UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

 “මවුපිය උපහාර සෑය” විවෘත කැරුණු ගම්පහ පල්ලියගොඩැල්ලේ ශ්‍රී සුමංගලාරාමය


සුමංගලාරාමාධිපතිව වැඩ විසූ රාගල්කන්දේ
ශ්‍රී නන්දසාර නා හිමි


සුමංගලාරාමාධිපති
පාර්ලිමේන්තු මන්තී‍්‍ර
අලව්වේ නන්දාලෝක හිමි


කොත් වහන්සේ පැළඳ වූ අවස්ථාව

ගම්පහ පල්ලිය ගොඩැල්ල විහාරස්ථානයේ නව චෛත්‍යරාජයාණන් වහන්සේගේ කොත් පැළඳවීම ඉකුත් 27 වැනි දා සිදු කැරිණි.

සියනෑ කෝරළයේ මැදපත්තුවේ මැද වතුගොඩ පල්ලියගොඩැල්ල නම් මනරම් භූමියක පිහිටා ඇති පල්ලියගොඩැල්ල පුරාණ විහාරය ආගමික සහ සාමාජිය වශයෙන් විශාල මෙහෙයක් සිදුකරන සිද්ධස්ථානයකි.

අත්තනගලු ඔය මිටියාවතේ සුන්දර වෙල්යායකින් වටවූ එම විහාරස්ථානය මාතර වෙහැල්ල සංඝ පරම්පරාවට අයත්ය. 1820 දී මාතර රාහුල හිමියන් විසින් ආරම්භ කරන ලද එම විහාරස්ථානයේ වත්මන් දායකත්වය දරන්නේ තිත්තලපිටිගොඩ, බෝගමුව, මැදවතුගොඩ සහ මහිපාලගොඩ යන සතර පේරුවයි.

කැලණිය විහාරයට අයත් කුඹුරක අස්වැන්න බෙදීමට මාතර රාහුල හිමියෝ මෙම ප්‍රදේශයට පැමිණියහ. වී බෙදන අතර තුර ගිමන් හැරීම සඳහා උන්වහන්සේ මෙම භූමියේ තිබූ මඩුවකට ගියහ. මෙම ස්ථානය විහාරයක් ඉදිකිරීමට සුදුසු බව සිතා උන්වහන්සේ එය ඉටු කළහ.

ලන්දේසීන් මෙම භූමියේ පල්ලියක් ඉදිකර තිබූ බවත් එය ගොඩකර මෙම විහාරය ඉදිකර ඇති නිසා පල්ලියගොඩැල්ල වූ බවත් ප්‍රසිද්ධය. පල්ලියගොඩැල්ල නමින් ගමක් නොමැති නිසා මෙම කුඩා භූමියට පමණක් මෙම නම ව්‍යවහාරවීමෙන් එය තවත් තහවුරු වේ. මාතර රාහුල හිමියන් විහාරයේ ඉදිරි දියුණුව සඳහා අලුත්ගම සුමංගල හිමි නමින් පැවිදි ශිෂ්‍යයකු බිහිකළද මාතරට වැඩම වූ උන්වහන්සේ යළි ආපසු පැමිණි බවක් සඳහන් නොවේ.

අලුත්ගම සුමංගල හිමියන්ගෙන් පසු බැන්ඩියමුල්ලේ ධම්මරතන, බැන්ඩියමුල්ලේ ධම්මානන්ද සහ කිරිකිත්තමුල්ලේ සුමනතිස්ස හිමිවරු කලින් කල විහාරාධිපතිත්වය ඉසිලූහ. 1934 විහාරාධිපතිත්වයට පත් රාගල්කන්දේ නන්දසාර නාහිමියෝ විහාරයේ නව ආගමික ප්‍රබෝධයක් ඇති කළහ.


ශ්‍රී සුමංගලාරාමයේ සෑ රදුන්ගේ කොත් වහන්සේ නිරාවරණය කිරීමට විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා ඇතුළු අමුත්තන් කැඳවාගෙන ආ අයුරු. ආගමික කටයුතු අමාත්‍ය පණ්ඩු බණ්ඩාරනායක බස්නාහිර පළාත් සභාවේ උපසභාපති සුනිල් විජේරත්න, යන මහත්වරුද සේයාරුවේ වෙති.


