[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

දීපය ම එකලු කළ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ

ෂඩ් අභිඥාලාභී චතුපටිසම්භිදාලාභී අපගේ මිහිඳු මහරහතන් වහන්සේ ගැන නො දන්නා ලාංකිකයෙක් නැතැයි සිතමි. උන්වහන්සේ හෙළ ඉතිහාසයේ ස්වර්ණ ස්ථම්භය යි. තථාගත ගෞතම ශ්‍රී ශාක්‍ය මුනී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඖරසපුත්‍රයන් වහන්සේ ය. සිංහල බෞද්ධයාගේ අනුබුදුරජාණන් වහන්සේ ය. අප ශාස්තෘන් වහන්සේගේ සුවාසු දහසක් වූ ධර්මස්කන්ධය. අඩුවක් නො කොට වැඩියක් නො කොට, තමන් කැමැති ලෙස වෙනස් නො කොට තථාගත වචනයෙන් ම අපට දායාද කළේ අපගේ මිහිඳු මහ රහතන් වහන්සේ ය. ධර්මාශෝක රජුන්ගේ පුත්‍රයා වූ ශාක්‍ය වංශයේ ම කුමරෙක් අපට ධර්ම දායාදය දුන් බව අසිරියක් ම නොවේද? ශාක්‍ය වංශයේ චින්තාමාණික්‍ය වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගෙන් පසුව තවත් රාජප්‍රාප්තිය පිණිස උපන් කුමාරයෙක් සිංහලයා වෙනුවෙන් අරහත් ධජය දැරූ අසිරිය සිතාගන්නට බැරිය. මුළුමහත් දඹදිවක් හිමි ඔටුන්න හිමි කුමාරයෙක් පැවිදි බවට පත්වීම ගැන මුළුමහත් දඹදිව ම පුදුමයට පත්කරන්නට ඇති බව සැක නැත. තුන්ලෝකයට නැඟුණු මහා ප්‍රදීපය වූ දසබලධාරීන් වහන්සේ නමැති දිනකරයාණන් වහන්සේ පිරිනිවන් පෑ සේක. වසර 236කට පසුව මහත්වූ අසිරියක් මුළුමහත් සක්වල පුරා පැතිර ගියේ ය. දෙවියෝ ද, බඹුන් ද, සාධුකාර දෙන්නට විය. බුද්ධ ශාසනයේ අසිරිමත් දහම් පණිවිඩය ගෙන නිකෙලෙස් හදමඬලක් ඇති ඒ මිහිඳු මහරහතන් වහන්සේ මිහින්තලා ගල මතට වැඩිය සේක. ගස් ගල් වඳිමින්, මිසදිටු දෙවියන්, යක්ෂයින් අදහමින් සිටි සිංහල ජනයාගේ රජු වූ දේවානම්පියතිස්ස මහා පින් ඇති නිරිඳුන් ඒ පොසොන් පෝ දිනයේ දඩයමේ යමින් සිටියේ ය. අවිහිංසාවාදයේ ප්‍රතිමූර්තිය වූ තථාගතයන් වහන්සේගේ දහම් හසුණ අසන්නට ලැබුණි. රජු කඳුළු පෙරමින් ස්වකීය මිතුරු මහා අධිරාජයාගේ පුත්‍රයන් වහන්සේගේ පාමුල වැටිණි. සාධුකාර හඬ මුළුමහත් අනුරාපුරය පුරා රැව් නැඟිණි.


වෙසක් අමාවක

ජුනි 05 බදාදා අ.භා. 07.59 අමාවක ලබා 06 බ්‍රහස්පතින්දා අ.භා. 06.13 ගෙවේ.
 06 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජුනි 06

First Quarterපුර අටවක

ජුනි 14

Full Moonපසළොස්වක

ජුනි 21

Second Quarterඅව අටවක

ජුනි 28

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]