UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

මාතර පඹුරන ශ්‍රී වාලුකාරාම පුරාණ විහාරාධිපති වීරකැටියේ විධුර හිමියන් වෙත ජපානයෙන් පරිත්‍යාගයක් වශයෙන් ලැබුණු රෝද පුටු රැසක් මාතර ප්‍රදේශයේ ආබාධිත අසරණ අය සඳහා නොමිලයේ බෙදා දෙන ලදී. මාතර පරමුල්ල සිරිපාල මහතාට සෙත්පතා සණස කාර්යාලය අසල ඉකුත්දා පැවැත්වූ බුද්ධ පූජා පින්කමේදී පඹුරන, පරමුල්ල , වල්ගම, හිත්තැටිය යන ප්‍රදේශ වල ආබාධිත අසරණ අය සඳහා රෝද පුටු රැසක් පිරිනමන ලදී. මැද්දවත්ත නාගබෝධි රාජ මහා විහාරාධිපති අංඟුන්ණබදුල්ලේ ඤාණදස්සි හිමියන් සහ පින්කමේ සංවිධායක චමින්ද සිල්වා මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගි වූහ. එහිදී ආබාධිත අසරණ අයෙකුට වීරකැටියේ විධුර හිමියන් විසින් රෝද පුටුවක් පිරිනමන අවස්ථාව මෙම ඡායාරූපයෙන් දැක්වේ.

කිරිමවුවරුන්ට දානයක්

අඹන්පොල ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරවාසී කාසිතොටේ ධම්මරක්ඛිත හිමියෝ තම වියදමින් තම උපදෙසින් සැදැහැතියන් ලවා පිළියෙළ කරගත් පෝෂ්‍යදායි අංගසම්පූර්ණ ආහාර වේලකින් කිරිමවුවරුන් සඳහා දුර්ලභ ගණයේ දානයක් ඉකුත්දා (10) පිරිනමනු ලැබූහ.

ඉතිරිය»

වප් අමාවක පෝය

වප් අමාවක පෝය නොවැම්බර් 05 වන දා සිකුරාදා අපර භාග 01.02 ට ලබයි.
6 වන දා සෙනසුරාදා පූර්වභාග 10.22 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 05 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය
නොවැම්බර් 13 වන දා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

නොවැම්බර් 05

First Quarterපුර අටවක

නොවැම්බර් 13

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 21

Second Quarterඅව අටවක

නොවැම්බර් 28


2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]