ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ ඇසළ පුර අටවක පෝදා 2025 ජූලි 02 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
ශාසනය පිරිහී ගිය යුගයකින් අනතුරුව වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජයන් වහන්සේගේ යුගයේ ආයෙමත් උපසම්පදා වූ සඟ පරපුරක් ලබන්නට තරම් අප වාසනාවන්ත වුණා. එසේ අප පසු කොට පැමිණි ඇතැම් යුගවල දී භික්ෂූන් වහන්සේට පෙර කී මූලික ශාසනික ප්‍රතිපදාවෙන් බැහැර ව ජනතා අරගලවලට නායකත්වය දෙන්නට පවා සිදු වුණා. මින් වසර 2523කට පෙර වෙසක් පුන් පොහොය දිනයක දී අපගේ මහ බෝසතාණන් වහන්සේ නේරංජනා ගං තෙර ඇසතු බෝ රුක් සෙවණේ දී දස මරසෙන් පරදා සියලු කෙලෙසුන් නසා උතුම් සම්මා සම්බුදුබවට පත් වී වදාළා. සම්බුදු බවට පත් වූ උන්වහන්සේගේ සිතේ මෙවන් අදහසක් ඇති වුණා. “ලෝකයා ආශාවන්ට ම ඇලිලා, ආශාවන්ගෙන් ම සතුටු වෙවී, එහි ම බැසගෙනයි වාසය කරන්නේ. ඉතින් මා අවබෝධ කළ ධර්මය නො ඇල්ම ගැන ඉගැන්වෙන එකක්. උඩුගම් බලා යන එකක්. ගැඹුරු එකක්. කීමට දුෂ්කර එකක්. ඉතා සියුම් එකක්. අවිද්‍යා අන්ධකාරයෙන් වැසුණු, රාගයෙන් ඇලුණු මේ සත්වයෝ මේ ධර්මය කෙසේ නම් අවබෝධ කරන්න ද?” තථාගතයන් වහන්සේට මුලින් ම ඇති වුණේ මෙවැනි අදහසක් නිසා තථාගතයන් වහන්සේගේ සිත ධර්ම දේශනාවට නැමුණේ නෑ. ඒ වෙලාවේ සහම්පති බ්‍රහ්මරාජයා බුදුරජාණන් වහන්සේගේ සිත තුළ උපන් මේ සිතිවිල්ල දැක්කා. ක්ෂණික ව බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පහළ වෙලා උන්වහන්සේට මෙසේ ආරාධනා කළා. “ස්වාමීනි, මේ ලෝකයේ කෙලෙස් අඩු සත්වයින් ඉන්නවා. ධර්මය අසන්නට නො ලැබුණොත් ඒ අය පිරිහී යාවි. ධර්මය අසන්නට ලැබුණොත් අවබෝධ කරන අය පහළ වේවි.” ඔබට මෙතැන දි සිතේවි සර්වඥ වූ තථාගතයන් වහන්සේට මේ කරුණ මුලින් නො පෙනුණේ ඇයි ද?, එහෙනම් මහා බ්‍රහ්මයා ද වඩාත් හොඳින් ලෝකය දකින්නේ කියලා. එහෙම වෙන්නෙ ධර්මතාවක් නිසා. ඒ තමයි බෝසතාණන් වහන්සේ නමක් මනුලොව උපදින්නෙත්, දහම් දෙසන්නෙත්, පිරිනිවන් පාන්නෙත් ආරාධනාවකින් ම වන නිසා.......” ඉතින් ඒ ආරාධනාවෙන් පස්සෙ භාග්‍යවතුන් වහන්සේ මහා කරුණා නෙතින් ලෝකය දෙස බලද්දී මේ ලෝකය දුටුවේ නෙළුම් පොකුණක් විදියට. සත්වයන්ගේ කෙලෙස් අඩු වැඩි බව, ශ්‍රද්ධාදී ඉන්ද්‍රියන්ගේ අඩු වැඩි බව උන්වහන්සේට මනා කොට අවබෝධ වුණා. ඒ අවස්ථාවේ භාග්‍යවතුන් වහන්සේ මේ විදියට සහම්පති බ්‍රහ්මයාට පිළිතුරු දුන්නා. “නැණැති දනන් හට ඒ අමා නිවන් දොර ඔන්න මං විවෘත කළා. සදහම් අසනු කැමැත්තෝ ශ්‍රද්ධාවට පැමිණෙත්වා... පින්වත් බ්‍රහ්මය, මා මේ නො ඇල්ම පිණිස වූ ධර්මය, මිනිසුන්ට එකවර ප්‍රකාශ නො කළේ එය වෙහෙසක් පමණක් වේ ය යන අදහස නිසයි.”
ජුලි 02 බදාදා අ.භා 12.03 පුර අටවක ලබා 03 බ්‍රහස්පතින්දා අ.භා. 02.10න් ගෙවේ. 02 බදාදා සිල්
පුර අටවක
ජුලි 02
පසළොස්වක
ජුලි 10
අව අටවක
ජුලි 18
අමාවක
ජුලි 24
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]