UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය


විහාරයේ දසුනක්

ඓතිහාසික වශයෙන් හා සෞන්දර්යෙන් චිත්‍රණය වූ පරගොඩ විහාරයේ සියලුම ආගමික අංගයෝ විනාශයට පත් වෙමින් පවතී. මෙම පුද බිම රැක ගැනීමට මෙතෙක් කිසිවකු ඉදිරිපත්ව නොමැත. නමුත් විහාරස්ථානයේ වැඩවසන විහාරවාසී පරගොඩ සමිත නායක හිමියන් හා විහාරවාසී භික්‍ෂූන් වහන්සේලා විසින් ආගමික සංස්කෘතික නවෝදයක් සඳහා නිරතුරු කටයුතු සිදුකරලීම පැසසිය යුතු ක්‍රියාන්විතයකි.


ඓතිහාසික බෝධීන් වහන්සේ

දේවානම්පියතිස්ස රජු ඉදිකළ මෙම විහාරය දෙතිස් ඵල රුහ බෝධීන් වහන්සේ නමක් රෝපණය කර ඇති ඓතිහාසික වශයෙන් වටිනා සුවිශේෂී විහාරස්ථානයකි. දුටුගැමුණු රජුගේ සහායට පැමිණි ඉන්දියානු භට සේනාවක් මෙම ගමෙහි ජීවත් වූ නිසා පරදේසක්කාරයන් ජීවත් වූ ප්‍රදේශය පරගොඩ වූ බවට ජනප්‍රවාදයේ සඳහන් වේ. තව තවත් විවිධ වූ ජනප්‍රවාද රැසක්ද පරගොඩ ගම පිළිබඳව සඳහන් වේ. අනුරාධපුර යුගයට අයත් පැරණි දිය පිහිල්ල සඳකඩ පහණ අදට ද දැකිය හැකි ය. නමුත් මේ මෙම විහාර අංගයෝ අදවන විට විනාශයට පත්වෙමින් තිබේ. සිංහල බෝධි වංශයේ ද, නම් පොතෙහි ද සඳහන්ව ඇති මෙම ඓතිහාසික විහාරස්ථානයේ ඇති පිළිම, සිතුවම් ආදියද ලංකාවේ විහාරස්ථානයක දැකිය හැකි විශේෂිත නිර්මාණයන් ය. සිවිලිං - චිත්‍ර වලින් නව ග්‍රහයන් මෙන්ම ඡ්‍යොතිෂයට සම්බන්ධ සිද්ධීන් චිත්‍රනය වීමද විශේෂයකි.


මැකීයමින් පවතින වටිනා බිතු සිතුවම්

මෙහි ඇති කුඩා ස්තූපයද ථූපාරාමයේ ආකෘතිය අනුව නිර්මාණය කර තිබේ. පැරණි විහාරය ඉදිකර ඇත්තේ මහා ගල් තලාවකය. එය වටිනා දැව වලින් ඉදිකර තිබිණි. පසුව එම දැවමය විහාරය දිරා ගියේ ය. ඉන් පසුව නූතන විහාරය සකස් කිරීමට ක්‍රි.ව. 876 දී පියවර ගෙන ඇති බව ඉතිහාසයේ සඳහන් වේ.


හිටි පිළිමවහන්සේ

විහාරයේ අද පවතින චිත්‍ර නුවර අනුරාධපුර යුගයන් නියෝජනය කරයි. ඉපැරණි කුඩා චෛත්‍යය ආවරණය වන පරිදි නවතම චෛත්‍ය වූ කඤ්චක චෛත්‍ය ඉදිකර ඇත. නුවර යුගයේ රජවරුන් පරිත්‍යාග කළ ඉතා වටිනා සළු පිළි පටසිවුරු, මෙම විහාරස්ථානයේ ආරක්‍ෂිතව පවතී. පරගොඩ විහාරස්ථානයේ තවත් විශේෂත්වයක් වනුයේ සුවිසි පිළිම වහන්සේලා දැකිය හැකි වීමය. අප දකින්නේ වෙනත් විහාරස්ථානවල අටවිසි පිළිම වහන්සේලා ය. නාගස් වන රොදෙන් සුවඳවත් වූ බෝධීන් වහන්සේ මහා අනුහස් ඇතැයි පැවසේ. කිසිදු දිනක කිසිදු මොහොතක අඩුවක් නොමැති පරගොඩ විහාරය බෝධි පූජා සඳහා පැමිණෙන සැදැහැවතුනගේ පිරිස ද ඉතාම ඉහළ ය. මේ ආකාරයේ ඉතා වැදගත් වූ පරගොඩ රජමහා විහාරය විනාශ වෙමින් පවතී. චිත්‍ර, පිළිමවහන්සේලා හා සොල්දර ද විහාරයේ වහලවල් ද දිරා බිත්ති ඉරිතලා ඇති අතර කිසිවෙකුගේ අවධානයට මෙතෙක් පරගොඩ රජමහා විහාරය ලක්ව නොමැත. මෙම ඓතිහාසික පරගොඩ විහාරය රැක ගැනීම අනාගත පරපුරට උරුමකරදීම අපේ යුතුකමය. වගකීම ය.

 

 

 

 

 

නිකිණි අමාවක පෝය

නිකිණි අමාවක පෝය සැප්තැම්බර් 07 වන දා අඟහරුවාදා අපර භාග 07.53 ට ලබයි.
8 වන දා බදාදා අපර භාග 04.00 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 08 වන දා බදාදා ය.

මී ළඟ පෝය සැප්තැම්බර් 15 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

සැප්තැම්බර් 08

First Quarterපුර අටවක

සැප්තැම්බර් 15

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 22

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 01


2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]