[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අවිස්සාවේල්ල නාපාවෙල විහාරස්ථානයේ සෑ රදුන් වහන්සේ ඡායාරූපය - නිශ්ශංක විජේරත්න

මැදින් අමාවක

අප්‍රේල් 08 සඳුදා පූ.භා. 03.23 අමාවක ලබා එදිනම අ.භා. 11.53 ගෙවේ.
08 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අප්‍රේල්  08

First Quarterපුර අටවක

අප්‍රේල්  15

Full Moonපසළොස්වක

අප්‍රේල්  23

Second Quarterඅව අටවක

මැයි 01

 

 

 

 

 

 

 

 

 

 

අලුත් අවුරුද්දේ හරය දැන අවුරුදු සමරමු

වසරක් ගෙවී වසරක් ලබන නිමේෂය අලුත් අවුරුද්ද සේ අපි ප්‍රීතිමත් ව සමරමු. ස්වභාව ධර්මයේ ක්‍රියාකාරිත්වය මත හිරු රාශියෙන් රාශියට ගොස් අවසන් රාශිය වන මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමඟ අවුරුදු උදාව සේ සලකමු. එම අවුරුද්ද අලුත් අවුරුද්දක් සේ සලකන පෙරදිග වැසියෝ මහත් වූ ප්‍රීතියෙන් අවුරුද්ද සමරති. සිංහලයනට එය සිංහල අලුත් අවුරුද්ද වන අතර, හින්දූනට හින්දු අලුත් අවුරුද්දයි. ගමේ අයුරින් ආසියාතිකයෝ එය තම තමන්ගේ අවුරුද්ද කර ගනිති. ගමේ හිරු ගමන සමඟ ස්වභාව ධර්මය තුළ සිදුවන වෙනස අවුරුද්ද වශයෙන් වඩාත් සමීප වන්නේ ලාංකිකයන්ටයි. මන්ද මේ හිරු ගමනේ සංධිස්ථානය සිදුවන විට හිරු මුදුන් වන්නේ ශ්‍රී ලංකාවටයි. එමෙන් ම රාවන පුරා වෘත්තයට යන විට සිංහලයනට හිරු හා ඇති සම්බන්ධතාව වඩාත් තහවුරු වෙයි. කෘෂිකාර්මික ජීවන රටාවක ජීවත්වන ලාංකිකයනට හිරු විශේෂයෙන් බලපායි. සශ්‍රීකත්වය සඳහා හිරු සෘජු සාධකයකි. අවුරුද්ද මංගල්‍යයක් වන්නේ අපගේ දෛනික කටයුතු සුභ වූ මුහුර්තයන්ට අනුව සිදු කිරීමයි. ලිපගිනි මෙළවීම,ආහර පිසීම, ආහර අනුභවය, ගනුදෙනු කිරීම, හිස තෙල් ගෑම, ස්නානය මේ සියල්ල සුභ වූ වේලාවට කරති. සියලු කටයුතු, සියලු රටවැසියා එකවිට කරන විට ඒ තුළින් ගොඩ නැඟෙන එකමුතුකම, සංහිදියාව කොතෙක් ද යන්න වචනවලට පෙරලිය නොහැක. වැඩිහිටියන්ට වැඳීම් පිදීම් ගරු සත්කාර දැක්වීම, විනෝදාත්මක කෙළි සෙල්ලම් ආදියෙන් යුක්තව ගත කරති. ආගමානුකූලව ද මෙය අපට මංගල්‍යයක් කර ගත හැකි ය. නව අවුරුද්දක් යනු තිබුණ තත්ත්වයේ වෙනසයි. වෙනස් වීම යනු සාම්ප්‍රදායික බවින් මිදීමයි.ගමේ සාම්ප්‍රදායික බවින් මිදීමට වෙර දැරීම උසස් තත්ත්වයට පත්වීමට වෙර දරන්නන්ගේ පැතුමකි. වෙනස් වූවොත් උසස් වෙති. සිද්ධාර්ථ කුමරු සතර පෙර නිමිති දැක මා මහලු වෙයි. මාත් ලෙඩ වෙයි, මාත් මැරෙයි යැයි නොසීතී ය. ඔහු සිතන්නේ මෙම සාම්ප්‍රදායික තත්ත්වය වෙනස් කරන්නටයි. ඒ නිසා අපට බුදුවරයකු හමු වෙයි. එදා අර්හත්වයට පත් වූ හැම දෙනාමත් ඒ අයුරින් වෙනස් වූ අයයි. අවුරුද්ද මේ වෙනස ඇති කර ගන්නට ඉතා හොඳ අවස්ථාවයි.

සම්බුදු සසුනේ මඟ ඵල ලබන්නට නම් ...

