UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

තායිලන්තයේ අයුත්ත්‍යාහි ‘ජයග්‍රාහී’ චෛත්‍ය සංකීර්ණය තායිලන්තයේ පැරැණි රාජකීය අගනුවර වන අයුත්ත්‍යා හි පිහිටි ‘ජයග්‍රාහී’ චෛත්‍ය සංකීර්ණයේ ඡායාරූපයකින්
මෙවර පසු පිටුව සැරසෙයි. මෙය කරවන ලද්දේ ‘නරේස්වාන්’ රජතුමා විසිනි.
ඡායාරූපය - රුවන් තරස්වින්
 

අගනා බිතුසිතුවම් සහිත කෝඳුරුවාපොල ටැම්පිට විහාරය

අප රටේ විහාරස්ථාන අතර ටැම්පිට විහාර වාස්තු විද්‍යාත්මකව ඉමහත් වැදගත්කමක් හිමිකර ගනී. කුරුණෑගල දිස්ත්‍රික්කය මහනුවර යුගයට අයත් එවැනි ටැම්පිට විහාර රාශියක් දැකිය හැකි ප්‍රදේශයකි. එහෙත් ඒ අතරින් වැඩි විහාර ප්‍රමාණයක සිදුව ඇති පසුකාලීන ප්‍රතිසංස්කරණ නිසා පෞරාණික අගය හීනවී ගොසිනි.මේ අතරින් කෝඳුරුවාපොල විහාරය වැදගත් වන්නේ එය පුරාවිද්‍යාත්මක අගය සුරැකුණු රක්ෂිත පුරාවිද්‍යා ස්මාරකයක් නිසා ය.මෙය ඉදිකරවූ බව සඳහන් වන්නේ මීගස්තැන්නේ අදිකාරම (දුම්බර නිලමේ) විසිනි. කීර්ති ශ්‍රී රාජසිංහ (1747 – 1781) රජ දවස විසූ මෙම අදිකාරම විසින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ හත් කෝරළේ ටැම්පිට විහාර රාශියක් ඉදිකරවන ලද බව හෝ පිළිසකර කරවන ලද බව සඳහන් වේ. ඔහු නැවතී සිටි බව සඳහන් වන්නේ කුලියාපිටිය කෝන්ගහගෙදර ගමේ ය.

ඉතිරිය»

බක් අව අටවක පෝය

බක් අව අටවක පෝය අප්‍රේල් 06 වන දා අඟහරුවාදා පූර්ව භාග 02.07 ට ලබයි.
07 වන දා බදාදා පූර්ව භාග 04.14 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 06 වන දා අඟහරුවාදාය.

මී ළඟ පෝය
අප්‍රේල් 13 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 06

New Moonඅමාවක

අප්‍රේල් 13

First Quarterපුර අටවක

අප්‍රේල් 21

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 28

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]