UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

උත්තම සිරි දළදා වහන්සේ වටා ගෙතුණු සාහිත්‍යය

බුදු දහම ලක්දිව තුළ ව්‍යාප්තවීම (මහින්දාගමනයෙන් ඉක්බිතිව) සිංහල සාහිත්‍යයෙහි නවෝදයකට මංපෙත් පෑදූ බව අප කවුරුත් දන්නා ප්‍රකට කරුණකි. මෙහි සුවිශේෂත්වය වනුයේ ගෞතම බුදුන් වහන්සේ හා උන්වහන්සේ විසින් දේශනා කොට වදාල සුවාසුදහසක් ධර්මස්කන්ධය අරබයා නව ආරක සාහිත්‍ය සම්ප්‍රදායක් මෙරට තුළ බිහිවීමයි. මෙහි ඇතැම් කෘති වංශ කථා(උදා. කේශ ධාතු වංශය, ථූප වංශය, ධාතු වංශය, බෝධි වංශය, අනාගත වංශය) යනුවෙන් ප්‍රකටය. මෙම ලිපියෙන් විමර්ශණය කරනුයේ වංශ කථා සාහිත්‍යයට ඇතුළත් වන්නාවූ දාඨා වංශය හෙවත් දළදා වංශයට අයත් වන්නාවූ පොත පත පිළිබඳවය.

ගෞතම බුදුන් වහන්සේගේ සිව් දළදාවන් අතුරින් වාම දළදාව ලක්දිවට වැඩම කිරීමෙන් ඉක්බිතිව දළදා වහන්සේ අරබයා පාලි හා සිංහල භාෂාවෙන් පතපොත රචනා කිරීම ආරම්භ විය.

දළදා වහන්සේ ලක්දිවට වැඩම කිරීමේ පුවත මහාවංශයෙහි මෙසේ සඳහන් වෙයි.

ඒ රජු දවස් නව වන මස එක්තරා බැමිණියක් තොමෝ බුදුරජහු දළදාව කළිඟු රටින් මෙහි ගෙන්වා එළු දළදා වස කී පරිද්දෙන් රජ තෙමේ ඒ ගෙන බහුමානයෙන් උතුම් පුද කොට හුදු පිළිමිණින් කළ කරඩුවෙක බහා දෙවන පෑතිස් රජු විසින් රාජාරාමයේ කරවන ලද දම්සක් නම් ගෙයි වැඩුයේ යි. එතැන් පටන් ඒ ගෙය දඨාධාතුඝර නම් වී ඉක්බිති සම්පූර්ණ සිත් ඇති රජ තෙමේ නව ලක්ෂයක් දන විසඳා දළදා මහ පෙළහැර කළේ යි. අවුරුදු පතා අභයගිරි විහාරයට වඩා ගෙන ගොස් ඒ දන්ත ධාතුවට මෙබඳු පූජා කරව යි නියෝග කළේ ය.

(37 පරි - 92 -98 ගාථා)

දළදා වහන්සේ අරබයා එදා මෙදාතුර විවිධ මාදිලියේ ගද්‍ය - පද්‍ය කෘතින් බොහෝ සංඛ්‍යාවක් රචනා වී ඇත. එනමුත් වර්තමානය වනවිට ඒවායින් විද්‍යාමාන වනුයේ අතළොස්සක් පමණි. ඒවා පිළිවෙළින් මෙසේය.

01.දාඨා ධාතු වංශය - අනුරාධපුර යුගය

02.දාඨා වංශය (පාලි) - පොළොන්නරු යුගය 03.දළදා සිරිත -කුරුණෑගල යුගය

04.දළදා පූජාවලිය ධ් - කුරුණෑගල යුගය 05.දළදා වරුණේ ධ්- මහනුවර යුගය

06.දළදා පූජාවලිය ධ්ධ් මහනුවර යුගය

07.දළදා වංශය මහනුවර යුගය 08.දළදා හටන - මහනුවර යුගය 09.දළදා වංශ කවි - මහනුවර යුගය 10.දන්ත ධාතු විස්තරය -