බෞද්ධ පින්වන්තයකුගේ පරම බලාපොරොත්තුව බවට පත් වන්නේ ද, බෞද්ධ දර්ශනයේ මූලික අරමුණ වන්නේ ද උත්තම වූ නිර්වාණයයි. මේ සඳහා කළ යුතු ක්‍රියාදාමය බෞද්ධ දර්ශනයෙන් මූලිකව ම උගන්වයි. එසේ වන්නේ සංසාර දුක නැමැති වූ අඳුරෙන් මිදීමට ඇති එකම මඟ නිවන වන හෙයිනි. අප බහ තෝරන අවදියේ පටන් ධර්ම දේශනා ශ්‍රවණය කරනු ලබනවා. මේ පින්වත් හැම කෙනකුම උපන්දා සිට මේ වන තුරාම හා සසර පුරාවට ම කොතෙකුත් ධර්ම දේශනා ශ්‍රවණය කර ඇත. නමුත් බොහෝ දෙනකුට අවම මාර්ග ඵලයක්වත් අවබෝධ කර ගැනීමට නොහැකිවී ඇත්තේ කුමක් නිසාද? යන්න පිළිබඳ සොය බැලිය යුතු ය. ඒ පිළිබඳ හරවත් දේශනාවක් අංගුත්තර නිකායේ ඡක්ක නිපාතයේ සඳහන් වේ. එම සූත්‍ර දේශනාව නමින් “ආවරණ සූත්‍රය” වන අතර, මෙම දේශනාවෙන් තථාගත බුදුපියාණන් වහන්සේ දේශනා කොට ඇත්තේ කොපමණ දහම් ශ්‍රවණය කළත් නිවන අවබෝධ කර ගැනීමට නො හැකි වන්නේ කරුණු කිහිපයක් (කරුණු 6ක්) මුල් කොට ගෙන බවයි. එහෙයින් එම කරුණු මොනවා ද යන්න අප මදක් විමසා බැලීම තුළින් අපට ද අප සතු අඩුපාඩු හඳුනාගෙන එය සකස්කර ගැනීමට මනා පිටුවහලක් වනු ඇත. ඒ මන්ද යත්, “ඡාහි භික්ඛවේ ධම්මේහි සමන්නාගතෝ සුණන්තෝපි සද්ධම්මං අභබ්බෝ නියාමං ඔක්කමිතුං කුසලේසු ධම්මේසු සම්මන්තං කතමේහි ඡාහි:” මහණෙනි කරුණු හයකින් සමන්විත වූ තැනැත්තා සද්ධර්මය කොපමණ ඇසුවත් ධර්මය සත්‍යාවබෝධ වීමක් හෝ දහම් මඟට බැස ගැනීමක් හෝ හැකියාවක් නොමැත්තේ වෙයි. ඒ කරුණු සයකින් යුක්ත වන්නේ ය.

 

වැරැදි නොකිරීම වගේම වරදින් නැඟීසිටීමත් ශ්‍රේෂ්ඨයි

සිත, කය, වචනය යන තිදොරින් අප අතින් යහපත මෙන් ම අයහපත ද සිදු වෙනවා. භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයාට යහපත අයහපත සිදු වන ආකාරය වදාළේ තමන් වහන්සේ තුළින් ම ඇතිකර ගත් සම්බුද්ධ ඥානය තුළින්. උන්වහන්සේ පරිපූර්ණ වශයෙන් සසරේ ස්වභාවය අවබෝධ කර ගත්තා. සසරේ ගමන් කරද්දී තිදොරින් ම අප සියලු දෙනා අතින් බොහෝ සේ වැරැදි සිදු වී තිබෙනවා. එසේ සිදුවන වැරැදි නිවැරැදි කර ගෙන මේ ජීවිතයේ දී එයට මුහුණ දෙන්නේ භාග්‍යවතුන් වහන්සේ සරණ ගිය ආර්ය ශ්‍රාවකයා පමණයි. අනෙක් සියලුම දෙනාට ඉතිරි වන්නේ අතීතයේ දී තමා අතින් වැරැදි සිදුවුණා කියන පසුතැවීම පමණයි. මේ සසර ගමනේ ගමන් කරන අප කවුරුත් දුගති සුගති ලෝකවල මාරුවෙවී සසරට වැටුණු පිරිසක් ලෙස බොහෝ දුර ගමනක් යනවා. සියලුම දෙනා මහගෙදර කර ගෙන සිටින්නේ සතර අපාය යි. සසරට වැටුණු අපගේ ස්වභාවය වන්නේ වරදට නැමුණු බවයි. සසරේ පුරුදු ලෙස නැවත නැවත එකම වරද වෙන්න පුලුවන්. සසරේ දෝෂයක් නිසා හෝ අසත්පුරුෂ ඇසුර නිසා බොහෝම ගුණ යහපත්, අවංක, අහිංසකව ජීවත්වූ උදවියට සසර ගමන වරදිනවා. අසත්පුරුෂ ඇසුර නිසා බොහෝ විට බොහෝ දෙනාට තමන්ගේ සිතට එකඟව තමාට සිතීමට පවා අකැමැති දේ කරන්නට සිදු වෙන්න පුලුවන්. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය දේශනා කරන විට සිල්වතුන් පමණක් මුණ ගැසුණේ නැහැ. උන්වහන්සේ ධර්මය වදාළේ පරිපූර්ණ අයට නොවේ. පරිපූර්ණත්වය උදෙසායි ධර්මය වදාළේ. දිනක් භාග්‍යවතුන් වහන්සේ දම්සභා මණ්ඩපයේ දහම් දෙසද්දී ගැට කපන්නෝ දෙදෙනෙක් මණ්ඩපය අසලට ආවා. ඒ අය ආවේ දහම් අසන්නට හෝ ජීවිත අවබෝධය කරගත යුතුයි කියන අදහසින් නොවේ. සොරකමටයි දම්සභා මණ්ඩපයට ආවේ. එදා භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ගේ සිත දුටුවා.

