[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

අනලස්බව සතුට ගෙන එයි

අනලස්බව සතුට ගෙන එයි

දෙලොව දියුණුව සාධනයෙහි ලා මුලින්ම මෙලොව අභිවෘද්ධියට පුද්ගලයා කාර්යශූර දක්ෂයකු විය යුතු ය. නිවන් මඟට ද, මෙලොව දියුණුවට ද දක්ෂ බව එකසේ වැදගත් වෙයි. නිවන් මඟ වඩනු කැමැති තැනැත්තාට ඒ සඳහා මඟ කියාදුන් කරණීය මෙත්ත සූත්‍රයේ සක්කෝ යනුවෙන් දක්වනුයේ දක්ෂ බවයි.

හිත ඇත්නම් පත කුඩා ද ගැමිවහරින් කියැවෙන්නේ උත්සාහය උනන්දුව ඇති අයකුට කළ නොහැකි කාර්යයක් නොමැති බවයි. පළමු පියවර ඔබේ ජීවිතයෙන් අරඹන්න. එවිට ඔබේ පවුල් සංස්ථාව දිනෙන් දිනම දියුණු වේ. ජය කණුව වෙත ම ධාවනය වෙයි. මනා කළමනාකරණය පුද්ගල ජීවිතයට ද, ඔබ පවුලට ද දියුණුව උදෙසා අත්‍යවශ්‍ය ය. නිසි කළමනාකරණය, කාර්යක්ෂමතාව, ඉතිරිකිරීම් ආයෝජනය නිසි අයුරින් යෙද වූ විට අධීක්ෂණය යහපත් නම් බලා සිටිය දී ඔබ මුදලින් වස්තුවෙන් දියුණු වේවි.

අලසකම කුසීතකම මඟහැර උදෑසනින් අවදි වී දවසේ කටයුතු හොඳින් සැලසුම් කර දියුණුව උදෙසාම ක්‍රියා කළ යුතු ය. ගිහි හෝ පැවිදි හෝ වේවා ඒ කුමන පක්ෂයට අයත් වුව ද තම අභිමතාර්ථ සාධනයෙහිලා පුද්ගලයා වෙර වීර්යය යෙදිය යුතු ම ය. මෙලොව දියුණුව උදෙසා කම්මැලිකම, හැරපියා උදේ අවදි වූ තැන් පටන් ලෞකික සම්පත් වර්ධනයෙහිලා බුද්ධිමත් තැනැත්තා උත්සුක වෙයි. පවුලේ ආර්ථික සුරක්ෂිත බව ඇතිකර ගැනීම භව භෝග රැස්කර ගැනීම, නුවණැත්තාගේ සිරිත යි. එහෙයින් තමාගේ සම්පත් දැක සම්පත් ඇතැයි යන සතුට ගිහියාට දැනේ.

නවම් අව අටවක

පෙබරවාරි 13 සඳුදා
පූ.භා. 09.44 න් අව අටවක ලබා
14 අඟහරුවාදා. පූ.භා. 09.03 න් ගෙවේ.
13 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 13

Full Moonඅමාවක

පෙබරවාරි 19

First Quarterපුර අටවක

පෙබරවාරි 27

Full Moonපසළොස්වක

මාර්තු  06

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]