UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

දඹදිව සංකස්ස නුවර 1972 වසරේ කැණීම් කළ අවස්ථාවේදී එවකට ඉන්දියා පුරා විද්‍යා කොමසාරිස්ව සිටි ශ්‍රී වාස්තව මහතා විසින් කැණීම්වලදී හමු වූ පුරාවස්තු කීපයක් ඉන්දියාවේ ශ්‍රී ලංකා උපකොමසාරිස් ලෙස කටයුතු කළ බර්නාඩ් තිලකරත්න මහතාට බාර දී ඇත. එම පුරාවස්තු සියල්ල පී‍්‍රති තිලකරත්න මහත්මිය හා ප්‍රසන්න නිර්මාල් තිලකතරත්න පුතනුවන් විසින් ගොතටුව පාරමිතා බේධිමලු විහාරාධිපති පණ්ඩිත, අරම ධම්මතිලක නාහිමියන්ට බාරදුන් අවස්ථාව. එම අවස්ථාවට ඉන්දියා මහබෝධි සමාගමේ පාලන නිලධාරි ආචාර්ය ජයන්ත ගුණසේකර, නෙරංජා ගුණසේකර , නිෂානි පනාගොඩ මහත්ම මහත්මිහුද සහභාගි වූහ.

ශ්‍රී ජයන්ති මහා කරුණා බෞද්ධ සංගමය මගින් සිදුකළ විශේෂ දානමය පින්කමක් ඉකුත් 1 වනදා දෙල්ගොඩ කෑරගල මහා කරුණා යොවුන් බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
මැලේසියාවේ ප්‍රධාන සංඝනායක බූටාවත්තේ ශ්‍රී සරණංකර නාහිමියන්ගේ අනුශාසනා පරිදි එම පින්කම පැවැත්විණි. එම අවස්ථාවට මහ සඟරුවන දෙසිය නමක් පමණ සහ සිල්මාතාවන් හාරසියයක් පමණ සහභාගි වූහ. සුදත් පුබුදු කීර්ති දෙල්ගොඩ සමූහ

නවගමුව ශ්‍රී පත්තිනිදේවාල පෙදෙස පූජා භූමියක් බවට ප්‍රකාශයට පත් කිරීමෙන් පසු එහි 2 වැනි අදියර කටයුතු ආරම්භ කිරීම නාගරික සංවර්ධන හා පූජා භූමි සංවර්ධන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින් සිදුවිය. ඒ නිමිත්තෙන් නවගමුවේදී පැවති උත්සව සභාවේදි නවගමුව පුරාණ රාජමහා විහාරාධිපති කෝට්ටේ ශ්‍රී කළ්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මල්වානේ පඤ්ඤාසිරි නාහිමියන් විසින් පිළිගැනීමේ කථාව සිදු කළ අවස්ථාව.අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අධ්‍යාපන අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත, කඩුවෙල ප්‍රාදේශීය සභාවේ සභාපති ජී.එච්. බුද්ධදාස , දේශීය ඖෂධ සංස්ථාවේ සභාපති සෝමවීර චන්ද්‍රසිරි යන මහත්වරුද මෙහි වෙති. ඡායාරූපය:- කොරතොට විජේතුංග කඩුවෙල සමූහ

ශ්‍රීමත් අනගාරික ධර්මපාල පරෝපකාර පදනම මගින් අමරපුර මූල වංශික මහා නිකායේ මහානායක ස්වාමීන්ද්‍ර වර ප්‍රමුඛ කාරක මහා සංඝ සභාව වෙත කරන ලද යෝජනාවකට අනුව ගෝනපීනුවලගේ සුනිල් මහතා වෙත වැලිතර අම්බරුක්ඛාරාම මූල මහා විහාරයේදි ගෞරව නාමයක් පසුගියදා පිරිනමන ලදී.

 

උඳුවප් අව අටවක


උඳුවප් අව අටවක පෝය දෙසැම්බර් 19 වනදා සිකුරාදා පූර්වභාග 4.4 ට ලබයි.
20 වන දා සෙනසුරාදා
පූර්වභාග 4.6 දක්වා
පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර්
19 වනදා සිකුරාදාය
 

මීළඟ පෝය දෙසැම්බර්
26 වනදා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 19

New Moonඅමාවක

දෙසැම්බර් 26

First Quarterපුර අටවක

ජනවරි 04

Full Moonපසෙලාස්වක

ජනවරි 10

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]