UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

ජාතික වෙසක් උත්සවය වෙහෙරහේන රජ මහා විහාරයේ දී

බෞද්ධයා නිසි මඟට ගැනීමේ අරමුණ ඇතිව ශාසනාරක්‍ෂක බල මණ්ඩලයක් ග්‍රාමීය මට්ටමේ සිට දිස්ත්‍රික් මට්ටම දක්වා සංවිධාන ජාලයක් ඇති කිරීමට මේ වන විටත් කටයුතු කරන අතර, වෙසක් පොහොය දිනය වන විට ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක බල මණ්ඩල මට්ටමින් බල මණ්ඩල 17 ක් බිහිවෙනු ඇත. ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ ව්‍යවස්ථාවට සමගාමීව ගමක වෙසෙන සියලු බෞද්ධයන් බෞද්ධ ආකල්ප මෙන් ම ක්‍රියාවන් තුළින් ද යහමඟට ගැනීමට මෙමගින් හැකිවනු ඇත.

ඉතිරිය»

ලක්දිව වැඩ සිටි අන්තිම මහ රහතන් වහන්සේ මලියදේව හිමියන් ද?

දුටුගැමුණු රජු කල අපවත් වූ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. උන්වහන්සේ අපවත් වී තවත් අවුරුදු 550 – 600 පසුවත් ලංකාවේ රහත්හිමිවරුන් වැඩ සිට ඇත. අත්තනගළු වංශය කියන පළමු උපතිස්ස රජු කල විසූ හිමිනම හා ඉන්පසු පාහියන් හිමි කියන මහානාම රජු කල මහා විහාරයේ වැඩසිටි හිමි නම ලංකාවේ අන්තිම රහතන් වහන්සේලා විය හැකි ය.

ඉතිරිය»

ධර්ම දේශනාව:

නොපිරිහෙන ගිහි දිවියකට

‘ඉත්ථි දුත්තෝ’ ආදී ගාථාවෙන් බුදුරදුන් පැහැදිලි කරනුයේ යමෙක් ස්ත්‍රීන් කෙරේ ලොල් වේ ද, සුරාවට ලොල් වේ ද, ලැබෙන ලැබෙන ධනය නිරර්ථක ලෙස විනාශ කරයි ද, එය පිරිහීමට හේතුවන බවයි. බෞද්ධයාගේ නිත්‍ය ශීලය වූ පඤ්ච සීලයෙහි මේ අදහස මනාව ගැබ් වී තිබේ. වැරැදි ලෙස කම් සැප අනුභව කිරීම සහ සුරාව ආදී මත්ද්‍රව්‍ය කෙරෙහි ගිජුවීම ද, උපයන ධනය නිකරුණේ වැය කිරීම ද පරිහානියේ ලක්ෂණයන් ය.

ඉතිරිය»

 

සංකස්ස පුර චෛත්‍ය රාජයාණන් වහන්සේ කුරුණෑගල පොතුහැර නාඔරුවාකන්ද මයුරාවතී රජ මහා විහාරය දෙවනපෑතිස් රජතුමාගේ බිසවක වූ මයුරාවතී දේවිය විසින් ක්‍රි.පූ. 3 වන සියවසෙහි ගොඩනංවන ලද බව කියැවෙයි. පසුව වළගම්බා රජතුමා ද මෙහි සැඟ වී සිටි බව පැවසෙන කටාරම් ලකුණු සහිත ලෙනක් ද දක්නට ලැබේ.
අද මුල් පිටුව සැරසෙන්නේ එහි වත්මන් විහාර මන්දිරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඡායාරූපයකිනි. ඡායාරූපය - රුවන් තරස්වින්

වෙසක් පුර අටවක පෝය මැයි මස 1 වනදා සිකුරාදා අපර භාග 3.16 ට ලබයි. මැයි මස 2 වනදා සෙනසුරාදා අපර භාග 1.24 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 1 වනදා සිකුරාදා ය. වෙසක් පුර පසළොස්වක පෝය මැයි මස 8 වනදා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 01

Full Moonපසෙලාස්වක

මැයි 08

Second Quarterඅව අටවක

මැයි 17

New Moonඅමාවක

මැයි 24

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]