UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බෙල්ලන ශ්‍රී ඤාණවිමල මහ නා හිමියෝ දිගාසිරි ලබති

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති, සාහිත්‍ය ශූරී බෙල්ලන ශ්‍රී ඤාණවිමල මහා නාහිමිපාණන් වහන්සේගේ 90 වැනි ජන්ම දිනය නිමිත්තෙන් 26 දින සිට පින්කම් මාලාවක් පැවැත්විණි. මහනුවර නාථ දේවාල බෝධිරාජයාණන් අබ්ියස ආශීර්වාද බෝධි පූජාවක් 26 දින පැවැත්ව්ණි.

ඉතිරිය»

 

ඉන්දු යුරෝපීය දේවකතා පුරාණය

ක්‍රිපූ. දෙවැනි සහස්‍රකය පමණේ දී සාමාන්‍යයෙන් ආර්ය හෝ ඉන්දු යුරෝපීය ලෙස හඳුන්වනු ලැබූ ජන කණ්ඩායමක්, කළු මුහුදට උතුරු දිග පෙදෙසේ සිය මුල් මව්බිම් වලින් මහා පරිමාණ පර්යටන පෙළක් ඇරඹූහ. අන්තිමට ඔවුහු, යුරෝපයෙන් ඉතා වැඩි කොටසක් උතුරු ආසන්න පෙරදිග හා ඉන්දියානු අර්ධද්වීපය ද සිය අණසකට නතු කළහ. ඔවුහු මේ කාර්යාවලියේ දී එක්කෝ ස්වදේශීය ජනතාව හා ඔවුන්ගේ සංස්කෘතියට අවශෝෂණය වූහ. නැතහොත් එය විනාශ කර දැමූහ.

ඉතිරිය»

 

ධර්ම දේශනාව:

පිළිපැදිය යුතු උතුම් කරුණු සයක්.

සාමාන්‍ය නිත්‍ය සීලය පඤ්චසීල ප්‍රතිපදාව වන අතර අටසිල්, දස සිල්, උපසම්පදා සිල්, ආදී වශයෙන් ආරක්‍ෂා කළ යුතු සීල ප්‍රතිපදාවන් රාශියක් ඇත. “කාය වාචානං සමෝදානං සීලං” යනුවෙන් දැක් වූ පරිදි කය වචන දෙක හික්මවා ගැනීමට සීලය උපස්ථම්භක වෙයි. එනම් කයෙන් හා චචනයෙන් සිදුවන වැරැදි වලින් වැළකී සිටීමයි. සීලාචාරකම පුද්ගලයෙකුගේ මනා චරිතවත්භාවය පෙන්නුම් කරන කැඩපතක් බඳු ය. යම් පුද්ගලයෙකු උසස් සිල්් මනාව ආරක්‍ෂා කිරීම තුළින් ඔහුගේ හෝ ඇගේ ජීවිතය අර්ථවත් වන්නාක් මෙන්ම සෙසු ලෝකයාට ද මහඟු ආදර්ශයක් සපයයි.

ඉතිරිය»

 

 

අම්බලන්ගොඩ කළුවඩුමුල්ල ශ්‍රී විජයාරාමයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ
වසර 200 කට වඩා පැරැණි අම්බලන්ගොඩ කළුවඩුමුල්ල ශ්‍රී විජයාරාම විහාරස්ථානය ප්‍රති නිර්මාණය වූයේ වත්මන් විහාරාධිපති ආචාර්ය විලේගොඩ අරියදේව හිමියන්ගේ නව සංකල්පනාවක් අනුව මෑතකදී ය. ටෙරාකොටා මැටි ඵලක මෙන්ම, දැව ඵලක යන්ගෙන් කළ නිමැවුම් ද, දැව මුවා බුද්ධ ප්‍රතිමා, ලී කැටයම් සහ ප්‍රදේශයට ආවේණික වෙස් මුහුණු - කෝලම් මුහුණු ආදියෙන් ද , පැරැණි සම්ප්‍රදාය හා නව සංකල්පනා වන්ගේ සුසංයෝගයෙන් කළ ගෘහ නිර්මාණ ශිල්පීය වෙනස්කම් විහාර ආකෘතියේ නව සන්ධිස්ථානයක් සටහන් කරයි. අද මුල්පිටුව සරසන්නේ, එහි විහාර මන්දිරයේ බුද්ධ ප්‍රතිමාවේ ඡායාරූපයකිනි.
ඡායාරූපය -ජනක වෙත්තසිංහ

බක් පුර අටවක පෝය අපේ‍්‍රල් 2 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 9.7 ට ලබයි. 3 වන දා සිකුරාදා පූර්ව භාග 7.3 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අපේ‍්‍රල් 2 වන දා බ්‍රහස්පතින්දාය. මීළඟ පෝය අපේ‍්‍රල් 9 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 02

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 09

Second Quarterඅව අටවක

අප්‍රේල් 17

New Moonඅමාවක

අපේ‍්‍රල් 24

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]