UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

2011 වසරේදී යෙදෙන 2600 සම්බුද්ධත්ව ජයන්තිය පිළිබඳ විසිවැදෑරුම් වැඩ සැලැස්ම අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා විසින් මහ සඟරුවන වෙත පිරිනමන ලද අවස්ථාව. ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත දවුල්දෙන ඤාණිස්සර මහනාහිමියෝද, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා සද්ධම්ම ජෝතිකාධජ වේවැල්දෙණියේ මේධාලංකාර මහනාහිමියෝද ඡායාරූපයේ වෙති. ඡායාරූපය - සරත් වීරසිංහ

මහනුවර ශ්‍රී පුෂ්පදාන සමිතියේ ශත සංවත්සර උත්සවය පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේණාධිපති කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන් ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි. එහිදී කුසලධම්ම නාහිමියන්ගේ ඡායාරූප ඇතුළත් තිළිණයක් සමිතියේ ලේකම් ගාමිණී සිරිසේන මහතා විසින් නාහිමියන් වෙත පිරිනැමූ අවස්ථාව. සමිතියේ සභාපති පී.ඩී.ජී. පතිරණ මහතා ද මෙහි වෙයි. කේ. බණ්ඩාරනායක

මිරිසවැටිය ළමා සමාජය මගින් සංවිධානය කළ උපහාර තිළිණ පිරිනැමීමේ උත්සවයක් පසුගියදා අනුරාධපුරයේදී පැවැත්විණි. එහිදී අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමියෝද, ස්වර්ණමාලි චෛත්‍යාරාමාධිපති පල්ලේගම හේමරතන නාහිමියෝද, මිරිසවැටිය විහාරාධිකාරී ඊතලවැටුනවැවේ ඤාණතිලක හිමියෝද උපහාර තිළිණ ලැබූහ. උතුරුමැද පළාතේ ප්‍රධාන අමාත්‍ය බර්ටි පේ‍්‍රමලාල් දිසානායක මහතා ද එම අවස්ථාවට සහභාගි වූ අතර එහිදී අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියන් වෙත උතුරුමැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ මහතා විසින් උපහාර තිළිණය පිරිනැමූ අයුරු මෙහි දැක්වේ.
අනුරාධපුර දිසා විශේෂ වෝල්ටර් දයාරත්න

 

දුරුතු අමාවක පෝය


දුරුතු අමාවක පෝය
ජනවාරි 25 වනදා ඉරිදා
පූර්ව භාග 11.09 ට ලබයි. 26 වන දා සඳුදා අපරභාග 1.24 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි
25 වනදා ඉරිදා ය .

මීළඟ පෝය පෙබරවාරි
02 වනදා සඳුදා


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජනවරි 25

First Quarterපුර අටවක

පෙබරවාරි 02

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 09

Second Quarterඅව අටවක

පෙබරවාරි 16

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]