මහනුවර යුගය 11.දාඨා පොත් ප්‍රදීපය - කොළඹ යුගය 12.දළදා කාව්‍යය - කොළඹ යුගය 13.දළදා වරුණේ ධ්ධ් - කොළඹ යුගය 14.දළදා වංශය කාව්‍යය - කොළඹ යුගය 15.දළදා වංශය ධ්ධ් - කොළඹ යුගය 16.දළදා වතුර - කොළඹ යුගය 17.දෂ්ට්‍රා ධාතු කථා - කොළඹ යුගය 18.දළදා විසිතුර -කොළඹ යුගය 19.දළදා වරුණේ ධ්ධ්ධ් - කොළඹ යුගය 20.දළදා ශතකය - කොළඹ යුගය

ඉහත සඳහන් කරන ලද සාහිත්‍ය කෘතීන් පිළිබඳව විස්තර මෙසේය.

දාඨා ධාතු වංශය (ක්‍රි.ව.362 - 388)

අනුරාධපුර යුගයේදී සිංහල භාෂාවෙන් රචනා කරන ලද මෙම කෘතියෙන් දළදා පුවත කියැවේ. මෙම කෘතිය වර්තමානයේදී සම්පූර්ණයෙන්ම අභාවිතය.

දාඨා වංශය (ක්‍රි.ව.?)

පොළොන්නරු යුගයේදී ධර්ම කීර්ති හිමියන් විසින් පාලි භාෂාවෙන් රචනා කරන ලද දාඨා වංශය ඉතා වැදගත් කෘතියකි. මෙහි දළදා වහන්සේ ලක්දිවට වැඩම කරලීමේ සිට බුද්ධදාස රජතුමා (ක්‍රි.ව.337 - 365) විසින් කරන ලද පුද පූජා දක්වා තොරතුරු ඇතුළත්ය. මෙය පද්‍ය 412 කින් පමණ සමන්විතය. දළදා සිරිත(ක්‍රි.ව.1325)

කුරුණෑගල යුගයේදී (එනම් 4 වෙනි පරාක්‍රමබාහු රජ දවසෙහි ක්‍රි.ව. 1303 - 1333) දෙව්රඳ දම්පසඟිනාවන් විසින් රචනා කරන ලද දළදා සිරිත දළදා සාහිත්‍යයෙහි ඇති විශිෂ්ඨතම කෘතිය ලෙස සැලකේ. මෙම මාහැඟි කෘතිය පරිච්ඡේද හතකින් පමණ සමන්විතය. මෙහි පළමු පරිච්ඡේදය රචනා කර ඇත්තේ පාලි දාඨාවංශය ආශ්‍රයෙනි. ඉතිරි පරිච්ඡේද පහෙහි ඇතුලත් වනුයේ කිත්සිරි මෙවන් රජු (ක්‍රි.ව.303 - 331) ගෙන් ඉක්බිතිව කුරුණෑගල යුගය දක්වා ලක්දිව රජකම් කළ රජවරුන් පිළිබඳව සංක්ෂිප්ත තොරතුරුය. මෙහි හත්වන පරිච්ඡේදය වනුයේ පුරාණයේ සිට උත්තම සිරි දළදා වහන්සේ වෙනුවෙන් පවත්වන ලද සිරිත් විරිත් (එනම් උත්තම සිරි දළදා වහන්සේ ;වනුවෙන් පනවන ලද වගන්ති 38කින් පමණ සමන්විත වූ ව්‍යවස්ථාවයි) සමුදායයි.

මෙම මාහැඟි කෘතියේ තවද, සුවිශේෂත්වය වනුයේ වෘත්ත ගන්ධි ශෛළ්‍යයෙන් රචනා වී ඇති වර්තමානයේ විද්‍යාමාන වන මුල්ම කෘතිය වීමයි. මෙහි බසද සුන්දරය. ව්‍යක්තය, අනුප්‍රාසය බහුලව යෙදී ඇත. මෙහි ඇතුළත් ව්‍යවස්ථාවන් කිහිපයක් මෙසේය.

