[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

පිළියන්දල පුංචි කිරිවෙහෙර ත්‍රිපිටක මහ සෑරදුන් වහන්සේ (ඡායාරූපය -
නිශ්ශංක විජේරත්න)

උඳුවප් අමාවක

ජනවාරි 10 බදාදා අ.භා. 08.08 අමාවක ලබා 11 බ්‍රහස්පතින්දා අ.භා. 05.25 ගෙවේ.
11 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 11

First Quarterපුර අටවක

ජනවාරි 18

Full Moonපසළොස්වක

ජනවාරි 25

Second Quarterඅව අටවක

පෙබරවාරි 02

නව ළමා වාට්ටු සංකීර්ණයක්

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලය බැතිමතුන්ගෙන් ලැබෙන පඬුරු මුදල් සහ පරිත්‍යාගශීලීන්ගෙන් ලැබෙන ආධාර මත රුපියල් මිලියන එකසිය පනහක් පමණ වැයකර මහරගම අපේක්ෂා රෝහලේ ඉදිකෙරෙමින් පවතින සිව්මහල් ළමා වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් කඩිනම් කිරීමට පියවරගෙන ඇත. රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර මහතාගේ අදහසක් අනුව ශ්‍රීලංකා ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකෙරෙන මෙම ළමා වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් මෙම මාර්තු මාසය වන විට නිම කිරීමට නියමිත ය. එහි 2024 වර්ෂයේ නව ඉදිකිරීම් සුභ මොහොතින් ශ්‍රීලංකා ගුවන්හමුදා රණවිරුවන් විසින් ආරම්හ කරන ලදි.

සිත අපිරිසුදු කරන අරමුණු හඳුනා නොගතහොත්...

‘දුල්ලභො මනුස්සස්ස පටිලාභෝ’ යනුවෙන් බුදුපියාණන් වහන්සේ අපගේ මිනිස් උප්පත්තිය ඉතා වටිනා එකක් බව නොයෙක් විට දේශනා කළ සේක. “දුල්ලභංච මනුස්සානං’ යනුවෙන් ද දේශනා කළහ. මෙතරම් වටිනා මිනිස් ආත්මයක් උරුම කර ගෙන සිටින අප එම වටිනාකමට සරිලන සාධාරණයක් ඒ සඳහා ඉටු කළා ද? ඉටුකරමින් සිටින්නේ ද? ජිග්ගල හා මනුස්ස චුති සූත්‍රවලින් ද පෙන්වා ඇත්තේ මිනිස් උපතේ වටිනාකමයි. එසේ නම් ඒ සඳහා සාධාරණයක් නොකොට අප තිරිසන් සතුන් මෙන් මිය පරලොව ගියහොත් අපට උරුම වෙන්නේ සතර අපායයි. බුදුන් වහන්සේගේ දේශනාවලට අනුව මරණයෙන් පසුව බොහෝ සත්වයින් නැවත උප්පත්තිය ලබන්නේ සතර අපායේ ය. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වන විට අප සතර අපායේ උපත ලැබ සිටියහොත් ත්‍රිවිධ රත්නය අපට මුණ නොගැසේ. කල්ප ගණනාවකින් පහළවන ඒ මහා ප්‍රාඥයාණන් වහන්සේ ලොව පහළ වී ලොව ඒකාලෝක කර පිරිනිවන්පාන තෙක් අප සතර අපායෙන් මිදී නැතිනම් අපට උන්වහන්සේගේ පිහිට පිළිසරණ අපට ලබා ගත නොහැකි ය. නමුත් අද වන විට අප එහි නැත. බුදු බණ ශ්‍රවණය කළ හැකි තැනක අපි ඉපදී සිටින්නෙමු. ඒ අනුව ඔබ අපි පින්වත් පිරිසක් වන්නේ ම යි. තවත් කල්ප ගණනාවකින් අනතුරුව බුදුවරයකු පහළවන විට අප බුදුබණ අසන්න, බුදු බණ ගැන හිතන්න හැකි විදිහේ කයක් සිතක් නැති තැනක් වූ අරූපී බඹතලයක හෝ අසඥතලයක හෝ ඉපිද සිටියහොත් අපට බුදුහිමි රැකවරණය අහිමි වේ. අද අපට එවැනි උපතක් සිදුවී නැත. එනිසා අපි වාසනාවන්තයෝ වෙමු.

