UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

කැලණි විහාරයේ දී දිනපතා දම් දෙසුම්

කැලණියේ දුරුතු මහා පූජෝත්සවය නිමිත්තෙන් ශ්‍රී කල්‍යාණි රාජ මහා විහාරස්ථානයේදී දිනපතා රාත්‍රී 7 - 8 දක්වා ධර්ම දේශනා මාලාවක් පැවැත්වේ.

ඉතිරිය»

බෝධි වන්දනාව සහ සංස්කෘතික ‍ප්‍රබෝධය

භෞතික වස්තුවක් වශයෙන් මනුලොව වෙනත් කිසිම අචේතනික ද්‍රව්‍යයකට වඩා බෝධි වෘක්‍ෂය ගරුසරු, පුද පූජා, තුති පූජා ලබා ඇතිවාක් මෙන්ම සම්බුදු සසුන පවතිනාතාක් අපරාජිත ස්ථානය වශයෙන් ජයභූමිය වශයෙන් සඟමොක් සුව පිළිබඳ ප්‍රධානතම නිමිත්ත වශයෙන් අපමණ වන්දන මානනයට භාජනය වන්නේ ය. බෞද්ධ කලාකරුවාට, සංචාරකයාට, ශ්‍රද්ධාවන්තයාට, පුරාවිද්‍යාඥයා, හා ඉතිහාසඥයාට, ලේඛකයාට තම තමන්ගේ අභිමතාර්ථ නිදහස් චින්තන මාර්ගයන්ගෙන් ඉෂ්ට සිද්ධ කරගැනීමට ‘ජයසිරි මහ බෝධිය’ සජීවී තේමාවක් වන්නේ ය.

ඉතිරිය»

 

ධර්ම දේශනාව:

බිය නොවන - බිය නොදෙන වෛර නැති නැණවතා

ලොව ඇති දසුන් අතුරින් බුදු රුව දැකීම උතුම්ම දැකීම වේ. ඇසුමෙන් උතුම් ම ඇසුම ධර්මය ඇසීමයි. ලොව ඇති උතුම් ම ලාභය වනුයේ සද්ධා සීල ත්‍යාග ආදි ධන ලැබීමය. උපස්ථාන කිරීම් අතුරින් උතුම්ම උපස්ථානය වනුයේ, බුදු පසේ බුදු මහරහතන් වහන්සේ වෙත උපස්ථාන කිරීම ය. අපේ බුදුන් වහන්සේ යම් දිසාවකට වඩින්නේ ද, ඒ වඩිනා මං මාවත් ඉතා පිරිසුදුව බාධක වලින් තොර වෙයි. එයට හේතුව පෙර පසේ බුදුරජාණන් වහන්සේ නමකගේ ධාතු චෛත්‍ය වෙත ගොස් පිරිසුදු කොට කොඩියක් පූජා කිරීමේ ආනිශංස වශයෙනි.

ඉතිරිය»

 

ඉබ්බාගල රජ මහා විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ: ඉබ්බාගල රජ මහා විහාරය, කුරුණෑගල යුගයේ දෙවන බුවනෙකබා රජතුමාගේ සමයේ රජ මාළිගය ආසන්නයේ වූ - ශ්‍රී දළදා මාලිගාවේ තේවාව භාරව සිටි භික්‍ෂූන් වහන්සේ වැඩසිටි විහාරස්ථානයක් ලෙස සැලැකෙයි. මෙහි පැරැණි ලෙන් විහාරයේ නුවර යුගයේ දී නිර්මාණය කළ බුද්ධ ප්‍රතිමා වහන්සේ ඡායාරූපයෙන් දැක්වෙයි.

ඡායාරූපය - ජනක වෙත්තසිංහ

උඳුවප් අව අටවක


උඳුවප් අව අටවක පෝය දෙසැම්බර් 19 වනදා සිකුරාදා පූර්වභාග 4.4 ට ලබයි.
20 වන දා සෙනසුරාදා
පූර්වභාග 4.6 දක්වා
පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර්
19 වනදා සිකුරාදාය
 

මීළඟ පෝය දෙසැම්බර්
26 වනදා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 19

New Moonඅමාවක

දෙසැම්බර් 26

First Quarterපුර අටවක

ජනවරි 04

Full Moonපසෙලාස්වක

ජනවරි 10
ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]