UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මිය ගිය අයට පින් දී හිතේ දුක දුරලමු

‘පේත වත්ථු’ කතා මාලාව - 1 කොටස
 

පේ‍්‍රත වස්තුව හුදී ජනයා පව්කමින් මුදා සිත් සතන් පිනට නමාලන ජනකාන්ත කතා සංග්‍රහයකි. මුගලන් මහ රහතන් වහන්සේ හා නාරද තෙරුන් වහන්සේ විසින් ප්‍රශ්න කරන ලදුව ඒ ඒ පේ‍්‍රත පේ‍්‍රතීන් කරන ලද ආත්මභාව ප්‍රකාශන මේවායේ ඇතුළත් වේ. එකී ප්‍රකාශන භාග්‍යවතුන් වහන්සේ විසින් සත්ත්වයන් විසින් කළ කර්ම විපාක දෙන අයුරු ප්‍රත්‍යක්‍ෂ කරවන පිණිස සිව් පිරිස් මැද දෙසන ලද බැවින් බුද්ධභාෂිත විය. එසේම බුදුරජාණන් වහන්සේ විසින්ම කළ දේශනාද මෙහි ඇත. දේවානම්පියතිස්ස රජ මැදුරෙහිදි අනුලා දේවී ප්‍රධාන පන්සියයක් පරිවාර ස්ත්‍රින් ප්‍ර‍්‍රමුඛ මහ පිරිසට පවට ලජ්ජා හා බියවීම සඳහා කළ දේශනාවක් ලෙස මෙම පේ‍්‍රත කතා වස්තූ®න් මහාවංශයෙහි සඳහන්ව ඇත.

10. ”යං කිඤ්චාරම්මණං කත්වා දජ්ජා දානං අමචඡරී
පුබ්බපෙතෙ ච ආරබභ අථවා වත්‍ථු දෙවතා “

නොමසුරු තැනැත්තේ යම් කිසිවක් අරමුණු කොට නොමසුරුව දන් දෙන්නේය. පෙර කලුරිය කළවුන් හෝ නැතහොත් ගෘහවස්තු ආදීන් හි අධිගෘහිත දෙවිවරු හෝ ඇරැඹ දන් දෙන්නේය.

11. ”චතතාරො ච මහාරාජෙ ලොකපාලෙ යසස්සිනො
කුවෙරං ධතරටඨං ච විරූපක්‍ඛං විරූළහකං

තෙ චෙව ජූජිතා හොන්ති දායකා ච අනප්ඵලා”

වෛශ්‍රවණය, ධුතරාෂ්ඨය, විරූපාක්‍ෂය, විරුඪය යන යසස් ඇති ලෝකපාලක සිවුවරම් දෙවියන් අරඹයා හෝ දන් දෙයි. ඔවුහු පුදන දායකයෝ නිෂ්ඵල නො වන්නෝ වෙති.

12. “ න හි රුණ්ණං ව සොකො වා යා චඤඤා පරිදෙවනා,
න තං පෙතසස අත්‍ථා ය එවං තිටඨනති ඤාතයො “

මළවුන් සඳහා හැඬීමක් ශෝකයක් හෝ වෙනත් අන්‍ය වූ විලාපයක් කිරීම නොකළ යුතුය. කලුරිය කළවුන්ට ඒ ඇඬීම් ආදියෙන් ප්‍රයෝජනයක් නොවෙයි. එහෙම වුවත් මද නුවණැති නෑයෝ ද සිටිති. (ඔවුහු හඬති. ;ශීකවෙති)

13. ”අයඤච ඛො දක්‍ඛිණා දිනනා සඞඝම්හි සුපපතිටඨිතා ,
දීඝරතතං හිතායසස ඨානසො උපකපපතීති”

දායකයා විසින් දුන් මේ දානය සංඝයා කෙරෙහි මනාව පිහිටියේය. පේ‍්‍රතයා (මළගිය තැනැත්තා) හට බොහෝ කලක් මුළුල්ලෙහි හිත පිණිස (දාන විපාකය) එකෙළෙහිම පැමිණේ. (මේ පින ඒකාන්තයෙන්ම “ එකෙනෙහිම ඒ අයට යෙයි,පේ‍්‍රතයා දුකෙන් මිදෙත්.

