UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

දෙයියන්දර කලුගල පුරාණ විහාරාධිපති දෙයියන්දර ඉන්දසාර හිමියන් වෙත ධර්ම කීර්ති ශ්‍රී මනිරතන මාතර කන්දබොඩ පත්තුවේ ප්‍රධාන සංඝනායක ධූරය ශ්‍රී රෝහණ සංඝ සභාව මගින් පිරිනමන ලද අතර අභිනව සංඝනායක ධූරය පිළිබඳ සන්නස් පත්‍රය අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා විසින් ඒ සම්බන්ධයෙන් පැවති උත්සවයේ දී නිල වශයෙන් පිළිගැන්වූ අයුරු ඡායාරූපයෙන් දැක්වේ. කලුගල පුරාණ විහාරස්ථානයේ පැවති එම උත්සව අවස්ථාවට ශ්‍රී රෝහණ සංඝ සභාවේ මහානායක අත්තුඩාවේ සිරි රාහුල මහ නාහිමිපාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයද, ජනමාධ්‍ය අමාත්‍ය ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් ද සහභාගී වූහ.

ජය ශ්‍රී මහා බෝධි විහාරයේ නව ප්‍රාකාරය

අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි සංවර්ධන අරමුදල මගින් රුපියල් හාර කෝටියක වියදමින් ඉදිකරවන ලද ජය ශ්‍රී මහා බෝධි විහාර ප්‍රාකාරයේ ඡායාරූප කීපයක් මෙහි පළවේ. සියවස් ගණනාවක් තිස්සේ ජය ශ්‍රී මහා බෝධි විහාර මන්දිරයට ආරක්ෂාව සැලසූ විහාර ප්‍රාකාරය කාලයාගේ ඇවෑමෙන් ජරාවාස වී තිබුණු හෙයින් තැනූ අලංකාර පවුරකින්ද සකලාංග සම්පූර්ණ පිය ගැට පෙළ පහකින්ද පිරිපුන් ශෛලමය නව විහාර ප්‍රාකාරයේ ඡායාරූප ඒ අතර වේ.

ඉතිරිය»

බිනර අව අටවක පෝය

බිනර අව අටවක පෝය සැප්තැම්බර් 11 වන දා සිකුරාදා අපරභාග 8.33 ට ලබයි.
12 වනදා සෙනසුරාදා අපරභාග 6.49 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 12 වනදා සෙනසුරාදාය.

මීළඟ පෝය සැප්තැම්බර් 18 වනදා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 12

New Moonඅමාවක

සැප්තැම්බර් 18

First Quarterපුර අටවක

සැප්තැම්බර් 26

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 03

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]