UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ලෝක සාමය පතා සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනයක්

එක්සත් රාජධානියේ මිඩ්ලන්ඩ් ප්‍රදේශයේ බර්මින්ග්හැමි ජේතවන විහාරාධිපති ශාස්ත්‍රපති කැප්පෙටියාගොඩ ගුණවංශ නාහිමියන්ගේ අනුශාසනා පරිදි හා විහාරස්ථ පින්වතුන්ගේ අනුග්‍රහයෙන් ලෝක සාමය පතා හා ශ්‍රී ලංකාවේ දශක දෙකකට අධික කාලයක් තුළ පවතින ත්‍රස්තවාදී ප්‍රශ්නය අවසන් වී සාමය උදාකරවීමත්, ජනාධිපති තුමා සහ ත්‍රිවිධ හමුදාව ඇතුළු ලක්වැසි සැමටත් ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත් අරමුණු කරගෙන සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් මැයි මස 31 වෙනි දින විහාරස්ථානයේ දී පැවැත්වේ. එම පින්කමෙහි තවත් වැදගත් අරමුණක් වන්නේ ශ්‍රී ලංකාවේ පවතින කුරිරු ත්‍රස්තවාදී යුද්ධයෙන් දිවිපිදූ භික්‍ෂූන් වහන්සේලාට, ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන්ට, පාසල් ළමුන්ට හා සිවිල් වැසියන්ට පින් පැමිණවීමයි.

එක්සත් රාජධානියේ සියලුම ශ්‍රී ලාංකික විහාරාධිපති ස්වාමීන් වහන්සේලා ඇතුළු 25 ස් නමකට අධික මහා සංඝරත්නය එම පින්කම සඳහා සහභාගි වන අතර ජූනි මස 01 වෙනි දින සංඝගත දක්‍ෂිනාව පිරිනැමේ. මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සේනුකා සෙනෙවිරත්න මහත්මිය හා නියෝජ්‍ය කොමාරිස් සුදත් ගනේගම ආරච්චි මහතා ඇතුළු සම්භාවනීය ගිහි පැවිදි විශාල පිරිසක් ඊට සහභාගී වීමට නියමිත ය.

වෙසක් අව
අටවක පෝය

   මැයි 27 වනදා අඟහරුවාදා අපර භාග 8.25 ට ලබයි.
28 වනදා බදාදා අපරභාග 3.17 ට ලබයි.
සිල් සමාදන්වීම මැයි 28 වනදා බදාදාය.

මීළඟ පෝය ජුනි 03 වනදා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 28

New Moonඅමාවක

ජූනි 03

First Quarterපුර අටවක

ජූනි 10

Full Moonපසෙලාස්වක

ජූනි 18

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]