 

කකචුපම සූත්‍රය ඇසුරෙනි:

වධ වේදනා දෙන අයටත් මෙත් වඩන්න යහපත් විසඳුමක් නොඅනුමානයි

භාග්‍යවතුන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වෙසෙන කල්හි ආයුෂ්මත් මොලියඵග්ගුණ තෙරණුවෝ වේලාව නොසලකා භික්ෂුණීන් හා එක්ව (කතාබහ කරමින්) කල් ගෙවති. යම් භික්ෂුවක් ආයුෂ්මත් මොලියඵග්ගුණ තෙරුන් ඉදිරියේ ඒ භික්ෂුණීන්ගේ අගුණ කියා නම්, එවිට ආයුෂ්මත් මොලියඵග්ගුණ තෙරණුවෝ කිපී කලහ කරති. එසේ ම යම්කිසි භික්ෂුවක් ඒ භික්ෂුණීන් ඉදිරියේ ආයුෂ්මත් මොලියඵග්ගුණ තෙරුන්ගේ අගුණ කීයේ නම්, ඒ භික්ෂුණීහු එසේ කී භික්ෂුවට විරුද්ධ ව නැඟී එති. එක්තරා භික්ෂු නමක් භාග්‍යවතුන් වහන්සේ වෙත අවුත්, සකසා වැඳ මෙ පුවත සැල කළේ ය. ඒ ඇසූ භාග්‍යවතුන් වහන්සේ එක් භික්ෂුවක් යවා මොලියඵග්ගුණ භික්ෂුව ගෙන්වා ගත් සේක. මොලියඵග්ගුණ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත අවුත් සකසා වැඳ එකත් පස්හි හුන්හ. එකත් පස්හි හුන් මොලියඵග්ගුණ තෙරුන් වේලාව ගැන නො සලකා භික්ෂුණීන් සමඟ එක්ව වෙසෙන බවටත්, යම්කිසි භික්ෂුවක් ඒ භික්ෂුණීන්ගේ අගුණ කියන විට මොලියඵග්ගුණ භික්ෂුව ඊට කිපී කලහ පවා කරන බවටත්, යම්කිසි භික්ෂුවක් ඒ භික්ෂුණීන් ඉදිරියේ මොලියඵග්ගුණ භික්ෂුවගේ අගුණ කීයේ නම් ඒ භික්ෂුණීන් කිපී ප්‍රතිචෝදනා නඟන බවටත්, ඇති තොරතුරු සැබෑ දැයි භාග්‍යවතුන් වහන්සේ විමසූ සේක. ‘එසේය ස්වාමීනි, මම සැදැහැ සිතින් පැවිදි වූවෙක්මි’ යි එග්ගුණ තෙරණුවෝ පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ:–එග්ගුණය, සැදැහැ සිතින් සසුන් වන්නේ නම්, වේලාව ගැන නොතකා භික්ෂුණීන් සමඟ එක්ව විසීම නුසුදුසු ය. ඒ භික්ෂුණීන්ගේ අගුණ කියන විට තමාගේ පස්කම් ගුණ ඇසුරින් පහළ වන්නා වූ තෘෂ්ණා සහගත වූ හෝ ද්වේශ සහගත වූ හෝ අදහස් දුරු කළ යුතු ය. එවන් අවස්ථාවක දී “මගේ සිත වෙනස් නො වේවා. මම ළාමක වචන නො කියන්නෙමි. මම හිතානුකම්පා ඇත්තකු වන්නෙමි. මෛත්‍රී සහගත වූ සිතැත්තෙමි. ද්වේශ සහගත සිත් නැත්තෙක් වන්නෙමි”යි හික්මිය යුතු ය.

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 
























 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]