UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

කඳුබොඩ අභිනව ධර්ම මන්දිරයට මුල්ගල තැබීම පෝදා

කඳුබොඩ විපස්සනා ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනව ධර්ම ශාලා මන්දිරය සඳහා මුල්ගල තැබීම මෙම 25 වන දා පෙරවරුවේ දී සිදු කැරේ. මධ්‍යස්ථානාධිපති ශ්‍රී ලංකා ස්වේපින් නිකායේ මහානායක ඉඟුරුවත්තේ පියනන්ද මහ නාහිමියන්ගේ අනුශාසනා පරිදි එම ධර්ම ශාලා මන්දරය ඉදිකැරේ.

ඉතිරිය»

ඓතිහාසික වැලිගම අග්‍රබෝධීන් වහන්සේට රන් වැට පූජා කිරීම හා මහාචාර්ය මිදිගම සෝරත හිමියන් වෙත ශ්‍රී සන්නස් පත්‍ර මහෝත්සවය

වැලිගම අග්‍රබෝධි රාජයාණන් වහන්සේගේ රන්වැට නිරාවරණෝත්සවය සහ විහාරාධිපති මහාචාර්ය මිදිගම සෝරත නාහිමියන් වෙත දක්‍ෂිණ ලංකාවේ සමථ බල සම්පන්න ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිළිබඳ මහෝත්සවය සියම් මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක නියංගොඩ ධර්ම කීර්ති ශ්‍රී විජිතසිරි අනුනාහිමියන් ඇතුළු මහ සඟරුවනෙහි සහ ශ්‍රී ලංකා ප‍්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා, වරාය ගුවන් සේවා සහ වාරිමාර්ග ජල කළමණාකරණ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඇතුළු සම්භාවනීය මැති ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් මෙම මස 14 වැනිදා පස්වරු 3 ට වැලිගම අග්‍රබෝධි රජමහා විහාරයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වේ. මෙම මස 13 වැනිදා පස්වරු 3 ට මල්වතු මහා විහාරයේදී ශ්‍රී සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවය පැවැත්වේ.

ඉතිරිය»

ධර්ම දේශනාව:

සුදුසු ඇසුර සොයමු නිතර

නමෝ තස්ස භගවතො අරහතො
සම්මා සම්බුද්ධස්ස
පූති මච්ඡං කුසග්ගේන
යෝ නරෝ උපනය්හති
කුසාපි පූති වායන්ති
ඒවං බාලූප සේවනා

යම් මිනිසෙක් කුස කණ ගසේ අගින් වුවද කුණු මස් වෙලා ගනීද බැඳ ගනීද , ඔසවාගනීද ඒ හේතුවෙන් කුස තණ ගස ද දුගඳ හමන තත්ත්වයට පත්වනවා. බාලයන්ගේ ඇසුරට යොමු වීමත් එබඳුම යැයි අපේ බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළ වදාළා , මිනිසාගේ සම්පූර්ණ පරිහානිය සිදුවන්නේ බාලයන්ගේ ඇසුරට යොමු වීම නිසයි. බාලයන්ගේ ඇසුර හැම අයුරින්ම පිළිකුල් එකක් බව බුදුහාමුදුරුවො අපට පෙන්වා දෙනවා. මෙහි ‘බාලයා’ යන වචනයෙන් අදහස් වන්නේ වයසින් බාල අය නොව ගුණ දහමින් පෝෂණය නොවූ අයයි. මහා කාරුණික භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මිනිස් වර්ගයාගේ යහපත පිණිස සැප පිණිස දියුණුව පිණිස දහම් දෙසූහ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දෙසා වදාළ හැම වචනයක්ම ලෝක සත්ත්වයාගේ යහපත පිණිසම විය. එසේ දේශනා කළ වදාළ දහම් ගාථාවකි අද අපි තෝරාගන්නට යෙදුනේ.

ඉතිරිය»

වස් විසීම සහ කඨින චීවර පූජාව

සාකේත නුවර වස් සමාදන් වී මහා පවාරණයෙන් පවාරණය කොට බුදුරජාණන් වහන්සේ දැකීම පිණිස සැවැත් නුවර දෙව්රම් වෙහෙරට පැමිණි තිස් නමක් භික්ෂූන් වහන්සේ අතරමගදී වැස්සට තෙමීමෙන් තෙත් වූ සිවුරු ඇතිව ක්ලාන්ත වී බුදුරජාණන් වහන්සේ වෙත පැමිණියාහුය. අතරමගදී භික්‍ෂූන් වහන්සේට සිදු වූ කරදරය ගැන සිතා උන්වහන්සේ තරමක පහසුවක් ඇතිකර දීම පිණිස “අනුජානාමි භික්ඛවේ වස්සං වුත්ථානං භික්ඛුනං කඨිනං අත්ථරිතුං “ යනුවෙන් මහණෙනි, වස් වැස නිම වූ භික්ෂූන්ට කඨිනයක් ඇතිකිරීමට අනුදනිමි”යි වදාළහ. එතැන් පටන් භික්ෂූන් වහන්සේට කඨින සිවුර පරිභෝග කිරීමට අවස්ථාව ලැබිණ.

ඉතිරිය»

පොළොන්නරුව වටදාගේ බුද්ධ ප්‍රතිමා වහන්සේ  ඡායාරූපයෙන් දැක්වේ. විශිෂ්ට නිර්මාණයක් වන ඓතිහාසික පොළොන්නරුව වටදාගෙය ඉදි කරන ලද්දේ, නිශ්ශංකමල්ල රාජ්‍ය සමයේ ය.
ඡායාරූපය – ගාමිණී සුසන්ත

බිනර
 අමාවක

 

බිනර අමාවක පෝය
ඔක්තෝබර් 10 වන දා බදාදා පූර්වභාග 08.19 ට ලබයි.11 වන දා බ්‍රහස්පතින්දා
පූර්ව භාග 10.32 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 10 වනදා බදාදා ය.
 

මී ළඟ පෝය ඔක්තෝබර්
19 වනදා සිකුරාදා


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ඔක්තෝබර් 10

First Quarterපුර අටවක

ඔක්තෝබර් 19

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 25

Second Quarterඅව අටවක

නොවැම්බර් 01
ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]