UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

කඨින පින්කම්

කතරගම කිරිවෙහෙර

කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයේ කඨින පින්කම මෙම මස 05 හා 06 යන දිනවල පැවැත්වීමට ඌව විශ්ව විද්‍යාලයේ කුලපති කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති උපාධ්‍යාය ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථදායක සභාව කටයුතු යොදා ඇත.5 වනදා සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාව විහාරස්ථානයේ පැවැත්වෙන අතර මධ්‍යම රාත්‍රියේ කඨින පූජා පෙරහර කතරගම ප්‍රදේශයේ ගම්මානවල ගමන්කර අලුයම විහාරස්ථානයට පැමිණ කඨින චීවර පූජා පින්කම පැවැත්වේ.මෙදින දහවල් අර්ධ ශතාධික මහා සංඝරත්නයට පිරිකර සහිත මහාදානය පිරිනැමීම සිදුකෙරේ.


වැල්ලවත්ත යමුනා සඳහම් ආරාමයේ කඨින පූජෝත්සවය හා බෝධි ප්‍රාකාරය විවෘත කිරීම

වැල්ලවත්ත ශ්‍රී යමුනා සඳහම් ආරාමාධිපති, හීනටියන නන්ද තිස්ස මාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි, වැල්ලවත්ත යමුනා සඳහම් ආරාමයේ අභිනව බෝධි ප්‍රාකාරය නොවැම්බර් මස 12 වනදා විවෘත කැරෙන අතර එදින සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් පවත්වා 13 වෙනිදා අලුයම 5.30 මායා මාවත, රාජා නානායක්කාර මහතාගේ නිවසේ සිට කඨින වස්ත්‍රය රැගෙන පෙරහැරින් වීථි සංචාරය කොට පැමිණ, උදෑසන මහා සංඝ රත්නය විෂයෙහි සාංඝික දානය පූජා කිරීමට තත් විහාරාධිකාරි කැන්දගොල්ලේ පාලිත ස්වාමීන් වහන්සේ ප්‍රධාන විහාර කාර්ය සාධක සමිතිය කටයුතු යොදා ඇත


කිරිමැටියාව

කිරිමැටියාව ශ්‍රී මහින්දාරාමයේ කඨින පුණ්‍යෙීත්සවය මෙම මස 6 – 7 දිනයන්හි පැවැත්වේ. 5 දින මැටිගහතැන්නේ අමරවංශ හිමි සහ මස්සානේ විජිත හිමියන් විසින් යුගාසන කාව්‍යමය ධර්ම දේශනයක් ද 6 වන දින කඨින චීවරය රැගත් පෙරහර ද 7 වන දින කඨින චීවර පූජාවෙන් පසු දවල් අර්ධ ශතාධික සංඝගත දක්‍ෂිණාවක් ද සිදු කෙරේ. හක්මන නන්දසිරි හිමියන් හා ශ්‍රී පියරතන දහම් පාසල හා විහාරස්ථ දායක සභාව මෙම පින්කම් මාලාව සංවිධානය කර ඇත.


මාකුඹුර පුරාණ විහාරය

මාකුඹුර පුරාණ විහාරයේදී බොරළුගොඩ ඉන්දරතන නා හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම 13 වනදා කඨින පින්කම නිමිත්තෙන් දම් දෙසුම් මාලාවක් පැවැත්වේ.

ඒ අනුව 06 වැනිදා සවස 6.30 ට අටවිසි බෝධි පූජාව හේනේගම සුභාහු හිමියන් විසින් ද 07 වැනිදා සවස 6.30 ට අටවිසි බෝධිපූජාව නවනැලියේ සීවලි හිමියන් විසින් ද, සවස 7.30 ට ධර්ම දේශනාව ආචාර්ය මාඹුල්ගොඩ සුමනරතන හිමියන් විසින් ද 08 වැනිදා සවස 6.30 ට අටවිසි බෝධි පූජාව කටුගස්තොට ධම්මරතන හිමියන් විසින් ද සවස 7.30 ට ධර්මදේශනාව මාදුළුවාවේ සෝභිත මාහිමියන් විසින් ද 09 වැනිදා සවස 6.30 ට අටවිසි බෝධිපූජාව තෙරිපැහැ ධම්මරුචි හිමියන් විසින් ද 10 වැනිදා සවස 6.30 ට අටවිසි බෝධි පූජාව අළුපොත ධම්මරතන හිමියන් විසින්ද 11 වනදා බෝධි පූජාව බොරළුගොඩ ජිනාලංකාර හිමියන් විසින් ද සවස 7.30 ට ධර්ම දේශනාව ගම්පහ පාසාදික හිමියන් විසින් ද, 12 වැනිදා සවස 6.30 ට අටවිසි බෝධි පූජාව කිරිවත්තුඩුවේ සරණකිත්ති හිමි පවත්වති.

