ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ ඇසළ පුර අටවක පෝදා 2025 ජූලි 02 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
ඒ ඒ කෙලෙසුන් ඒ ඒ තැන ම ප්‍රහාණය කරන තැනකට සිත, සිහිය පුරුදු කර ගැනීමේ හැකියාව නම් වූ කෝසල්ල බව (කුසල ශක්තිය) නොහැකියාව නිසා මේ විඥාණයේ ගැඹුර ස්පර්ශ වී ඒ අනුසය ධර්මයන් හා සමගින් බලවත් වී අතෙහි, හිසෙහි, උරෙහි තිබෙන දෙයක් බිමින් තබනවා සේ දුෂ්‍ය වූ සිතකින් කළුරිය කිරීමෙන්, එනම් විඤ්ඤානය බැහැර කිරීමෙන් නිරයේ උපතක් ලබන්න පුළුවනි. කල්ප ගණනාවක් යනතෙක් ගැලවීමක් නම් ඇති නොවන්න පුළුවනි. මෙම ලිපියේ මුල් කොටස පොසොන් අමාවක (25) පෝදා අන්තර්ජාල කලාපයේ පළවිය. දස පාරමී ලෙස - දාන, සීල, නෙක්ඛම්ම, ප්‍රඥා, වීර්ය, ශාන්ති, සත්‍ය, අධිෂ්ඨාන, මෛත්‍රී, උපේක්ෂා සමතිංසත් පාරමී ලෙසින්, දස පාරමී, දස උප පාරමී, දස පරමත්ථ පාරමී වශයෙන් මේ දානාදී පාරමී මොන තරම් සියුම් ලෙස විග්‍රහ කොට පෙන්වා මේවා සම්පූර්ණ කළා ද යන්න පැහැදිලියි. පින්වතුනි, පූර්ව අවස්ථාවෙන්, මුල් අවස්ථාවේ දී ම විඤ්ඤාණයේ දැනුම කියන තැන මොළයෙන් දැනුම අරගෙන සංඥාවන් ඔස්සේ පවත්නාවිට ම හේතුඵල දහමට යටත් කොට, සංඛත ස්වභාවය, අනිච්ච ස්වභාවය, පටිච්ච සමුප්පන්න ස්වභාවයට හිත පුරුදු කරන්න. එය විඤ්ඤාණයේ ගැඹුර ස්පර්ශ වන විට කුසල පක්ෂයේ ම පවත්වා ගන්න පුළුවනි නම්, කාමරාග අනුසයේ පටන් අනුසය ධර්මයන්ට, රැඳෙන්න උපකාරයක් නැති වී යන්නේ ය. අකුසල පක්ෂය කියන අවස්ථාව ගත්තොත් චිත්තයේ පූර්ව අවස්ථාවෙන් ම පනවාගත් පරිදි පි‍්‍රය නම් ඇලීමත්, අකැමැති නම් ගැටීමත් සිදුවේ. ඒ මෝහය නිසයි, අවිද්‍යාව නිසයි. දැන් මේ අනවබෝධය චිත්තයේ ගැඹුරු අවස්ථාවට, භවාංග අවස්ථාවට ස්පර්ශ වෙයි. එහිදී අකුසලය තවදුරටත් කාමරාග අනුසයේ පටන් බලවත් ලෙස පවතින මේ ආශ්‍රවයන්ට උපකාරී වෙයි. ඒවා මතුවෙන්නට පටන් ගනියි. ඒවා මතුවෙන අවස්ථාවේදීවත් අපට මෙහි ඇති බැරෑරුම්කම, බියකරු බව අවබෝධ කර ගත නොහැකි වුණොත් පරිවුට්ඨාන අවස්ථාවේ දී ඒවා වීතික්කම ලෙසින් ක්‍රියාත්මක වන්නට පටන් ගනියි. ආස්‍රැතවත් පෘථග්ජන භික්ෂු ජීවිත පවා පරිහානියට පත්වෙයි. අස්‍රැතවත් පෘථග්ජන ස්වභාවයේ මනුෂ්‍ය ස්වභාවය නැතිවී යන්න පුළුවනි. තදින් ඇලීම, ගැටීම, මුලාව නිසා ප්‍රාණඝාත, සොරකම්, කාමමිථ්‍යාචාර, බොරු කීම, මත් වතුර, මත් ද්‍රව්‍ය වශයෙන් බැහැරවගිහි පින්වතුන්, භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ පඤ්චශීලය රකින්න. රක්ෂණය නැති වන්නේ පඤ්චශීලයෙන් ඉවත්වීම ආදී දුසිල්වත් ස්වභාවය මතුකොට සිද්ධ වීමෙනුයි.
ජුලි 02 බදාදා අ.භා 12.03 පුර අටවක ලබා 03 බ්‍රහස්පතින්දා අ.භා. 02.10න් ගෙවේ. 02 බදාදා සිල්
පුර අටවක
ජුලි 02
පසළොස්වක
ජුලි 10
අව අටවක
ජුලි 18
අමාවක
ජුලි 24
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]