UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම ඓතිහාසික මිහින්තලා පුදබිමේ දී වාර්ෂිකව පවත්වනු ලබන මිහින්තලා ආලෝක පූජාව 48 වන වරටත් මෙවර ද පැවැත්වේ. එම ආලෝක පූජා මහෝත්සවයට සමගාමීව සීල සමාදාන පින්කමක් ද සිදු කැරේ. ඊට ප්‍රදේශයේ දහම්පාසල් සිසු සිසුවියන් 500 දෙනෙකු වෙත සිල් රෙදි ප්‍රදානය කිරීමද ඉකුත් දා මිහින්තලා රාජමහා විහාරාධිපති නාමල්වැවේ රතනසාර නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කැරිණි. එය ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම මෙහෙයවීමෙන් ශ්‍රී ලංකාවේ මහා භාරකාර දෙපාර්තමේන්තුව අනුග්‍රහයෙන් සිදු කැරුණු අතර නාමල්වැවේ රතනසාර නාහිමියන් එම සිල් රෙදි පිරිනැමූ අයුරු. එම අවස්ථාවට බුදුසරණ කර්තෘ නෙල්සන් එස්. පෙරේරා මහතා ද සහභාගි විය.
ඡායාරූපය - අමිල ප්‍රභාත් වනසිංහ

අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ උපසම්පදාව අරඹා දෙසිය වසරක් සපිරීමේ මහ  පුණ්‍යෝත්සවය 18, 19, 20 දිනවල දී කුප්පියාවත්ත ජයශේඛරාරාමයේ දී

සිරිලක අමරපුර භික්‍ෂු වංශය ආරම්භ වන්නේ රාජ්‍ය වර්ෂ 1803 මැයි 15 වන දිනයේදී බලපිටියේ වැලිගග හෙවත් මාදු නදියේ ඉදිකළ උදකුක්ඛේප සීමා මාලකයේ දී මහාධම්ම රාජාධිරාජගුරු වැලිතර ඤාණවිමල තිස්ස මහ හිමිපාණන් වහන්සේ විසින් පවත්වන්නට යෙදුණු ප්‍රථම උපසම්පදාවත් සමඟය. එසේ ආරම්භ වී ගෙවී ගිය ඉතිහාසයට මෙම වසරේ මැයි 15 වන දිනට වසර 207 ක් සපිරිණි.

ඉතිරිය»

පොසොන් පුර අටවක

පොසොන් පුර අටවක පෝය ජූනි මස 18 වන සිකුරාදා අපරභාග 11.04 ට ලබයි. 19 වන සෙනසුරාදා අපරභාග 08.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූනි 19 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය
ජූනි 25 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජුනි 19

Full Moonපසෙලාස්වක

ජුනි 25

Second Quarterඅව අටවක

ජූලි 04

New Moonඅමාවක

ජූලි 11

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]