UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ඕමානයේ වෙසක් සිරි


ඇරැව්වල සුධම්ම හිමියෝ සහ බණ්ඩාරවෙල මුදිත හිමියෝ ආගමික වතාවත් මෙහෙය වති.

උඩුවේ ධම්මාලෝක හිමියෝ දහම් දෙසුමට වැඩම කරමින්...

ආගමික වතාවත්වල යෙදුණු පිරිසෙන් කොටසක්

දිගන්තයේ නිසොල්මනේ හිඳින වියළි මහා කඳු යායත්, තැනිතලා වාලුකා භූමියේ ගිණියම් වූ වාළුකාතලයත්, සනසාලමින් නිසළ ගුවන් තලය අරා පින්බර ලීලාවෙන් වැඩ හිඳුනා සුන්දර පූර්ණ චන්ද්‍රයාගේ නිවී සැනසිල්ලේ ගලාගිය පින්බර සඳ කිරණ ගෙවී ගිය වෙසෙග් අසිරි සිරි අප මුළු සිත් මල් යායක්ම අමා පහසින් සනසමින් මේ ඕමානයේ ගුවන් තලය සිසාරා ගලා ඇවිත් සියලු බොදු දනන්ගේ හදවත් මහත් බැති සිතින් ස්පර්ශ කළ සේය.

සදහම් පිපාසිත බොදු දනන් උදෙසාම විහාරස්ථානයක් ගොඩ නඟා දුෂ්කර කාර්යයක නිමග්න වූ විහාරස්ථ දායක කමිටුවේ මූලිකත්වයෙන් සහ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේත්, දහම් පාසල් කමිටුවේත්, ශ්‍රී ලාංකිකයින්ගේ සංගමයේත් සැබෑ වුවමනාව මතින් මෙවරද වෙසක් පින්කම් මාලාවක් සති දෙකක් ම පුරා මහත් බැති සිතින් සිදු කැරිණි. එහි වැඩම කර වූ උඩුවේ ධම්මාලෝක හිමි, ඇරැව්වල සුදධම්ම සහ බණ්ඩාරවෙල මුදිත හිමිවරුන් ගේ ද සුමධුර ධර්ම දේශනාවන්ගෙන් පින්කම ඔපවත් වී තිබිණි.

දහම් පාසල් කමිටුවේ සභාපති ජයසුරිය මහතා ඇතුළු කමිටු සාමාජිකයින් සංවිධානය කළ ලේ දන්දීමේ මහා පින්කමට සහභාගී වීමට සිය ගණනක් බැතිමතුන් ආගම් භේද වලින් තොරව පෙළ ගැසිණි.

සංගීතා හේමචන්ද්‍ර යුවළගේ මෙහෙයවීමෙන් සිදුකළ බැතිබර භක්ති ගී දින දෙකක් සිදුකළ අතර දහම් පාසලේ බෝසත් ළමා ළපැටින් හතළිස් දෙනෙකු තරම් ප්‍රමාණයකගේ සහභාගිත්වයෙන් පැවැත් වූ ගුත්තිල මූසිල වේදිකා රංගනය කාගේත් සිත් සතන් ඇඳ බැඳ ගත්තේය.

ගීතාංජලී රාජකාරුණා මහත්මිය අධ්‍යක්ෂණය කළ එම නාට්‍යයේ සහාය අධ්‍යක්ෂණය රුවන් බණ්ඩාර මහතා සිදුකළේය. වසන්ත ගමගේ මහතා මෙහෙයවීම් කටයුතුත් ශිරාණි ගමගේ් මහත්මිය ඇඳුම් නිර්මාණ කටයුතුත් සිදු කළහ . බිමල් රාජකාරුණා, රන්ජන් සාගර, වසන්ත ගමගේ යන මහත්වරු සත්සර මියැසියට දායක වූහ.

ශ්‍රී ලාංකිකයින්ගේ සංගමයේ සභාපති විමල් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් හා සියලු කමිටු සාමාජිකයින්ගේ දායකත්වයෙන් සිව්වෙනි වරටත් සංවිධානය කළ වෙසක් පහන් කූඩු තරගය වෙසක් අසිරිය තවත් ඔපවත් කළේය. විවෘත තරගයෙන් ප්‍රථම ස්ථානය උදය නාමල් කුමාර, දෙවන ස්ථානය නිහාල්, තෙවැනි ස්ථානය ප්‍රභාත් යන මහත්වරු දිනා ගත්හ.

තානාපති මැඳුරු භූ®මිය ඉදිරිපස වැජඹුණු මහා වෙසක් පහන් කූඩු රාජයා ලසත් ජයවර්ධන, ලක්ෂ්මන් පිරිස්, අසිත මොරේ මඩ සහ තවත් ශිල්පීන් රැසකගේ දායකත්වයෙන් නිර්මාණය වීය.

වෙසක් සිරි උළෙලේ අවසාන නිර්මාණය වූයේ ළමා පෙරහරයි. ශ්‍රී ලාංකිකයින්ගේ් සංගමයේ මෙහෙයවීමෙන්, ශ්‍රී ලංකා පාසලේ ඇඳුරු මඬුල්ලේ සහයෝගයෙන් කළ එළි බට එම පෙරහර නිළමේවරුන්ද මල්කරුවන්ද, සේසත්කරුවන්ද, හස්තියාද, ප්‍රබෝධනී පොන්සේකා මහතිත්මිය විසින් පුහුණු කරන ලද නැටුම් රංගන කීපයකින්ද කාවාඩි නැටුමකින්ද පූර්ණ වී තිබිණි.

වෙසක් වැඩ සටහනට පණ දුන් ඕමානයේ නිවේදක සුනිමල් බාලසූරිය මහතා පෙරහරේ විචිත්‍ර භාවයට තම කට හඩින් අත්වැල සැපයුවේය.

සුපුරුදු වෙසක් උළෙල අවසාන මහා දන්සල සංගමයේ ප්‍රසන්න පළිහවඩන මහතාගේත් කැපවීම මත සංගමයේ අනුග්‍රහයෙන් චින්තක ජයවර්ධන යුවළගේ පූර්ණ දායකත්වයෙන් පැවැත් විණි.

බොදු බැති ගී ගයමින්... අලංකාර වෙසක් පහන් කූඩුවක්

නිකිණි අව අටවක පෝය


නිකිණි අව අටවක පෝය අගෝස්තු 23 වන දා සෙනසුරාදා අපර භාග 6.26 ට ලබයි. 24 වනදා ඉරිදා අපර භාග 4.11 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 24 වන දා ඉරිදා ය.
 

මී ළඟ පෝය අගෝස්තු 30 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 24

New Moonඅමාවක

අගෝස්තු 30

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 14

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]