UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
2429598, 2429429

ෆැක්ස්:
2429329, 2449069

ඊමේල්:
[email protected]

අංගුලිමාල ලා දමනය

දැඩි සේ අහිංසාවාදයට කැප වූ බුදුසමය වැනි ආගමක් විසින් පසුගිය දශක දෙක තුළ ප්‍රචණ්ඩත්වයේ අන්තයට ගිය සමාජයක් නිර්මාණය කළේ කෙසේ දැයි උගත් බටහිර වැසියන් විසින් ශ්‍රී ලාංකික ශාස්ත්‍රවේදීන් ගෙන් නිතර අසන බව මහාචාර්ය ගනනාථ ඔබේසේකර මහතා පැවැසූ අදහසක් අපට සිහිපත් විය. එංගලන්තයේ බාත් විශ්වවිද්‍යාලයයේ පැවැති සම්මන්ත්‍රණයක දී මහාචාර්ය ගනනාථ ඔබේසේකර මහතා විසින් 2002 වසරේ දී කළ සඳහනක් අපට හදිසියේ සිහිපත් වූයේ පිල්ලෙයාන් යැයි ප්‍රකට ව සිටින නැගෙනහිර පළාත් සභාවේ මහ ඇමැති සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා නිසා ය.

නැඟෙනහිර මහ ඇමැති වශයෙන් පසුගිය 16 වන දා අරලියගහ මැදුරේ දී දිවුරුම් දුන් ඔහු කොළඹ හුණුපිටිය ගංගාරාමයට ගොස් ගලබොඩ ඤාණිස්සර හිමියන් ගේ දෙපා වඳින අයුරු රූපවාහිනී ප්‍රවෘත්ති මඟින් දක්නට ලැබිණ. එ පමණක් නො ව ඔහු පසුගිය 18 වන දා මල්වතු මහ විහාරයට ගොස් එම පාර්ශ්වයේ මහ නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මා හිමියන් ද, අස්ගිරි මහා විහාරයට ගොස් එම පාර්ශ්වයේ මහ නායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මා හිමියන් ද බැහැදැක ආශීර්වාද ලබා ගත්තේ ය. සෑම දේශපාලනඥයකු ම තනතුරක් ලද පසු මෙ සේ දළදා මාලිගාව වෙත යෑම ඉතා සාමාන්‍ය දෙයක් බව අපි දනිමු. එහෙත්, පිල්ලෙයාන් මහතා ගේ මේ ගමන සාමාන්‍ය සිද්ධියක් වශයෙන් සලකා ක්‍රියා කිරීම වරදකි. මහ නා හිමිවරුන් ගෙන් ආශීර්වාද ලබා ගැනීමෙන් පසු මහ ඇමැතිවරයා දළදා මාලිගාවේ කෞතුකාගාරය වෙත ගොස් එහි ඇති ඡායාරූප නරඹා 1998 ජනවාරි මස 25 වන දා දළදා මාලිගාවට කොටි සංවිධානය එල්ල කළ ප්‍රහාරයෙන් සිදු වූ හානිය ද දැක බලා ගත් බව කී විට මේ සිද්ධියේ ඇති වැදගත්කම අවබෝධ වනු ඇත.

දැනට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට පිවිසී සිටිය ද පිල්ලෙයාන් යනු මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පහරදුන් දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය නමැති ම්ලේච්ඡ ත්‍රස්තවාදී කණ්ඩායමේ හිටපු ප්‍රබල නායකයෙකි. ඔහු පිළිබඳ ව දකුණේ ජනතාව දැනගත්තේ කරුණා අම්මාන් ගේ නායකත්වයෙන් යුත් දෙමළ මහජන විමුක්ති කොටි සංවිධානය (ටී.එම්.වී.පී) පිහිටුවීමෙන් පසුව ය. එහි සන්නද්ධ නායකයා හා නියෝජ්‍ය නායකයා ලෙස ඔහු ව හැඳින්විණ. 1975 අගෝස්තු මස 18 වන දා මඩකළපුව දිස්ත්‍රික්කයේ පේතාලේ නමැති ගමෙහි උපත ලද ඔහු වාලච්චේන හින්දු ෂද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටියදී 1990 වසරේ කොටි සංවිධානයට බැඳුණු බව පැවැසේ. සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා පිල්ලෙයාන් බවට පත් වූයේ කොටි සංවිධානයට බැඳීම නිසා ය.

පසුගිය 10 වන දා පැවැති නැඟෙනහිර පළාත් සභා මැතිවරණයේ දී මඩකළපුව දිස්ත්‍රික්කයෙන් තරග කළ ඔහු මනාප 41936 ක් ලබා ගත්තේ ය. එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයගත් එම මැතිවරණය දූෂිත යැයි ප්‍රකාශ කළ විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා, පිල්ලෙයාන් මහතා මහ ඇමැති වශයෙන් දිවුරුම් දෙන දින මරදානේ දී උද්ඝෝෂණයක නිරත විය. එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ම තරග කැර නැඟෙනහිර මහ ඇමැති තනතුර අපේක්‍ෂා කළ ඒ.එච්.එම්. හිස්බුල්ලා මහතා ගේ සහයෝගය ද පිල්ලෙයාන් මහතාට නො ලැබිණ.

මෙ බඳු පසුබිමක් යටතේ, සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් මහතාට මල්වතු හා අස්ගිරි මහ නා හිමිවරුන් බැහැදැකීමට අවස්ථාව ලබා දීම හා ආශීර්වාද කිරීම සුවිශේෂී සිද්ධියක් නො වන්නේ ද? මහ නා හිමිවරුන් ගේ මේ මහඟු ආදර්ශයෙන් පැහැදිලි කැරෙනුයේ දැඩි සේ අහිංසාවාදයට කැප වූ බුදුසමය කිසි දිනෙක ප්‍රචණ්ඩත්වයට දායක නො වන බව නො වේ ද?

බුදු දහමට එරෙහි ව පැතිර පවත්නා දුර්මත දුරැලීමට මෙන් ම අප ගේ සමාජය යහපත් කිරීමට ද ඇත්තේ මහ නාහිමියන් වහන්සේ දෙනම පෙන්වා දුන් මේ මඟ පමණක් යැයි සිතමු.

වෙසක් අව
අටවක පෝය

   මැයි 27 වනදා අඟහරුවාදා අපර භාග 8.25 ට ලබයි.
28 වනදා බදාදා අපරභාග 3.17 ට ලබයි.
සිල් සමාදන්වීම මැයි 28 වනදා බදාදාය.

මීළඟ පෝය ජුනි 03 වනදා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 28

New Moonඅමාවක

ජූනි 03

First Quarterපුර අටවක

ජූනි 10

Full Moonපසෙලාස්වක

ජූනි 18

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]