළෙන අතර ඇයගේ ජීවිතය බේරාගැනීම සඳහා කඩිනමින් වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍යවරු නිර්දේශ කර ඇතැයි කියති. ඇයගේ ජීවිතය බේරා ගැනීම සඳහා “ඒ පොසිටිව්” හෝ “ඕ පොසිටිව්” වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති පරිත්‍යාගශීලියකු වේනම් 0718912477 අංකයට හෝ ඉහත ලිපිනය අමතන ලෙස ඇය ඉල්ලා සිටියි.


කලටුවාව 330 බී, නුගදන්ඩ පදිංචි එම්.ජයන්ත වීරවංශ මහතාගේ අවුරුදු 11 පමණ වයසැති එච්.සඳුන් වීරවංශ පුතණුවන් දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන හෙයින් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට ඕ පොසිටිව් වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව පේරාදෙණිය රෝහලේ ශල්‍ය වෛද්‍යතුමා විසින් නිර්දේශ කර ඇත.

එබැවින් ඕ පොසිටිව් වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයෙක් වෙතොත් 0713063995 , 0717364087 යන දුරකථන අංක වෙත අමතන මෙන් ඉල්ලීමක් කරයි.

ඉල් අව අටවක පෝය

ඉල් අව අටවක පෝය නොවැම්බර් 28 වනදා ඉරිදා අපරභාග 03.08 ට ලබයි.
29 වනදා සඳුදා අපරභාග 01.03 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 28 වන දා ඉරිදාය.
මීළඟ පෝය
දෙසැම්බර් 05 වනදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 28

New Moonඅමාවක

දෙසැම්බර් 05

First Quarterපුර අටවක

දෙසැම්බර් 13

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 20

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]