අවබෝධයට අනුව නම් ලද බෝධිය

සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙම බෝධිපාක්ෂික ධර්මයන් උපරිම අයුරින් තම සිත තුළ දියුණු කරගත් උතුමන් වහන්සේ ය. එම උත්තරීතර අවබෝධය සිදු වන්නේ යම් වෘක්ෂයක් මූලයේ ද එම වෘක්ෂය එතැන් පටන් බෝධි යනුවෙන් ව්‍යවහාරයට පැමිණේ, උඳුවප් පොහොය දිනයත් සමඟම ලංකාවාසී සියලු බෞද්ධයන්ගේ සිහියට නැඟෙන විශේෂ කරුණ නම් සංඝමිත්තා මහරහත් තෙරණින් වහන්සේගේ ලංකාගමනය හා ඒ සමඟ වැඩම වන ලද අනුරාධපුර මහමෙව්නා උයනේ රෝපිත ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ පිළිබඳ පුවත ය. අනුලා බිසව ප්‍රධාන ලංකාදීපවාසී කාන්තාවන්ට බුදු සසුනෙහි දායාදය ලැබුණේ උඳුවප් පොහොය දිනයෙහි බැවින් කාන්තාවන්ට එම දිනය විශේෂ වැදගත් දිනයක් වේ. එකල හෙළදිව රජ කළ දෙවනපෑතිස් රජතුමන්ගේ විශේෂ රාජ්‍ය අනුග්‍රහය නිසා ලක්දිව සෑම ප්‍රදේශයක ම ශීඝ්‍රයෙන් බුදුසසුන ව්‍යාප්ත විය. ඒ සඳහා දඹදිව ධර්මාශෝක අධිරාජයාගේ ද කාරුණික අනුග්‍රහය ලද නිසා සිව් දිසාවේ ම දහම බබළන්නට විය. දැනට අනුරාධපුර මහමෙව්නා උයනේ උඩමළුවේ රෝපණය කර ඇති ජය ශ්‍රී මහා බෝධින් වහන්සේට වසර 2330ක පමණ ලේඛනගත ඉතිහාසයක් ඇත. සත්‍ය වශයෙන්ම “බෝධි” ලෙස හඳුන්වන වෘක්ෂයක් නැත. බෝධි යන පාළි වචනයෙහි තේරුම් අවබෝධය යන්නයි. අපගේ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ “ඇසතු රුක්ෂයක් මුල වැඩ සිටිමින් සම්මා සම්බුදු බවට පැමිණ වදාළ බැවින් එතැන් සිට ඇසතු වෘක්ෂය බෝධි යන ගෞරවනීය නාමයෙන් හඳුන්වනු ලැබේ.

යහපත් ඇසුර සැපතකි

ජීවිතයක් සාර්ථක වීම උදෙසා ආශ්‍රය ඍජුවම බලපානු ඇත. අප විවිධ විෂම සමාජයක ජීවත් වන්නෙමු. එබැවින් පුද්ගල ඇසුර ඉතා වැදගත් වේ. එහිදී හොඳ, සත්පුරුෂ, කල්‍යාණ මිත්‍ර ඇසුරක් ජීවිතයක් යහපත් වීමට යොදා ගැනීම ඉතා වැදගත් වේ. එහිදී අපට බුදුහිමිගේ දේශනයන් ඉතා වැදගත් වේ. විවිධ සූත්‍රානුසාරයෙන් බුදුහිමි ඒ පිළිබඳ කියා දුන් කරුණු කාරණා දැන ඉගෙන ගෙන ඒවා අනුගමනය කිරීමට උනන්දු වන්නේ නම් කාගෙ කාගේත් ජීවිත සාර්ථක වනවාට කිසිදු සැකයක් නැත. ඇසුර පිළිබඳ කතා කිරීමේදී එහි දෙපැත්තක් තිබෙන බව බුදුරදුන් දේශනා කළහ. එනම් හොඳ ඇසුර හා නරක ඇසුර යන්නයි. එහිදී අප ඇසුරට පත් කර ගත යුත්තේ හොඳ ඇසුරයි. නරක ඇසුර නිරන්තරයෙන් ම ජීවිතයක විනාශය, අසාර්ථකත්වය, අවැඩ පිණිසම පවතින්නකි. නරක ඇසුර තමන්ටත්, අනුන්ටත්, මෙලොවටත් පරලොවටත් අයහපතක් ම සිදු කරනු ඇත. එබැවින් අප නරක අය හඳුනාගෙන ඔවුන්ගෙන් මිදී හොඳ ඇසුරක් ලබා ජීවිතය යහපත් කර ගැනීමට අධිෂ්ඨාන කර ගැනීම වැදගත් වේ. ඒ සම්බන්ධව බුදුහිමි දේශනා කළ කරුණු කාරණා ස්වල්පයක් විමසා බලා ඒ තුළින් ජීවිතය සාර්ථක කර ගැනීමට සිතට ගනිමු. හොඳ අය නම් සත් පුරුෂයින්, කල්‍යාණ මිත්‍රයින්, සිල්වත් ගුණවත් යනාදී පිරිස් ය. ඔවුන් පිළිබඳ හැදෑරීමේ දි අපට වැදගත් සූත්‍රයක් ලෙස බු:නි: ට අයත් මංගල සූත්‍රය ගැනීමට පුළුවන. එහි සඳහන් මංගල කරුණු 38ක් පවතින අතර එයින් “පණ්ඩිතා නඤ්ච සේවනා” (පණ්ඩිතයන් සේවනය කිරීම) යන මංගල කරුණ ඉතා වැදගත් වේ. එයට හේතුව වන්නේ පණ්ඩිතයන් නිරන්තරයෙන් හොඳ දේකට මඟ පෙන්වන බැවිනි. ඔවුන් බහුශ්‍රැත තැනැත්තෝය. සිල්වත් ගුණවත්කමින් අනූන ය. ඔවුන් ඇසුරු කරන්නන් හට සදා යහපතක් මිස අයහපතක් සිදු නොවේ. දී:නි: ට අයත් සිඟාලෝවාද සූත්‍රය දෙස විමසා බැලීමෙන් එහි කල්‍යාණ මිත්‍රයන් හතර දෙනෙක් පිළිබඳ දක්වා ඇත.

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]