පෙතවත්‍ථු පාලි - පිටඨධීතලික පෙතවත්‍ථු - උරග වග්ගය - 4 පිටුව )

අනේපිඬු සිටාණන්ගේ දානයක් අරභයා සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතමනාරාමයෙහි වැඩ වසන සමයෙහි මේ දේශනාව කළ සේක. අනේපිඬු සිටාණන් ගේ එක්තරා මිනිපිරියක් වුවාය. දිනක් ඇගේ කිරිමව් පිටියෙන් (පිට්ඨ) තැනූ බෝනික්කෙකු (ධීතලිකා ) ඇයට දී දෝණියනි, මේ සිටින්නේ ඔබේ දුවය. මෙය ගෙන ගොස් ඇයත් සමග සෙල්ලම් කරන්න යයි කීවාය. එතැන් පටන් ඇය තමාගේ “ දුධී” යන හැඟීමෙන් “පිට්ඨවතලීකා සමග නිතර සෙල්ලම් කරන්නේ දිනක් යම් ප්‍රමාදයකින් එය බිම වැටී කැඩී ගියේය. ඒ දැරිය මගේ දියණිය මිය ගියායැයි මහත් හඬින් හඬන්නට විය.

ඇගේ මේ හැඬීම එහි සිටි කිසිවෙක් හට හෝ නවතාලිය නොහැකි විය. මේ සිදුවීම වන විට ලොවුතුරා බුදුරජාණන් වහන්සේ අනේපිඬු සිටුහුගේ මාලිගාවට වැඩමකර සිටි අවස්ථාවක් වුණි. අනේ පිඬු මහ සිටුතුමාද බුදුරජාණන් වහන්සේ සමීපයෙහිම සිටියේය. කෙසේවත් නලවා ගත නොහැකි දරුවා රැගත් කිරි මව මහ සිටුතුමා සමීපයට ගියාය. සිටුතුමා එය දැක මිනිපිරිය හඬන්නේ කුමක් නිසාදැයි ඇසීය. කිරිමව මිනිපිරියට සිදුව ඇති විපත හා පුවත කීවාය. මහ සිටුතුමා දැරිය ගෙන අස්වසමින් ඇකයෙහි හිඳුවා ගෙන ආදරයෙන් කියන්නේ අපි නුඹේ දුව සඳහා දානයක් දෙමු යි කීහ.

“ ස්වාමීනි. මගේ මේ මිනිපිරියගේ (පිටවලින් තැනූ ) මිය ගිය දියණිය උදෙසා දානයක් දෙනු කැමැත්තෙමි. ඒ සඳහා හෙට දවස පන්සියයක් භික්‍ෂූන් වහන්සේ සමඟින් මගේ නිවසට වැඩම කරන්නේ නම් මැනැවැ” යි ආරාධනා කළේය. සම්බුදු පියාණන් වහන්සේ ආරාධනය පිළිගත් සේක. දෙවන දවසෙහි පන්සියයක් භික්‍ෂූන් වහන්සේ සමඟින් අනේපිඬු මහ සිටුහු ගේ මාලිගාවට වැඩි භාග්‍යවතුන් වහන්සේ දන් වළදා අවසන් හි අනුමෝදනා බණ වදාරන්නේ ඉහත සඳහන් සතර ගාථාවෙන් ධර්ම දේශනා කළ සේක. ධර්ම දේශනය බොහෝ පිරිසකට වැඩ සැළසූහ.

සටහන :- බුදු දහමෙහි දන් දීමට අනුශාසනා කරනු ලබන්නේ මසුරුකම (තණ්හාව ) දුරු ලීම සඳහාය. චතුරාය¸ සත්‍යය දේශනාව තුළ තණ්හාව (සමුද්‍ය සත්‍යය) දුකට මුල් වේ. එසේ නම් දුක් දුරලීමටද තණ්හාවෙන් මිදිය යුතුය. එසේම තණ්හාව ක්‍ෂය කොට ගත්තෝ නිරෝධයට (නිවනට) සැපත් වෙති. නිරෝධය සඳහා ද මගක් ඇත. ඒ අරිඅටඟ (ආර්ය අෂ්ටාංගික ) මගයි. අරි අටඟ මගේ පළමුවැන්න සම්මාදිට්ඨියයි. සම්මාදිට්ඨිය යනු ප්‍රඥාවෙන් දැකීමයි. මෙහිලා දන් දීමේදි සම්මා දිට්ඨිය යොදා ගන්නේ කෙසේද? (පේතවත්‍ථුවෙහි පිට්ඨධීතලික පේ‍්‍රත වස්තුව ඇසුරෙනි )

මතු සම්බන්ධයි

බක් අව අටවක පෝය

බක් අව අටවක පෝය අප්‍රේල් 06 වන දා අඟහරුවාදා පූර්ව භාග 02.07 ට ලබයි.
07 වන දා බදාදා පූර්ව භාග 04.14 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 06 වන දා අඟහරුවාදාය.

මී ළඟ පෝය
අප්‍රේල් 13 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 06

New Moonඅමාවක

අප්‍රේල් 13

First Quarterපුර අටවක

අප්‍රේල් 21

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 28

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]