1.දළදා ගෙයි රන් බාතුනින් තුන්වැනි ගද කිළියේ රන්බාවෙන් ඇතලට යාන් අතුරන්නන් විනා අන්කිසි කෙනෙකුන් නොවදින ඉසා 3.තුන්වැනි රන් බාවෙන් ඇතුළට මැති මඩුලු වදිනාව ඉසා 13.දළදා ගෙට නානුමුර සතන්.... මහ සුප් සාමිනටත් මසකට දෙවාරයක් බැගින් පුද ඕලක් කම් කරනුව ඉසා

29.මෙලෙසින් අවුරුදු පතා පූජා කරනුව ඉසා 30.වැසි නොවස්නා කලැ මෙමැ ලෙසින් දළදා පූජා කරනුව ඉසා 35.දළදාගෙන් කහවණුවක් විවරකුත් රජගෙට නොගන්නවා ඉසා මෙහි පුස්කොල පිටපතක් ශ්‍රී දළදා මාලිගාවෙහි ප්‍රාචීන පුස්තකාලයෙහි තැන්පත්ව ඇත.

දළදා පූජාවලිය ධ් (ක්‍රි.ව.1325 - 1333)

කුරුණෑගල යුගයේදී ආඥාණ කතුවරයෙකු විසින් රචනා වූ දළදා පූජාවලිය පාලි දාඨා වංශයේ (පොළොන්නරු යුගයේදී රචනා වූ ) කෘතියෙහි සිංහල පරිවර්තනයයි. එසේ වුවද ග්‍රන්ථ ගෞරවය උදෙසා කතුවරයා විසින් ග්‍රන්ථයේ මුල් කොටසට මහ වංශය, දීපවංශ, ජිනාලංකාර, ජිනාලංකාර වර්ණය හා රසවාහිනිය වැනි කෘති වලින් උපුටා ගත් කරුණුද ඇතුළත් කොට ඇත.

දළදා වරුණේ ධ්(ක්‍රි.ව.1592 - 1604)

මහනුවර යුගයේ මුල් කාලීනව රචනා වූ දළදා වරුණේ කවි 40කින් පමණ සමන්විත වූ කුඩා පද්‍ය සංග්‍රහයකි.

දුව හේම මා ලා
තම ලඟට ගෙන්නා ලා
දළදාව දි ලා
වැඩිය නිරිඳුට එරජ නි සා

දළදා පූජාවලිය ධ්ධ් )ක්‍රි.ව. 1751 ඉක්බිතිව)

මහනුවර යුගයේදී රචනා කරන ලද තවත් කෘතියක් වූ දළදා පූජාවලිය මගින් කුරුණෑගල යුගයේ සිට මහනුවර යුගයේ රජකම් කළ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා (ක්‍රි.ව.1747 - 1780) ගේ රාජසමය දක්වා පැවති දළදා පුවත කියැවේ.

මෙහි පුස්කොල පිටපතක් ශ්‍රී දළදා මාලිගාවෙහි ප්‍රාචීන පුස්තකාලයෙහි තැන්පත්ව ඇත. දළදා වංශය ධ්(ක්‍රි.ව.1771)

මහනුවර යුගයේදී රචනා කරන ලද දළදා වංශය මගින් කුරුණෑගල යුගයේ සිට මහනුවර යුගයේ රජකම් කළ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ රාජ්‍ය සමය දක්වා පැවති දළදා පුවත කියැවේ.

දළදා හටන (ක්‍රි.ව.1789)

මහනුවර යුගයේදී රචනා කරන ලද දළදා හටන කුඩා පද්‍ය සංග්‍රහයකි. මහානාම රජ දවසේ (ක්‍රි.ව.410 - 432) හි ලක්දිවට පැමිණි ෆාහියන් (ජ්ච - ඩඪචද) භික්ෂුවගේ දේශශාටන වාර්තාවේ (අඥජධපඤ ධට ඕභඤඤඩඪඵබඪජ ඬඪදඨඤධථඵ) හි සඳහන් වූ දළදා පුද පෙරහර පැවැත්වූ ආකාරය වර්ණනාත්මකව මෙහි කවියෙන් දැක්වේ.