නොවැම්බර් 12 රාත්‍රි 8.00 ට ගිලන්පස පූජාව රාත්‍රී 9.00 ට සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාව ආරම්භ කිරීම ද 13 වැනිදා ඇම්.චන්ද්‍රසිරි මහතා සහ චන්ද්‍රිකා වන්නිආරච්චි මහත්මියගේ නිවසින් අලුයම 2.00 ට කඨින මහ පෙරහර වීදි සංචාරය ආරම්භ කෙරේ.

පෙ.ව. 6.30 ට හීල්දානය පිළිගැන්වීම ද 11.00 ට කඨින චීවර පූජාව සහ 60 නමකට පිරිනමන මහා සංඝගත දක්‍ෂිණාව ද පිරිනැමේ.


පොල්හේන්ගොඩ

පොල්හේන්ගොඩ , කාලිංග මාවත, රතනඅරම විහාරාධිපති ශාස්ත්‍රපති නරවැල්පිට රතනපාල හිමියන්ගේ අනුශාසනා පරිදි කාලිංග මාවතෙහි පදිංචි ඇලෙක්ස් පෙරේරා මහතා ප්‍රධාන ප්‍රදේශවාසීන්ගේ දායකත්වයෙන් ඉකුත් 27 වන දා සිට ධර්ම දේශනා මාලාවක් හා නොවැම්බර් 6 වන දා කඨින පින්කම සිදුකැරේ. 05 වනදා රාත්‍රී 7.00 ට- බෝධිපූජාව ශාස්ත්‍රපති උඩුවේ ධම්මාලෝක හිමියන් විසින් ද රාත්‍රී 9.00 ට සර්ව රාත්‍රික පිරිත් දේශනාව ද 06 සෙනසුරාදා අලුයම 3.30 ට කාලිංග මාවත ඇලෙක්ස් පෙරේරා මහතාගේ නිවසින් පිටත්වන කඨින චීවරය රැගත් දර්ශනීය පෙරහැර පොල්හේන්ගොඩ හන්දියෙන් ඇවරිහේන පාර ඔස්සේ විහාරස්ථානයට ළඟාවේ.උදෑසන 6.30 ට කඨින චීවර පූජාව හා සාංඝික දානයද රාත්‍රී 7.00 ට කඨිනානිසංස ධර්ම දේශනාව ශාස්ත්‍රපති ගලගම ධම්මරංසි හිමියන් විසින් ද පවත්වනු ලැබේ.


ගල්කිස්ස

ගල්කිස්සේ දක්‍ෂිණාරාමයේ කඨින පින්කම විහාරාධිපති ප්‍රවීණාචාර්ය අතුරලියේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි මෙම මස 5 -6 දෙදින පැවැත්වේ. නොවැම්බර් මස 5 වන දින රාත්‍රී 7.00ට අටවිසි බුද්ධ පූජාව හා බෝධි පූජාව ද රාත්‍රි 8.30 ට සර්වරාත්‍රික මහාපිරිත් දේශනය ශාස්ත්‍රපති දොඩන්දුවේ සිරිකර නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් ද නොවැම්බර් මස 6 වන දින උදේ 4.00 ට කඨින චීවරය රැගත් පෙරහර ගල්කිස්ස ටෙම්පල්ර්ස් පාරේ ලයනල් රණවීර මහත්මා හා දේවිකා රණවීර මහත්මියගේ නිවසින් පිටත්ව වීදි සංචාරය කොට විහාරස්ථානයට පැමිණේ. නොවැම්බර් 6 වන දින උදේ 6.30 ට කප්රුක් පූජාව සහිත කඨින වස්ත්‍රය සඟසතු කිරීම අටපිරිකර වස්සාවාසික චීවර පූජාව හා සඟසතු දානමය පින්කම පැවැත්වේ.


පන්නල කඨින පින්කම්

පන්නල ශ්‍රී දේවරාජරාමයේ වාර්ෂික කඨින පූජෝත්සවය නොවැම්බර් 4 -5 දිනවල පැවැත්වේ. 4 දා සවස විශේෂ අටවිසි බෝධි පූජාවකි. ඉන් පසු කඨින චීවරය හා කප්රුක පන්නල රංජිත් පුෂ්පකුමාර මහතාගේ නිවෙසේ සිට අලුයම පෙරහරකින් විහාරස්ථානය කරා වැඩම කෙරේ. 05 දා උදේ 6.30 ට කඨින චීවර පුජාව සිදුකර දවල් සඟගත දක්ෂිණාවකි. විහාරාධිපති තම්මිට පියනන්ද, විහාරාධිකාරි මොරගොල්ලේ විජිත හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් විහාරස්ථ දායක සභාව පින්කම සංවිධානය කර ඇත.

වප් අමාවක පෝය

වප් අමාවක පෝය නොවැම්බර් 05 වන දා සිකුරාදා අපර භාග 01.02 ට ලබයි.
6 වන දා සෙනසුරාදා පූර්වභාග 10.22 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 05 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය
නොවැම්බර් 13 වන දා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

නොවැම්බර් 05

First Quarterපුර අටවක

නොවැම්බර් 13

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 21

Second Quarterඅව අටවක

නොවැම්බර් 28


2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]