UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ලෝක බෞද්ධ මහා සම්මේලන සමුළුවෙන්...


සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා සිදුකළ උදාර මෙහෙවර වෙනුවෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ලෝක බෞද්ධ මහා සම්මේලනය මඟින් තිළිණ කළ ගෞරව සම්මානය එම සම්මේලනයේ මහ ලේකම් පැලොෆ් තියාරි මහතා විසින් පිරිනමනු ලැබු අයුරු.

 

ලෝක බෞද්ධ මහා සම්මේලනයේ 25 වන වාර්ෂික සමුළුව සහ 60 වන මහා සංවත්සරය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට රන් සම්මාන පිරිනමමින් සහ දෙස් විදෙස් සැමගේ ගෞරවයට සහ ප්‍රසාදයට පාත්‍රවෙමින් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී සහ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණි.

සමස්ත ලංකා බෞද්ධ මහ සම්මේලනය එම සමුළුව සහ සංවත්සර උත්සවය සංවිධානය කළේය. එහි සභාපති ජගත් සුමතිපාල මහතාගේ මුලිකත්වයෙන් හා සංවිධානයෙන් එම කටයුතු සිදු කැරුණු අතර බෞද්ධ මහා සම්මේලනයේ කෘත්‍යාධිකාරි මඩුල්ල ඒ සඳහා සිය දායකත්වය ලබා දුනි.

බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශයේ අනුග්‍රාහකත්වයද එම උළෙල සඳහා ලබා දී තිබූ අතර රටවල් 41 ක බෞද්ධ සංවිධාන 164 ක නියෝජිතයෝ ඒ සඳහා සහභාගිවීමට මෙරටට පැමිණියෝය.

ඉකුත් 14 වන දා සිට 17 වනදා දක්වා පැවති එම සමුළුවේ ආරම්ක දිනය අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිනමන්ග්‍රෑන්ඩ් හෝටලයේදි පැවැත්වුණි. චීනයේ ආගමික කටයුතු අමාත්‍ය යැං සුයෑන්ග් මහතාද ඒ සඳහා සහභාගි වී සිටීම විශේෂත්වයක් විය.

ලෝක බෞද්ධ මහා සම්මේලන යේ නිර්මාතෘවරයා වන දිවංගත මහාචාර්ය ගුණපාල මලලසේකර මහතා සිහිපත් කරමින් ලෝක බෞද්ධ සමුළුවේ 25 වන වාර්ෂික සමුළුව ඇරැඹුණු අතර සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල ලෝක බෞද්ධ මහා සම්මේලනයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ආචාර්ය ආනන්ද ගුරුගේ යන මහත්වරු එහිදී මහාචාර්ය ගුණපාල මලලසේකර මහතාගේ ඡායාරූපයකට මල් මාලාවක් පළදවනු ලැබූහ. 25 වන වාර්ෂික සමුළුව සිහිපත් වීම පිණිස මුල් දින කවරයක් හා සමරු මුද්දරයක්ද එහිදී නිකුත් කැරිණි.

ඉල් අව අටවක පෝය

ඉල් අව අටවක පෝය නොවැම්බර් 28 වනදා ඉරිදා අපරභාග 03.08 ට ලබයි.
29 වනදා සඳුදා අපරභාග 01.03 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 28 වන දා ඉරිදාය.
මීළඟ පෝය
දෙසැම්බර් 05 වනදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 28

New Moonඅමාවක

දෙසැම්බර් 05

First Quarterපුර අටවක

දෙසැම්බර් 13

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 20

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]