UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

වත්තේගම, ඉහළ යටවර නො. 82 නිවසේ පදිංචි ජී.ජී. නිලන්ත වීරවර්ධන මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙලෙන බැවින් ඒ මහතාට “ඒ, බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව මහනුවර මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය නිර්දේශය වේ.

එම වර්ගයේ වකුගඩුවක් හෝ මුදලින් හෝ පරිත්‍යාග කිරීමට කැමති අයෙකු සිටී නම්, ඉහත ලිපිනයට හෝ 0779218571 යන දුරකථන අංකයට දන්වන ලෙස ඒ මහතාගේ මව වන යූ.ආර්.ජී. ගුණවතී මහත්මිය ඉල්ලීමක් කරයි.


චන්ද්‍රානි ඇන්ටනට් ප්‍රනාන්දු, මහත්මිය දෙදරු මවක් වන අතර ඇය සඳහා කොළඹ පෞද්ගලික රෝහලක වෛද්‍ය නිර්දේශය මත “ඒ පොසිටිව් වර්ගයේ” වකුගඩුවක් බද්ධ කළ යුතු බව පවසයි. පරිත්‍යාග කළ හැකි පින්වතකු සිටිනම් පහත ලිපිනයට දැනුම් දෙන්නැයි ඉල්ලීමක් කැරේ. එස්.ආර්. එම්. ඉලුක්කුඹුර නො. 10 කීල්ස් නිවාස, පින්වත්ත, පානදුර ලිපිනය වන අතර 038- 2235993 – 011 4854815 දුරකථන වේ.
 


බණ්ඩාරවෙල, කිණිගම, ධර්මාශෝක පෙදෙසේ පි‍්‍රම්රෝස් හි පදිංචි ඩී.එම්. කරුණාරත්න මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙයි. 57 හැවිරිදි විශ්‍රාමික විදුහල්පතිවරයෙකු වන මොහු උසස් අධ්‍යාපනය ලබන දරු තිදෙනකුගේ පියකු බවද කියයි.

මොහුට ඉතා ඉක්මණින් වකුගඩුවක් බද්ධ කළ යුතු බව මහනුවර මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය නිර්දේශය වී ඇත. ඒ සඳහා විශාල මුදලක් වැය වන බවද කියයි.මෙම රෝගියා පරිත්‍යාගශීලී පින්වතකුගෙන් ඒ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් අපේක්‍ෂා කරයි. එමෙන්ම පරිත්‍යාගශීලීන්ගේ ආධාර බණ්ඩාරවෙල මහජන බැංකුවේ ඔහු නමින් ඇති අංක 037 – 2- 001-9 - 2605650 දරන ඉතිරි කිරීමේ ගිණුමට ඕනෑම මහජන බැංකු ශාඛාවකින් බැර කළ හැකි බවද කියයි. 071 8358012 දුරකථනයෙන් වැඩි විස්තර දැන ගත හැකි බවද කියයි.


ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කරන කරුණාතිලක කේ.ආර්. මහතා දැනට යුද හමුදා රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඒ මහතා සුවපත් කිරීමට බී නෙගටිව් හෝ බී පොසිටිව් ලේ වර්ගයේ වකුගඩුවක් බද්ධ කල යුතු යැයි වෛද්‍ය නිර්දේශය වී ඇත. එම ලේ වර්ගයේ වකුගඩුවක් පිරිනැමීමට කැමති පිංවතෙකු හෝ හිමිනමක් වෙතොත් 0718228115 හෝ 0114858017 දුරකතන අංක වෙත දන්වන්නැයි ඉල්ලීමක් කැරේ.


මොරටුව එගොඩ උයන ශ්‍රමශක්ති මාවතේ අංක 62 හි පදිංචි ඊ.ඒ.එස්.කේ. එදිරිසිංහ යන අයගේ වකුගඩු රෝගයෙන් පෙළෙන බව වෛද්‍යවරු දන්වා සිටිති.මේ නිසා ඔහුට ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කල යුතුව ඇතැයි කියති. පරිත්‍යාගශීලි පිංවතෙකු හෝ හිමිනමක් වේනම් පහත අංකයන්ට කතා කරන්නැයි ඉල්ලීමක් කැරේ.

0725844035,0115680884 දුරකතන අංක වේ.