දළදා වංශ කවි(18 වෙනි සියවස අගදී පමණ) මෙය කුඩා පද්‍ය සංග්‍රහයකි.

දන්ත ධාතු විස්තරය (18 වෙනි සියවස අගදී පමණ) මය කුඩා පද්‍ය සංග්‍රහයකි.

දන්ත පුරට රුපු යුද්ධයට වන් තැන
දන්ත කුමරු කුමරිත් සහ වෙසෙමින
දන්ත ධාතු වැඩමෙව් සැටි රහසින

යන්න මකින් පවසමි එළු කවියේ න

දාඨාගොත් ප්‍රදීපය(ක්‍රි.ව.1818)

කොළඹ යුගයේදී වැලිගල කිවිඳු විසින් රචනා කරන ලද දාඨාගොත් ප්‍රදීපය මගින් දළදා පුවත කවියට නඟා දළදා වැනුමෙහි අගය කියාපායි. මෙය කවි 434 කින් පමණ සමන්විතය.

මෙහි පුස්කොල පිටපතක් ශ්‍රී දළදා මාලිගාවෙහි ප්‍රාචීන පුස්තකාලයෙහි තැන්පත්ව ඇත. දළදා කාව්‍යය(ක්‍රි.ව.1845) කොළඹ යුගයේදී මුල්ලේගම කහඳ නවරත්න මුදලිගේ විසින් රචනා කරන ලද දළදා කාව්‍යය මගින් දළදා වහන්සේගේ ගුණ වරුණ කියැවේ. දළදා වරුණේ ධ්ධ්(ක්‍රි.ව.1897) කොළඹ යුගයේදී රචනා කරන ලද දළදා වරුණේ කවි 101 කින් පමණ සමන්විත වූ පද්‍ය සංග්‍රහයකි. දළදා වංශ කාව්‍යය(ක්‍රි.ව.1899) කොළඹ යුගයේදී කේ.එම්.සිල්වා කිවිඳුන් විසින් රචනා කරන ලද දළදා වංශ කාව්‍යය කවි 238කින් පමණ සමන්විත වූ පද්‍ය සංග්‍රහයකි. දළදා වංශය ධ්ධ් (ක්‍රි.ව.1916) මෙය කුඩා ගද්‍ය සංග්‍රහයකි. දළදා වතුර(ක්‍රි.ව.1925) දිගු නියං සමයකදී දළදා ප්‍රදර්ශනය පැවැත්වීම නිසා මහ වැසි හටගති. එබැවින් මෙය ඒ පිළිබඳව රචනා කරන ලද කවි 158කින් පමණ සමන්විත වූ පද්‍ය සංග්‍රහයකි.

දළදා වතුර(ක්‍රි.ව.1925)

දිගු නියං සමයකදී දළදා ප්‍රදර්ශනය පැවැත්වීම නිසා මහ වැසි හටගති. එබැවින් මෙය ඒ පිළිබඳව රචනා කරන ලද කවි 158කින් පමණ සමන්විත වූ පද්‍ය සංග්‍රහයකි. දංෂ්ට්‍රාධාතු කථා (ක්‍රි.ව.1926)

මෙම කෘතිය අභාවිතය.
දළදා විසිතුර(ක්‍රි.ව.1928)

මෙය කවි 142කින් පමණ සමන්විත වූ පද්‍ය සංග්‍රහයකි.

දළදා වරුණේ ධ්ධ්ධ්(ක්‍රි.ව.1928)

මෙය කවි 210කින් පමණ සමන්විත වූ පද්‍ය සංග්‍රහයකි.

දළදා ශතකය (ක්‍රි.ව.1934)

 

නිකිණි අව අටවක පෝය


නිකිණි අව අටවක පෝය අගෝස්තු 23 වන දා සෙනසුරාදා අපර භාග 6.26 ට ලබයි. 24 වනදා ඉරිදා අපර භාග 4.11 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 24 වන දා ඉරිදා ය.
 

මී ළඟ පෝය අගෝස්තු 30 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 24

New Moonඅමාවක

අගෝස්තු 30

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 14

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]