සෑ රදුන් වහන්සේ

නව විහාර මන්දිරය ඝන්ඨාර කුළුන, දෙමහල් සංඝාවාසය සහ බෝධි ප්‍රාකාරය ආදී විහාර අංග රැසක වැඩ ආරම්භ කෙරිණි. මෙම කටයුතු සඳහා උන්වහන්සේට සතර පේරුවේ නොමසුරු දායකත්වය ද ලැබී ඇත. එම ආගමික මෙහෙවරට උපහාරය වශයෙන් මල්වතු පාර්ශවයේ සංඝ සභාව මීගමු පළාත සහිත සිනාදී සිව් කෝරළේ ප්‍රධාන සංඝනායක පදවිය උන්වහන්සේට පිරිනැමීය. නන්දසාර නා හිමියන් අපවත්වීමෙන් පසු උන්වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය අලව්වේ නන්දාලෝක හිමියෝ විහාරාධිපතිත්වයට පත්වූහ. සිය ගුරු හිමියන් නැවතූ තැනින් නව මුහුණුවරකින් වැඩ ඇරඹූ නන්දාලෝක හිමියෝ විහාරයේ දියුණුව උදෙසා තව තවත් කැපවූහ. බුද්ධ මන්දිරයේ සහ සංඝාවාසයේ වැඩ අවසන් කිරීමට උන්වහන්සේට හැකිය. විහාරයට අඩුවක්ව තිබූ දහම් පාසල් ගොඩනැඟිල්ල, නව ධර්ම ශාලාවක් සහ දාන ශාලාවක් ඇතුළු විහාර අංග රාශියක් ඉදිකිරීමට මූලිකත්වය ගෙන ක්‍රියා කළහ. අලුත්ගම බෝගමුවේ හිටපු රෙජිස්ට්‍රාර් එස්. ගුණරත්න මහතා සහ එම මැතිනිය ඒ සඳහා පූර්ණ ධන පරිත්‍යාගය කළහ.

ගමෙන් පන්සලට වෙනුවට පන්සලෙන් ගමට යන තේමාව අරමුණු කරගත් නන්දාලෝක හිමියෝ තම අසරණ දායකයන්ට නිවෙස් තනා දීමට ක්‍රියා කළහ. අහිංසක රෝගීන්ට උපස්ථාන කිරීම උන්වහන්සේගේ උසස් ගුණයකි. ශ්‍රී ධම්මානන්ද දහම් පාසලින් ප්‍රාදේශයේ දරුදැරියන්ට විශාල සේවයක් සිදුවේ. විහාරයේ පැරණි කුඩා චෛත්‍යය වෙනුවට නව චෛත්‍යයක් ඉදිකිරීම සඳහා උන්වහන්සේ නායකත්වය ගත්හ. ඒ සඳහා බුලත්ගම්ගොඩ පෙ‍්‍ර්මලාල් සරත් කුමාර සහ හේමලතා සමරකෝන් මහත්මිය ඉඩමක්ද පූජා කළහ.

ජපානයේ කුමගසා නගරයේ පදිංචි සුමිත් චානක ගෝමස් මහතාගේ සහ එස්ටිකෝ ගෝමස් මහත්මියගේ පූර්ණ ධන පරිත්‍යාගයෙන් නිම වූ මෙම චෛත්‍යයේ කොත්පැළඳවීම 27 වැනි දින පෙරුවරු 09.09 ට සිදු කැරිනි. සර්වඥ ධාතු නිධන් කිරීම නුගවෙල රජමහ විහාරාධිපති සරණ සේවා පදනමේ සභාපති පින්නගොඩකන්දේ විපස්සී හිමියන් අතින් සිදු කැරිනි. එදින පෙරවරුවේ දී සුභ මොහොතින් අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා කොත් වහන්සේ නිරාවරණය කළහ.

එම අවස්ථාවට සහභාගි වූ අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහානායක උඩුගම ශ්‍රී ධම්මදස්සී රතනපාල බුද්ධ රක්ඛිත මහ නාහිමි, මල්වතු මහා විහාරපාර්ශවයේ අනුනායක නියංගොඩ විජිත සිරි අනුනාහිමි, කැලණි සරසවියේ කුලපති පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේණාධිපති වැලමිටියාවේ කුසලධම්ම නාහිමි, පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද නා හිමි, මහනුවර දිසා මන්තී‍්‍ර උඩවත්තේ නන්ද හිමියන් සහ අලව්වේ නන්දාලෝක හිමියෝද අනුශාසනා පැවැත්වූහ. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එම අවස්ථාවට සුභාශිංසන පණිවිඩයක් එවා තිබුණි. අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා සහ චෛත්‍යය ඉදිකිරීමට දායක වූ සුමිත් චානක ගෝමස් මහතා එම දහම් හමුව ඇමතූහ.

බිනර
 අමාවක

 

බිනර අමාවක පෝය
ඔක්තෝබර් 10 වන දා බදාදා පූර්වභාග 08.19 ට ලබයි.11 වන දා බ්‍රහස්පතින්දා
පූර්ව භාග 10.32 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 10 වනදා බදාදා ය.
 

මී ළඟ පෝය ඔක්තෝබර්
19 වනදා සිකුරාදා


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ඔක්තෝබර් 10

First Quarterපුර අටවක

ඔක්තෝබර් 19

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 25

Second Quarterඅව අටවක

නොවැම්බර් 01

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]