කඩවත ඉහළබියන්විල ශ්‍රමදාන මාවතේ හොරගහවත්ත 2 පටුමග 305/7 ඩී පදිංචි කේ.ඒ.කේ.ජනිත් කපුගොඩ මහතාගේ පුත්‍ර මිලාන් මනිෂ කපුගොඩ දරුවා පස්වන විය ගත කරන අතර අක්මාවේ ශල්‍ය කර්මයක් සිදු කල යුතු යැයි කියයි. එම ශල්‍ය කර්මය ඉන්දියාවේදී සිදු කිරීමට නියමිත බැවින් ඊට විශාල මුදලක් ද වැය වන බවත් ඔහුට ස්ථිර රැකියාවක් නොමැති බවද කියයි.

එබැවින් එම සැත්කම සඳහා පරිත්‍යාගශීලින්ගේ සහාය පතන අතර කඩවත මහජන බැංකුවේ ගිණුම් අංක 273 - 2001 - 70001579 හෝ කඩවත සෙලාන් බැංකුවේ ගිණුම් අංක 0280 -01814118 - 101 වෙත ආධාර කලහැකි බවද දුරකතන අංක 2973863 වෙතින් වැඩි විස්තර දැන ගත හැකි බවද ජනිත් කපුගොඩ මහතා කියයි.


දිවුල්දෙණිය, දොරොව්ව අංක 140 ලිපිනයෙහි පදිංචි, දොරොව්ව මහා විද්‍යාලයේ එල්.ආර්. මධුසංඛ ලහිරු කුමාර (14) සිසුවා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව වෛද්‍ය නිර්දේශය වී ඇත. ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා “ඒ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මනින් බද්ධ කළ යුතු බව වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත. පියාද අහිමි මෙම දරුවාගේ මවට ස්ථිර ආදායම් මාර්ගයක් නොමැති අතර “ඒ” පොසිටිව් වර්ගයේ වකුගඩුවක් ලබාදීමට කැමති පින්වතකු වේ නම් ඉහත ලිපිනයට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කෙරේ.



අංගොඩ, කොහිලවත්ත, නො.116/4 පදිංචි ඩබ්ලිව්. ජේ.ඇස්. බොතේජු නමැති අය තිදරු පියෙකි. දරුවන් අධ්‍යාපනය ලබති. වකුගඩු රෝගයෙන් පෙළෙමින් දැනට (ඩයලිසිස් ප්‍රතිකාරය) කොළඹ ජාතික රෝහලින් කර ගන්නා බව ද රැකියාවක් නොමැති බව ද කියයි.
කෙසේ හෝ වකුගඩුවක් බද්ධ කිරීමට ඉක්මනින් අවශ්‍ය බැවින් දැනට ශෛල්‍යකර්මය සඳහා කටයුතු සිදුවෙමින් පවතින බව ද කියයි.
එම වකුගඩු සැත්කම සඳහා විශාල මුදලක් වැය වන බව ද මෙම සමාජ සත්කාරය සඳහා දායක වීමට අයකු ඇතොත් මුදල් ආධාර අංක 167 – 2001 – 5- 3178429 දරන පුරහල මහජන බැංකුවේ ඉතිරි කිරීමේ ගිණුමට බැර කරන්නැයි ඉල්ලීමක් කැරේ.


සුෂුම්නා සැත්කමකට ආධාර පතයි

මාතර, කොටුවේගොඩ, පන්සල පාරේ, 26/2 ලිපිනයේ පදිංචි පහළොස් වියැති ෆාතිමා රිස්වානා දියණිය සුෂුම්නාවේ ආබාධයකින් පසුවෙයි. ඇය සුව කිරීමට ඉන්දියාවේ රෝහලක සුෂුම්නා සැත්කමක් ඉතා ඉක්මනින් සිදු කළ යුතු බව වෛද්‍යවරු නිර්දේශ කර තිබේ. ආර්ථික දුෂ්කරතා සහිත තමන්ට මෙතරම් විශාල මුදලක් කඩිනමින් සොයා ගැනීම ඉතා අසීරු බව පවසන දරුවාගේ මව පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රහය බලාපොරොත්තු වේ. පරිත්‍යාග ලංකා බැංකුවේ, මාතර කොටුවේගොඩ ශාඛාවේ පී.එම්. සිත්ති (දරුවාගේ මව) නමින් අරඹා ඇති ගිණුම් අංක 1743684 වෙත යොමු කරන ලෙසද ඉල්ලීමක් කැරේ.

උදුවප් පුර අටවක

 
පෝය දෙසැම්බර් 5 වනදා සිකුරාදා අපර භාග 2.33 ට ලබයි.
6 වනදා සෙනසුරාදා අපරභාග 3.6 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් 5 වන දා සිකුරාදාය.

මීළඟ පෝය දෙසැම්බර් 12 වන දා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 5

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 12

Second Quarterඅව අටවක

දෙසැම්බර් 19

New Moonඅමාවක

දෙසැම්බර් 26

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]