UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
2429598, 2429429

ෆැක්ස්:
2429329, 2449069

ඊමේල්:
[email protected]

ජිගච්ඡාපරමා රෝගා

නිර්මාණාත්මක, ක්‍රියාකාරකම් මගින් නිසි පරිදි පෝෂණය නො කැරෙන ශිෂ්ටාචාරයක් මිය යෑමට ඉඩ ඇත. ඕනෑම සමාජයක පවතින දරිද්‍රතාව එහි නිර්මාණාත්මක කටයුතු වල සතුරකු වශයෙන් ක්‍රියා කිරීමට පුළුවන. එම සමාජයේ පුද්ගලයන්ට එදිනෙදා ජීවිතයේ අවශ්‍යතා සපයා ගැනීමට වෙහෙසීමට සිදු වේ. ඒ නිසා ඔවුන්ට නිර්මාණාත්මක ක්‍රියාකාරකම් වල යෙදීමට තරම් විවේකයක් නො ලැබේ. එ හෙයින් කිසියම් ශිෂ්ටාචාරයක නැගීමට සහ ඉදිරිගමනට එක්තරා, ප්‍රමාණයක ආර්ථික සමෘද්ධියක් උපස්ථම්භක වන බව පැහැදිලි වේ.

ඉන්දීය ලේඛක බී.වී රාවෝ ගේ ලෝක ඉතිහාසය (World History) නමැති කෘතියෙහි තබා ඇති මේ සටහන පූර්විකාවක් ලෙස යොදා ගෙන වත්මන් ලෝක ආහාර අර්බුදය පිළිබඳ ව කතා කිරීමට බලාපොරොත්තු වෙමු. රාවෝ ගේ මේ පැහැදිලි කිරීම අනුව, එදිනෙදා ජීවිතයේ අවශ්‍යතා සපයා ගැනීමට ම වෙහෙසෙන සමාජයකට මානව ශිෂ්ටාචාරය පෝෂණය කළ නො හැකි ය. වත්මන් ලෝක ආහාර අර්බුදය පිළිබඳ ව කතා කිරීමට අප පොළඹවාලූ හේතුව ද එය යි.

කෙ සේ වුව ද වත්මන් ලෝක ආහාර අර්බුදය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම පිණිස ගෝලීයකරණ අවධියේ පරිසරය හඳුනා ගැනිම අවශ්‍ය කැරේ. එ බැවින් මේ ගැන සාකච්ඡා කළ ලෝක ආහාර හා කෘෂිකර්ම සමුළුව වෙත පාඨක අවධානය යොමු කිරීමට කැමැත්තෙමු.

පසුගිය 03 වන දා ඉතාලියේ රෝම නුවර පැවැති එම සමුළුව අමතා ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙ සේ කීය.

“ ආහාර අර්බුදය වඩාත් බරපතළ වන්නේ සමාජයක ඉතාමත් අවදානමට ගොදුරුවනසුළු කොටස් වලට, එනම් ලෝක ජනගහනයෙන් සියක් කෝටියක් පමණ වූ දරිද්‍රතාවෙහි ජීවත් වන ජනතාවට එය බලපාන හෙයිනි. ඉතාමත් දුප්පත් සහ අතිශයින් ම අවදානමට ගොදුරුවන සුළු කොටස් වල අපේ ජනතාව කුසගින්නේ නො සිටින බවට වග බලා ගැනීම සඳහා අප ගෝලීය ප්‍රජාවක් වශයෙන් ඉක්මනින් ක්‍රියාත්මක වී කෙටිකාලීන හදිසි පියවර ගත යුතුය “

“ වෙනත් දියුණු වෙමින් පවතින බොහෝ රටවල් මෙන් ම ශ්‍රී ලංකාවට ද මේ සියලු සාධක, එ නම් මුළුමනින් ම ආනයනික ඉන්ධන මත යැපීම, කෘෂි කර්මාන්තයේ සාර්ථකත්වය වෙනස් වන කාලගුණික රටාවක් මත රඳා පැවැතීම සහ ගබඩා කැර තැබීමේ හා බෙදා හැරීමේ ගැටලු බලපා ඇත. ත්‍රස්තවාදය නිසා ආහාර නිෂ්පාදනය දුෂ්කර කාර්යයක් බවට පත් කිරීමේ හෝ උපද්‍රව සහිත වීමේ සිවු වැනි සාධකයට ද අපි මුහුණ දී සිටිමු. වගා කළ හැකි බොහෝ ඉඩම් දශක දෙකකට අධික කාලයක් පුරා ත්‍රස්තවාදීන් බිම් බෝම්බ ඇටවීම නිසා අතහැර දමා ඇත.”

“විවෘත ආර්ථිකයේ සම්ප්‍රාප්තියත් සමග සංවර්ධන ක්‍රියාදාමයෙහි අවධානය අදියරෙන් අදියර ගමෙන් නගරයට මාරු විය. එය අප සැමට ආහාර නිෂ්පාදනය කිරීම පිණිස ගමේ මිනිසුන් වෙහෙස මහන්සි වී වැඩ කළ, රටේ එක් ප්‍රදේශයක් ඉහළ ආදායම් ලබන රටවලට අපනයනය කිරීම සඳහා විශාල වශයෙන් භාණ්ඩ සහ සේවා නිෂ්පාදනය කැරෙන නාගරික වාණිජ හා කර්මාන්ත මධ්‍යස්ථාන වලට මාරු විය. “

වත්මන් ආහාර අර්බුදය නිර්මාණය වූ ආකාරය පිළිබඳ ව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා කළ මේ විග්‍රහය අප කාගේ ත් අවධානයට යොමු විය යුතු ය. එ පමණක් නො ව මේ සඳහා විසැඳුමක් වශයෙන් ගෝලීය ආහාර අර්බුද අරමුදලක් පිහිටුවීමට කළ යෝජනාව ද ඉතා වැදගත් යැයි සිතමු.

එ සේ වුව ද ලෝක ආහාර අර්බුදය ගැන කතා කිරීමේ දී පාරිසරික , ආර්ථික හා දේශපාලන කරුණු මෙන් ම මිනිසා ගේ වැරැදි හැසිරීම ද ධර්මානුකූල ව විමසා බැලීම අවශ්‍ය බව අප ගේ විශ්වාසය යි.

පොසොන් පුර අටවක පෝය

පොසොන් පුර අටවක පෝය ජුනි 10 වන දා අඟහරුවාදා පූර්ව භාග 8.25 ට ලබයි.
11 වන දා බදාදා පූර්ව භාග 8.53 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි 10 වනදා අඟහරුවාදාය

මීළඟ පෝය ජුනි 18 වනදා බදාදාය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 10

Full Moonපසෙලාස්වක

ජූනි 18

Second Quarterඅව අටවක

ජූනි 26

New Moonඅමාවක

ජූලි 02

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]